( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අතුරු නියෝගයක් නිකුත් කළේය.
හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළ අතර එය මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු නිකුත් කරනු ලැබ ඇත.
පෙත්සම ලබන ඔක්තෝබර් 8 වැනිදා යළි කැඳවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
හිටපු පොලිස්පතිවරයා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
මෙම පෙත්සම ඊවා වනසුන්දර , ප‍්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරමු. දේශපාලනය කරමු. පගා ගහමු. නීතියෙන් ගැලවෙමු. රැකවරණය සොයමු. මෙහෙමත් පොලිස් නිලධායෙක්.
මේ තමයි ලංකාවේ යන අලුත්ම රැල්ල................
ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් සිදුනොකරන බරපතල ඝණයේ අව නීතික ක්‍රියාවකි. පොලිසි සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් අපරාධ සහ දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදුකරගෙන යන්නේ අදාල මහේස්ත්‍රාත් අධිකරණ වලට කරුණු වාර්තා කරමින් එම අධිකරණ වල සහාය ලබා ගනිමිනි. නමුත් එම ක්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝග පනවමින් බරපතල ලෙස අවහිර කරමින් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධකාරයන්ගේ ක්ෂේම භූමිය බවට පත් කර තිබේ