රංජන් කස්තුරි
එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් එජාප නායක රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින ‘වල පයයි - ගොඩ පයයි‘ ඇමැතිවරුන් ඉවත් කළ යුතු බව ද වසන්ත සේනානායක මහතා කීය.
ඉතා ඉක්මනින්ම එජාපයේ පැහැදිලි වෙනසක් නොවුණහොත් එජාප මන්ත්‍රීවරුන් තවත් පිරිසක් විශ්වාස භංගයට සහාය වනු ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්මල ගහල වත් එලවන්න බැහැ කියන එකේ හොඳම උදාහරණයකි .
බොහොම හොද වැඩක්, රෝයල් ගැන්සිය අයින්කරලා ,මහජනතාවගේ කැමැත්ත මත පත්වුනු , පොලවෙ පය ගසා ජීවත් වෙන , පොඩි මනුස්සයන්ගෙ දුක දන්න අයව පත් කරගන්න.රට දියුනු කරන්න,free wifi වලට වඩා අපිට ගොඩාක් ප්‍රශ්න තියෙනව.
ඔබතුමාලා රනිල්ට විරුධව විශ්වාස භංගයක් ගෙනාවට පොහොට්ටුව නම් චන්දෙ දෙන්නේ රනිල්ට පක්ෂව මොකද පොහොට්ටු නායකයා බලන්නේ නිතරම රනිල්ව ආරක්ෂා කරන්න
ලෝකය පිලිගනන නායකයෙක් එක්සත් ජාතික ප්‍රක්ෂයට ඉන්නවනේ. මෙයාලට ලොකු ඇමති කමක් දුන්න නම් සුවච කීකරුගෝලයෙක් වේවි. ජනතාව මේවා ගණන් ගත යුතුයි.
ඉතා ඉක්මනින්ම එජාපයේ පැහැදිලි වෙනසක් නොවුණහොත් 2020 එජාපය සෝදාපාලුවට යෑම වලක්විය නොහැකිය.
ඉස්සර තාත්තයි, පුතයි බුරුවෙක් අරන් ගමනක් ගියා. මගදී මිනිසුන් කට්ටියක් මෙහෙම කිව්වාලු. අර වයසක මිනිහා බුරුවා පිට උඩ නග්ගවාගෙන ගියානම් හොඳයි නේද? එවිට පියා බුරුවාගේ පිට උඩ යන අතර තව කට්ටියක් පුතා පිට උඩ ගියානම් හොඳයි කීවාලු. එවිට පුතා බුරුවාගේ පිට උඩ ගියාලු. මේක දැකපු මිනිස්සු තාත්තයි පුතයි බුරුවා ඔසවාගෙන ගියානම් හොඳයි කීවාලු. තාත්තයි, පුතයි බුරුවාව කකුල් බැඳ පොල්ලක දමා එල්ලන් ගිහින් බුරුවා මලාලු. සියල්ලන්ම සතුටුකරන්න බැරිය. තමාට වැඩකළ හැකි දෙයක් සිතිය යුතුය. එවැනි තනතුරු බාරගත යුතුය.
අද එජාපයේ ඉන්න නායකයෝ හිටපු වෙදගත් නායකයන්ටත් අගොඋරවයක් එජාපය හොද නායකයෝ හිටපු පක්ෂයක් අද නායකයා නිසා විනසලේ කෙළවරටම ගිහින්
මේකත් රඟපෑමක්.
මෙයාටත් විදේශ ඇමතිකම දුන්නනම් ඔක්කොම විප්ලව ඉවරයි.. සීයගෙත් නම කැත කරනව.
මෙතුමා පහුගිය රජයේ ඉන්න කාලයේ පවුල් පාලනයේ වෙනසක් කරන්න කතා නොකළේ ජීවිතයට ආදරේ කල නිසා වෙන්න ඇති.
ඇමති මණ්ඩලය අඩු කර වියදම් කපා හරින්න ජනතාව ඇමති කම් නැත්නම් විශ්වාෂ භංගය හොර දේශපාලුවා ලෙස්ලි හර්බට් විජේසිංහ
වසන්ත මහතාගේ තීරණය හරි. පක්ෂයේ වෙනසක් විය යුතුම තමා, වෙනසක් උනොත් හොද ශක්තිමත් පක්ෂයක් හදා ගන්න පුළුවන්, ඔබ තුමා ,සජිත් ප්‍රේමදාස මහතා ,නවීන් දිසානායක මහතා , හරින් ෆෙර්නාන්දු මහතා, හර්ෂ ද සිල්වා මහතා , රුවන් විජේවර්දන මහතා , බුද්දික පතිරණ මහතා , හොද නායකයෝ, සජිත් ප්‍රේමදාස මහතා නිස්සබ්දව කොච්චර වැඩ කරනවද,
එක්සත් ජාතික පක්ෂයේ අපි ඔබ සමගයි වසන්ත මැති තුමනි. රැඩිකල් වෙනසක් අවශ්යි.
වසන්ත සේනානායක මැතිතුමා මේ වෙලාවේ නායකත්වයට සහය දෙන්න තීරණය කිරීම වටිනවා.
ජයවේවා, එ්ත් මහින්ද එ්කාබද්ධයේ ඡන්ද රනිල්ට විරුද්ධව දෙන්න දෙන්නේ නෑ. මහින්දගේ ගැලවුම්කරු රනිල්,.. රනිල්ගේ ගැලවුම්කරු මහින්ද...
මොකක්ද මේ ඉල්ලන රැඩිකල් වෙනස? එතුමා ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂය මෙහෙයවනවා. ආසියාවේ හොඳම මොළය...
මේ අවුරුදු 2 ජනතාවට සේවය කරන්න. කඩිනම් සේවාවක් ජනතාවට දැනෙන... නායකත්ව වෙනසක් 2020දී කරන්න. දැන් වැඩ කෙරෙන්නේ නැත්තේ රනිල් නිසාමද?
මොහු අන්තිම වෙලාවේ එජාපයට පැන්නා. එජාප නායකත්වයේ වෙනසයි, අගමැති වෙනසයි කියන්නේ දෙකක්. අගමැතිට විශ්වාස භංග ගේන්න බෑ. ගේන්න ඕනෑ ආණ්ඩුවට. මෙයා ආණ්ඩුවේ නෑ. ඇමැතිකෙනෙක් ලෙස ඉඳගෙන ආණ්ඩුවට විශ්වාස භංග ගේන්න බෑ. එහෙමනම් නැහැ. ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා විපක්ෂයට යා යුතුයි. ප්‍රථමයෙන් එය කරලා පෙන්වන්න.. බොරුවට මහරාජාගේ සල්ලි අරන් බුරන්න එපා..
රනිල්ව ඉවත් කල යුතුය. නමුත් ඔය කියන විශ්වාස භංගය ගෙනේවිද? ජනතාව නොරැවටෙනු.!
විශ්වාසභංග ගෙනාවත් නැතත් ඊ ළඟ මහ මැතිවරණයෙන් පස්සේ රනිල් මැතිතුමා ගෙදර. ඊ ළඟට කරන්න තියෙන්නේ පක්ෂ නායකත්වය වෙනස්කර පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි.
2014 අගදී එජාප එකට ඇවිල්ලා අවුරුදු 2018 දී පක්ෂයේ නායකයින් පන්නන්න මෙයා කවුද? මෙයාව පක්ෂයෙන් පන්නලා දැම්මා නම් හරි...
බොරු චෝදනා කරනවා. රනිල් නොගියොත් අලියා අනාථයි.
අැයි පොහොට්ටුව නිශ්ශබ්ද? දාන්නකෝ විශ්වාස භංගයක්...
රනිල් යන්නේ පක්ෂය බින්දුවට ගිය දාටයි.
අපි නම් සජිත් ආවොත් උදව් කරනවා. බුද්දික හොඳ තරුණ නායකයෙක්. නවින්, හර්ෂ; එරාන්, මරික්කාර් , හරින්, වසන්ත, දිගම්බරම් පක්ෂය වෙනුවෙන් ඉස්සරහට ගත යුතුයි.
එක්සත් ජාතික පක්ෂය පසුගිය ප්‍රාදේශීය ඡන්දයෙන් දිනුවානම් අගමැති එළවීමට ඔබ ක්‍රියා කරන්නේද? පසුගිය 2015 ජනවාරි 8 වෙනිදාට පෙර ඔබ සිටියේ මහින්ද සමගිනි. ඔබේ නායකයා මහින්ද විය. ඔබ දේශපාලනය ගැන තේරුමක් නැති පුද්ගලයෙකි. නියම එජාප කාරයින් පක්ෂය සහ නායකයා ආරක්ෂා කරනවා මිස පක්ෂ මාරු කරන්නේ නැත. ඔබ අවස්ථාවාදී දේශපාලනය නොදත් කෙනෙකි. පොළොන්නරුවෙන් සහ නුවරඑළියෙන් තවත් ගෙම්බෙක් සිටී. ඔබ සහ අනෙක් නායකයා එලවීමේ කට්ටිය සුදානම් වන්නේ ඉල්ලන් කෑමටයි.
ඔබ දේශපාලනය ඉගෙන ගන්නේ පොලීසියෙන්ද? ඒ කට්ටිය දෙපැත්තෙන්ම ගාන ගන්න කට්ටියනේ. විශ්වාස කරන්න පුළුවන්ද? රටම විනාශයි.