උඩුවේ හිමියන්ට රටයන්න අවසර සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප්රචාරක කටයුතු සඳහා විදේශ ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (12) අවසර දුන්නේය. 12 December 2017
දකුණු පළාත් වැය ශීර්ෂ දෙකක් පරාජය කිරීමේ තීරණයක් දකුණු පළාත් සභාවේ අයවැය අද(12) ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී අමාත්‍යංශ දෙකක පමණ වැය ශීර්ෂ පරාජය කිරීමේ තීරණයක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ගෙන ඇතැයි දැනගන්නට තිබේ. 12 December 2017
ඉන්දීය ධීවරයෝ 23ක් අත්අඩංගුවට යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ඉන්දීය ධීවරයින් 23 දෙනකු සමග ට්‍රෝලර් යාත්‍රා 05ක් අද (12) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 12 December 2017
රජාවෙල ගොවිහූ විරෝධතාවක කරුණු කිහිපයක් මුල් කරගනිමින් මොරගහකන්ද ජලාශයට යටවන නාඋල කොන්ගහවෙල ග්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321කට අයත් ගොවීහු පිරිසක් නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල දී අද (12) විරෝධතාවක් කළහ. 12 December 2017
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් 58 වැනි සේනාංකාධිපතිව සිටි බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්කළ බව යුද හමුදා මුලස්ථානය කියයි. 12 December 2017
බස්නාහිර අයවැය සම්මත වෙයි බස්නාහිර පළාත් සභා අය වැය අද (12) වැඩි ඡන්ද 75කින් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 80ක්ද විරුද්ධව ඡන්ද 5ක්ද ලැබුණ අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මන්ත්‍රීවරු 17ක් සභාවට පැමිණ සිටියේ නැත. 12 December 2017
ගසක් උඩ සිට විරෝධය පෑ පුද්ගලයකු අත්අඩංගුවට අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට විරෝධය පා පුද්ගලයකු අද (12) පෙරවරු 8 සිට පැය දෙකක පමණ කාලයක් පොලොන්නරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අඩි 40ක් පමණ උස කෝන් ගසකට නැග සිටියදී අත් අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි. 12 December 2017
හෝමාගම රෝහලේ සිට සිසුවා සාපෙළට මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයකු මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී අද (12) සිදුවූ අනතුරකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් 12 December 2017
මිද්දෙණියේ වෙඩි තැබීමක් මිද්දෙණිය තලාව පාසල අසලදී මිට සුළු වේලාවකට පෙර (12) සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව මිද්දෙණිය පොලිසිය කියයි. 12 December 2017
කෝටි තුනක රන් අබරණ සමඟ අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස ගුවන් මගියකු උපයෝගි කරගනිමින් ඩුබායි සිට රැගෙන එන ලද රුපියල් තුන් කෝටි ලක්ෂ විස්සක් වටිනා රන් ආභරණ කිලෝ 5.07 ග්‍රෑම් සමඟ පුද්ගලයෙකු (34) කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබිණි. 12 December 2017
මන්ත්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත. 12 December 2017
මන්ත්‍රීන් ඇවිත් නෑ - ව්‍යවස්ථා සභාව විනාඩි 4 යි පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි. 12 December 2017
මධ්‍යම කදුකරයට තද වැසි - ඝණ මීදුමි තත්ත්වය නිසා ගමනා ගමනයටත් බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට අධික වර්ෂාව ඇදහැලෙමින් පවතී. 12 December 2017
සිසුන් ගැන සිතා සේවයට එන්නැයි ජනපති ඉල්ලයි අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන් සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය රියදුරන් ඇතුළු සියළුකාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක් කරයි. 11 December 2017
මාධ්‍ය පුරෝගාමීන් 10කට උපහාර ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙල ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11) පැවැත්විණි. 11 December 2017
පිළියන්දල ගබඩාවක ගින්නක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ තීන්ත හා රසායනික ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ ගින්නකින් ගබඩාව සම්පුර්ණයෙන් විනාශ විය.මොරටුව හා ගල්කිස්ස ගිණි නිවීමේ ඒකක පැමිණ ගින්න මැඩ පවත්වා ඇත. 11 December 2017
‘පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ’ - අතිරේක සොලිසිටර් ජනරාල් ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නාය. 11 December 2017
නිව්යෝර්ක් නුවර පිපිරිමක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රය ආසන්නයේ බස් පර්යන්තයක පිපිරිමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 December 2017
දළ පුට්ටාවගේ දළ කොළඹට රැගෙන එන්න කළ ඉල්ලීම ඉවතට අධිකරණය බාරයේ ඇති ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ යුගල සහ ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන යාමට අවසර දෙන්නැයි ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂවරයා මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීම මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරචිචි මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය. 11 December 2017
දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ වැඩට එති දුම්රිය වැඩවර්ජනයට එක්වී සිටි දුම්රිය අධීක්ෂණ කලමනාකරුවන්ගේ සංගමයට අයත් සියලු සංගම්වල සියලු සාමාජිකයන් අද (11) දින සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. 11 December 2017
දුම්රිය රියදුරෙකුගේ මාසික ආදායම 225,000 යි - නියෝජ්‍ය ඇමැති අතිකාල දීමනාද සහිතව දුම්රිය රියදුරෙකු මසකට රුපියල් 226,000 ක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 December 2017
ඉන්දියා ජාතික කොන්ග්‍රසයේ නායකත්වය රාහුල්ට ඉන්දීය ජාතික කොන්ග්රසය සිය පක්ෂයේ සභාපතිවරයා ලෙසින් රාහුල් ගාන්ධි තෝරා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (11 වැනිදා) නිවේදනය කළේය. 11 December 2017
මාස 11 ට ළමා අපයෝජන පැමිණිලි 8548 යි මේ වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි. 11 December 2017
කුරුණෑගල අධිවේගයේ උද්ඝෝෂණයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සඳහා රජය විසින් පවරාගත් ඉඩම් වලට නිසි පරිදි තක්සේරු වන්දි ගෙවීම් කටයුතු සිදු නොවන බවට පවසමින් ඉඩම් අහිමිවු පිරිසක් අද (11) කුරුණෑගල මල්පිටියේ දී විරෝධතාවයක නිරත වුහ. 11 December 2017
මඩකලපුවෙන් එච්.අයි.වී ආසාදිතයන් 31ක් ගතවූ මාස 11ක කාලය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 11 December 2017
හෙරොයින් ළඟ තබා ගත් කතට සිරදඬුවම් හෙරොයින් ග්‍රෑම් 11ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (11) ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 11 December 2017
සීඑස්එන් නඩුව පෙබරවාරියේ විභාගයට ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරී 14 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (11) තීරණය කළේය. 11 December 2017
විමල්ගේ මුල් නඩු වාර්තා මහාධිකරණයෙන් ඉල්ලයි නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරයාට අද (11) නියම කළේය. 11 December 2017
‘දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් වැඩ වරදී‘ - මාර්තු 12 පළාත් පාලන මැතිවරණයේ දී දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් ඔවුන් රටට හෙළි කරන බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. 11 December 2017
ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙක් ශ්‍රීලනිපයට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරු අද(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. 11 December 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026