(මනෝප්රිය ගුණසේකර)
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් මුදල් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිනපොත් මුද්‍රණය කොට රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් කළ බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතා අද (12) බාර දෙන ලදී.
අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව රුපියල් 25,000/- බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමටද විනිසුරුවරයා නියම කළේය.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ටය.
බරපතල සංචා සහ දුෂණ විමර්ශණ කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.
බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද දෙවන නඩුව වන්නේ මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව අහලා ඉවර වෙනකොට ආණ්ඩුවට ටිකට් එක හම්බවෙලා තියෙයි. සොරි ඩොට් කොම් කියලා ගෙදර යන්න වෙයි.
අය්යෝ බයවෙන්න දෙයක් නැහැ ! වියත් මග කට්ටිය මග එනවා!