චමිල් රූපසිංහ
දවුලගල - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්‍යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙඩි කඩන අතර වාරයේදි මල් වැලක අඹ ගෙඩියක් ඇති බව නිරීක්ෂණය වී තිබේ.
නිවසේ සාදා ඇති මල් වැලකට සම්බන්ධව අඹ ගෙඩියක් හට ගෙන ඇති බව තමන් දුටු බවත් එය නිරීක්ෂණය කිරීමේදී මල් වැලේ නැට්ටකට සම්බන්ධව අඹ ගෙඩිය සෑදී ඇති බවත් ඔහු පැවසීය.
මල්වැලේ හටගෙන ඇති අඹ ගෙඩිය බැලීම සඳහා බෝහෝ පිරිසක් පැමිණෙන බවත් එය කඩා දැමීමට තමන් උත්සහ නොකර බවත් ඉදිරියේදි තමන් අඹ අත්තක් මෙම මල් වැලට බද්ද කිරීමට අදහස් කරන බවද ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අනිවාර්යයෙන් බද්ධ කරපු ශාකයක් වෙන්න ඕනේ , මෙම වර්ගයේ මල් වැලක් මම දුටුව මුල්ම වතාව මේ
පොඩි මඩුවක් අටවගෙන පිංකැටයක් නිකමට තියල 'මල්වැලේ අඹගෙඩිය හාස්කම් සහිතයි' කියලා පොඩි ප්‍රචාරයක් දුන්නනම් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. කලකට ඉහත මීවැල්ලෑව එහෙමත් තිබුණෙ.
ගහක් කොලක් ගැන දන්න මිනිස්සු මේවා දැකලා හිනාවෙනවා...
ඊයේ මේ අධ්‍යපන අධ්‍යක්ෂවරයා විසින් ශාක සම්බන්දව දන්නා පුද්ගලයෙකු ගෙන්වා මෙය නිරීක්ෂනය කර බලා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ අසල ඇති අඹ අත්තක ගෙඩියක මෙම මල් වැලේ කොටසක් එතී ඇති බවත් ක්‍රමක් ක්‍රමයෙන් මෙම අඹ ගෙඩිය මවු ශාකයෙන් ඉවත්වි මල් වැලේ සාරයෙන් අඹ ගෙඩිය පෝෂනය වි ඇති බවය. අඹ ගෙඩිය කපා බැලු පසු එහි ඇටය ඉතා කුඩා වි ඇති අතර අඹ සුවද මදක් ආ බවත් ගෙඩියේ මද ඉතාම සුදු පැහැ ගැන්වි තිබු බවත් ඔවුන් මා හට පැවැසුවා. මවු ශාකයෙන් වෙන්වු අඹ ගෙඩිය වර්ධනය වි ඇත්තේ මල් වැලේ සාරයෙනි.