සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් අද (12) රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කතරගම පොලිසීය පවසයි.
නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී ඇත.
රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන බව පොලිස් ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව අද රාත්‍රීයේ පරීක්ෂණ ආරම්භ කළේය.
ඡායාරූපය - වසන්ත චන්ද්‍රපාල


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.