සුජිත් හේවාජුලිගේ
සියලුම අමාත්‍යංශ ලේකම්වරු අද (12) පාර්ලිමේන්තුවට කැඳවනු ලැබූහ.
අමාත්‍යංශ ලේකම්වරුන් පාර්ලිමේන්තුවේ අලුත් ස්ථාවර නියෝග පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය.
අමාත්‍යංශ ලේකම්වරු හා තවත් උසස් නිලධාරීහූ 150 කට වැඩි පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් ස්ථාවර නියෝග පිළිබඳ මෙම දැනුම්වත් කිරීම කළහ.
පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා අලුත් ස්ථාවර නියෝග මාලාවක් සම්මත කර ගැනුණේ මෑතකදීය.
පාර්ලිමේන්තුවේ අලුත් ස්ථාවර නියෝග පිළිබඳව ඉදිරියේදී අනෙකුත් රජයේ නිලධාරීන්ද දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ජනතාවට කතා කරන්නේ කවදද රුපියල් 5 ට බත් එකක් කාලා යන්න පාර්ලිමේන්තුවේ ආපන ශාලාවෙන්.