(රොමේෂ් මධුෂංඛ)
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය.
එසේ යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන බැතිමතුන් පිරිසක් කැළෑ මාර්ග ඔස්සේ පයින්ම ගමන් කරමින් යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි, කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම දේවාලයේ කොඩි එසවීමේ මංගල්‍යය වෙත ගමන් කරන අයුරු දැක ගැනීමට ලැබේ.
උහන ප්‍රදේශයේ සිට ලඳු කැළෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94 ක දුරක් ගමන් කරමින් කතරගම දේවාලය වෙත පිවිසීමට මෙසේ කතරගම දක්වා ගමන් කරන බැතිමතුන්ට සිදුව ඇත.
කතරගම දක්වා ගමන් කරන උතුරේ බැතිමතුන් ජූලි 13 වැනි දාට පෙර ගමන් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී කතරගම දේවාලයේ පැවැත්වීමට නියමිත කොඩි එසවීමේ මංගල්‍යයට සහභාගී වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දර්ශනීය රූපසටහනක්.. මිනිසුන් විසින් දුරස් කල ලොව දෙවියන් විසින් ලංකරයි..
නුඹලාට දෙපා වාරුව ලැබේවා. මිනිසාගෙන් නොලැබෙන දේවල් අදහන දෙවියන්ගෙන් වත් ලැබේවා.!
මේ මිනිස්සු දිහා බැලුහම හිතට එන්නේ මේ දෙවියන් තම අනුගාමිකයන්ට පිහිටක් වෙන්නේ නැතුවද මන්දා. තිස්තුන් කෝටියක් දෙවියන් අදහන යදින විදියට ඉන්දියාව අද දිවිය ලෝකයක් වෙන්න එපැයි. හැබැයි මිහිපිට අපායක්. අද සුර ලෝක වගේ තියන එක රටකවත් 50%ක් වත් දෙවියන් හෝ කිසිම ආගමක් අදහන්නෑ. කැනඩාව, ස්වීඩනය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, පින්ලන්තය, බෙල්ජියම මීට නිදසුන්.
මේ මෝඩයින් පාරේ අයින්වෙලා ගියානම් හොඳයි, නැතිනම් ලංකාවේ විනීත රියදුරන් මෙයාලාව යටකරගෙන යයි.
වටිනා කාලය මෙලෙස කා දැමීම ප්‍රායෝගික දෙයක් නොවුනට ඔවුන්ගේ භක්තිය හා කැපවීම අගය කල යුතුයි ..
වෙසක් කාලෙට සෝබනේට දන්සල් දෙන උදවිය මේ අයට කෑම ටිකක් තේ ටිකක් දෙන්නවත් නැද්ද ?
මේ කාර්පට් කරපු පාරේ කොහෙද ලඳු කැලෑ
අමන දේශපාලකයෝ රන් වන් කසී සළු පිලි මුදා හැර පියා තබාලා දේශනා කරන සංහිඳියා වේ හෙලුවට මේ අහිංසක මිනිසුන් ගෙන් කදිම අතුල් පහරක්.
මේ කරන කැපකිරීම වෙනුවෙන් ඔබලාට දෙවියන්ගෙන් මොනවද ලැබිලා තියෙන්නේ. මෙතන ඉන්න බහුතරයක් පේන විදියට සාමාන්‍ය පවුල් වල මිනිස්සුනේ. අපට ජීවත් වෙන කාලය තුල මිල මුදල්, පවුල්, ගේ දොර ,ලෙඩ වැනි සියලු එකී නොකී ප්‍රශ්න වලට මුණ දෙනවනේ. දෙවියන් වෙනුවෙන් මෙතරම් කැපකිරීමක් කරලත් මෙවැනි දේ සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා නම් අප ඒ වෙනුවෙන් කැප කරන ශ්‍රමය, කාලය, මුදල්, අපරාදේ නේද. අනික මේ ලෝකයේ විවිධ ආගම් වල සිටින ලෝකයක් සහ එකී නොකී සෑම දෙයක්ම මවන්න හැකියාව තිබු දෙවියන් පවා මිනිසුන්ගෙන් වසන් වෙලා ඉන්නේ ඇයි මිනිසුන් ඉදිරියට නොපැමිණෙන්නේ ඇයි. එසේ නම් නොපෙනෙන දේවල් වෙනුවෙන් අපගේ කාලය වැය කිරීම අපරාදේ නේද. පරම්පරාවෙන් ලැබෙන නිසා නොකොට බුද්දියට ඉඩ දෙන්න.
මේ මිනිස්සු මෙම පාද යාත්‍රාවේ එන්නේ සතුටින්. ඉතින් තව මොනවද?
මහජන නියෝජිතයන් නාස්ති කරන මුදල්වලින් මේ මිනිසුන්ට බස් සේවයක් ලබා දෙන්න බැරි ඇයි?