(මොහොමඩ් ආසික්)
තැපැල් සේවක ගැටළු විසඳීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති නිසා තමන්ව විශ්වාස කර සේවයට වාර්තා කරන්නැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්.ඒ හලීම් මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටින තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.
තැපැල් වෘත්තිය සමතිවල මෙහෙයවීමෙන් ඊයේ (11) සවස සිට ක්‍රියාත්මක වී ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හලීම් මහතා මෙසේද කීය.
‘‘වෘත්තිය සමිති වැඩියෙන්ම තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේයි. වර්ජනයක් ගැන කතා කරන කොට හැමෝගෙම මතකයට එන්නේ තැපෑලයි.
නමුත් අපේ රජය බලයට පත් වුණාට පස්සේ මේ සේවකයින් එතරම් වර්ජනයේ යෙදිලා හිටියේ නෑ. ඒකට හේතුව අපි ඔවුන්ගේ ඉල්ලිම් ගැන හොයල බලල අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
ඇත්තටම කියනවානම් අපි පවුලක් හැටියටයි කටයුතු කරන්නේ. මම මේ අයගේ ප්‍රශ්නය පිළිගත්තා.ඒවගේම එම ගැටළු විසඳන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට යෙදී සිටින පිරිස පසුගිය පළමුවන දා පැවැති සාකච්ඡාවට සහභාගි වුණා. මේ ප්‍රශ්නය විසඳන බව ඒ අය දන්නවා.නමුත් මොනයම් හෝ හේතුවක් නිසාදෝ මේ අය වෘත්තිය ක්‍රියාමාර්ගයට බහින බවයි අපට හිනෙත්නේ.
එහෙම කරන්නේ නැතිව මේ ගැටළුව තව සතියකින් විසඳන්න බලාපොරොත්තු වන නිසා සේවයට වාර්තා කරන ලෙස අපේ සහෝදර නිලධාරින්ගෙන් මම ඉල්ලා සිටිනවා.
අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඇති වුණ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේවා කාලාන්තරයක් තිස්සේ තිබුණ ප්‍රශ්න.අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේ ප්‍රශ්න විසඳන්න යම පියවරක් අරගෙන තියෙන්නේ.
නමුත් අපේ ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳිම සඳහා සියලු පාර්ශව එක මේසයට ගෙනල්ලා සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තියලා සියලු දෙනා සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව වැඩට යමල්ලා...
මේ රටට වදදෙන පිස්සු බල්ලන් ගෙදරම යවන්න.
අපි ඇමතිවරුන් ගැන නම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි, මෙතන නම් බළල් අත් ක්‍රියාත්මක වෙන බව පේනවා. නැත්නම් සාකච්චා වලදී එකඟ වෙලා ගිහින් වර්ජනය කරන්නේ ඇයි?
ඔයගොල්ලෝ විශ්වාස කරලා 2015දී නාගත්තා හොඳටම ඇති. මිනිස්සු රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැත.
තැපැල් ඇමතිට; ලොකු බුද්ධිමතුන් ඉන්න ලංකාවේ ඇයි තැපැල් පාඩුයි කියන්නේ. එම දෙපාර්තමෙන්තුවේ නොහැකියාව, උනන්දුව නැතිකම, පඩිය ගත්තා ගෙදර ගියා, ආයතනය දියුණු කිරීමට කිසි කෙනෙක් ගේ ආයතනයට ආදරය,සේවය හරියට නොලැබීම. තැපැල් දෙපාර්තමේන්තුව දියුණු කිරීමට ක්‍රියාදාමයන් කොපමණ තියනවද ? තැපැල් මලු සහ පාර්සල් විතරක් නොවේ .
මේ ආණ්ඩුවේ ඉන්න කාවවත් මිනිස්සු විශ්වාස කරන්නේ නැති කොට කවුද ඔබතුමාව විශ්වාස කරන්නේ?
විස්වාස කොරන්න පුළුවන් දේශපාලන ලොක්කෝ හිටියේ ඉස්සර කාලේ. ඔයිට වඩා මේ විධායකේ අවලංගු කොරනවා කියලා කී දෙනෙක් පොරොන්දු වුනාද? මේ කාලේ එක දෙශපාලුවෙක් වත් තඹේකට විස්වාස කොරන්න බැහැ.
අනේ අනුකම්පා කර වැඩට පැමිනෙන්න.
යන්නනම් එපා... පස්සේ මතක නෑ කියයි.
නව විද්‍යාත්මක තාක්ෂණික දියුණුව සමඟ සන්නිවේදන පහසුකම් සරල සහ බහුලවීම නිසා තැපෑලේ කටයුතු ක්ෂයවෙමින් පවතියි. තැපෑල හා බැඳී ජාතික ඉතිරි කිරීමේ අංශය ජා.ඉ .බැංකුව වෙත පැවරුණා. විදුලි සංදේශ අංශය ටෙලිකොම් නමින් වෙන්වුනා. ජංගම දුරකථන නිසා ලිපියක් ලිවිම අනවශ්‍ය දෙයක් . අඩුම තරමින් පෙම්වතුන් පෙම්වතියන් ලියුමක් ලියන්නේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික අංශ තම ලිපි හුවමාරු අන්තර්ජාලය හරහා ඉටුකර ගනී. තැපෑලේ ස්වභාවය එයයි. පඩිය රැගෙන ගෙදර යාම කෙසේවෙතත් මග නැසීමට සිදුව ඇත.