අජන්ත කුමාර අගලකඩ
යුද සමයේ ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම යටතේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ටද වන්දි ගෙවීම සඳහා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමති ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඇමතිවරුන් කිහිප දෙනෙකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
යුද්ධයේදී මිය ගිය සිවිල් වැසියන්ට , හානි වු ආගමික ස්ථානවලට හා ගැටුමින් මිය ගිය එල්.ටී.ටී.ඊ සටන් කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමට අවසර ඉල්ලා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
ස්වාමිනාදන් ඇමතිවරයා මීට මාස කිහිපයකට ඉහතදී ද මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එහිදී ද ඇමතිවරුන් විරෝධය පළ කර තිබේ.
මෙම කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡාවට ගත් අවස්ථාවේදී ඊට විරෝධය පළකර ඇති ඇමතිවරයෙකු ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා , ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක යන නායකයින් ඝාතනය කරන ලද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් වෙනුවෙන්ද මෙම වන්දි මුදල් ගෙවන්නේ දැයි ප්‍රශ්න කර ඇති බව දැන ගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණන් ලංකාවේ ජනයා මරා දැමුව කොටි සාමාජිකයන්ට කිසිම වන්දියක් ගෙවන්න එපා. සරණාගතයින්ට උදව් කරන එක තමා හොඳ. කොටිනිසා ලංකාවේ ප්‍රගතිය ඇති වුනේ නැහැනේද. යුද්ධය අවසානයෙන් පසු පුන්රුප්තපන්ය මුවාවෙන් ලංකාවේ හොරුත් වැඩිවුණා.
මොලයක් කියලා දෙයක් තිබෙනවානම් ඇමති කීප දෙනෙක් විතරක් නෙමේ මහා පුටු දෙකත් විරුද්ධ වෙන්න ඕන.
සමහර කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීම සාදාරනයි සිතමි. ස්ව කැමතෙන් නොගිය කණ්ඩායම්. සමහරවිට.
අලි මඳිවට හරක් කියන්නේ මේවගේ දේවල් වලට තමයි. "ඇලෝසියස් භීතිකා" නාඩගම අවසන් වෙන්නත් කලින් ආයෙත් "කොටි නාඩගම" පටන් ගත්තා. සති දෙක තුනක් කනක් ඇහිලා ඉන්න ලැබෙන එකක් නැහැ.
නියමයි, මරේ මරු, මේ රට විනාශ කල ත්‍රස්තවාදීන්ට අපේ සල්ලි දෙන්න? අමු කැවිලද?
මේක මොන ආණ්ඩුවක්ද.. ත්‍රස්තවාදීන්ට වන්දි , රට බෙර ගත්ත හමුදාවට විශ්‍රාම වැටුප් නෑ. බස් කීයක බෝම්බ තිබ්බද.කෝච්චි බෝම්බ. මහා බැංකු බෝම්බ... සිංහල , මුස්ලිම් ගම්මාන කොච්චර විනාස කලාද. සාමාන්‍ය මිනිස්සු කොච්චර මැරුවද. අපේ සහෝදරයන්ව අමු අමුවේ බස් බෝම්බ තියලා මරපු එකට අපි වන්දි ගෙවන්න ඕනේ.. අපේ බදු මුදලින්..
මේක මාර ඉල්ලීමක්නේ. කව්රු හරි මිනිහෙක් මැරුවහම මහජනතාව එයාගේ පවුලට වන්දි ගෙවන්න ඕනෑ. ආර්මි එක මහජනයාගේ ආරක්ෂකයින්... ඒ අය නීතියනුකූලයි. මැරයෝ නෙමෙයි. කොන්ද පණ තියන ඇමැතිවරුත් ඉන්නවා. ඔබට ප්‍රණාමය!!!
බලයට තියන ලෝභ කමෙන් ත්‍රස්ත වාදීන්ට වන්දි ගෙවන්න මේ යහපාලනය දෙවරක් හිතන්නේ නැහැ. ලෝකයෙන්ම පුදුම රටක් මේක... අහිංසක මිනිසුන් දහස්ගණක් මරපු කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න එපා කියපු ඇමතිවරුන්ට බොහොම පින්...
රටේ මෙච්චර නාස්තිකාර වැඩ වෙද්දී, ඇමතිවරු ප්‍රසිදියේම හොරා කද්දී, වන්දියක් දුන්නම් මොකද වෙන්නේ ?? අපිට ඕන සාමය !!! උබලට යුද්දේ ඕන උනාට !!!
ත්‍රස්‌තවාදයට පක්ෂව කටයුතු කිරීම යටතේ ජනාධිපතිවරයාට මෙම ඇමති අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කල හැකියි. ඒත් එවැන්නක් සිදුවී නැහැ. මෙම ඇමති කර තියෙන්නේ සුළුපටු වරදක් නොවෙයි. අඩුම තරමෙන් මොහුට විරුද්ධව විනයානුකුලව හෝ පියවක් ගත යුතුයි.
" රට කෑ හැත්ත ගැන කරමින් ආලේ " " පුදුමයි ඇමතියා රඟ දක්වන තාලේ " " නීති දෙව් දියණි නින්දේ ඇති කාලේ " " නටපන් හොඳට උඩ පැනපන් රළු බාලේ "
අනේ දෙයියනේ රටකට ගිය කලක්.
මේ අයට ත්‍රස්තවාදී අතකොලු වෙලා ඉන්නවා හැරෙන්න සජීවනයෙන් ජීවත් වෙන්න කිසිම කල්පනාවක් නැහැ! සමහර සිංහල ජාතිවාදීන් වගේ මස් රාත්තලම තමයී ඉල්ලනේ.
තස්ත්‍රවාදී කණ්ඩායමක් කියල මෙයට අමතක වෙලාද? අරන්තලාවේ භික්ෂු ඝාතනය අමතකද, දළදා මාලිගාවට කළ විනාශය, මහා බැංකුව. වගේ අපේ ජනපති ප්‍රේමදාස මහත්මය ඇතුළු තවත් ප්‍රභූවරු ඉන්දීය අගමැතිතුමා, මෙවන් අයටද වන්දි දෙන්නේ?
ත්‍රස්තවාදීන් වෙනුවෙන් වන්දි ගෙවන්න යෝජනාවක් හරි ඉදිරිපත් කරපු එකම රට ලංකාව වෙන ඇති යෝජන්වට විරෝධය දක්වපු අයට අපගේ ප්‍රණාමය
ඇමතිවරුන්ටත් වන්දියක් ගෙවනවා නම් වීරෝධය පළකරන්නේ නැතෝ..............
එතකොට මරපු අහිංසක මිනිස්සුන්ට වන්දි නැද්ද? ඔය විෂයෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
මේ විදිහට මේ ඇමති පළාතෙන් එලවූ සිංහලයන් නැවත පදිංචි කිරීමක් කරන්නේ නැතිව ඇති.
ඇමරිකාවේ ඇමති කෙනෙක් මෙහෙම ඉල්ලීමක් කලානම් , ඇමතිට ඇමතිකම් කිරීම කෙසේ වෙතත් ජීවිතාන්තය දක්වා හිරේ යන එක නම් සිකුරුය , පිලිපිනේ එහෙම ඉල්ලීමක් කලානම් එදාම වෙඩි තබා මරල දාවි, සවුදියේ නම් හිස ගසල දාවි, ලංකාවේ නම් කිසිම කරදරයක් නැතිව ප්‍රාඩෝ එකේ නැගල ගෙදර යන්න පුළුවන්.
කාලකන්නි කොටි නිසා කොච්චර මිනිස්සු අදටත් දුක් විඳිනවද? මූණ පෙන්නලා යටින් අපිට වැඩේ දෙන්නයි හදන්නේ....