එෆ්.අස්ලම්
උතුරු සංවර්ධන නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.
හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු ධර්මය පිළිබද අල්ප මාත්‍ර දැනුමක් හෝ නොමැති අයෙකු හට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
මෙතුලින් රජයේ වගකීම් විරහිත බව ඉස්මතු වන බවත් රජය සිටින්නේ කොතනද යන්න රජය හෝ නොදැනීම විමතියට කරුණක් බවද සිද්ධාර්ථන් මහතා කීය.
මෙකී අමාත්‍යධූර පිරිනැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිධාර්ථන් මහතා මේ බව කියා සිටියේය.
මෙම පත්කිරීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය මෙන්ම දෙමළ දේශපාලන ධාරාව තුළත් දෙමළ ජනතාව තුළත් රජය කෙරෙහි විවේචනාත්මක සංවාදයක් පවතින බවත් හින්දු කටයුතු විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් මන්ත්‍රීවරයා අවසන් වශයෙන් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධරමලිංගම් අපිත් 2014 හා 2015 දී ඔය වැරද්දම කළා.
එහෙම නම් බුද්ධ ධර්මය ගැන කිසිම දැනීමක් නැති මැති උප ඇමතිලා ඕන තරම් ඉන්නේ
ආණ්ඩුවට මොලයක් තියෙනවද කියල බලන්න ඕන.
මේ ආණ්ඩුවේ ලොක්කන්ට හැබැවටම අමු කැවිලද කොහෙද. අහ්, සමහරවිට විද්‍යාත්මක පදනමක් වෙන්න ඇති.
ඇත්තටම මේක හිනාකාල මැරෙන වැඩක් නේද? දෙවියන් වහන්සේ ලොව එකම දෙවියන් ලෙසත් එසේ නොපිළිගන්නා අය කෆීර් හෙවත් බොරුකාරයන් හැටියට සලකන ආගමිකයෙක් වෙනත් දේව ආගමක් භාරව කටයුතු කිරීමට සැලැස්වීම හිතා මතා කරන මදි පුංචි කමක් නේද? මෙවැනි දෙයක් ඉන්දියාවේ වුනානම් කොහොමද? ආගම අබින් කියන දේශපාලන පක්ෂයක්වත් මෙවැනි දෙයක් නොකරනු ඇත.
දිව්රුම් දෙනවා දැක්කහම මටත් හිතා ගන්න බැරුව ගියා මේ අපබ්‍රංශය. අපි බෞද්ධයන් වශයෙන් ද්‍රවිඩ ජාතිකයෙක් අපේ උප ඇමති වෙනවට අපි කැමතිද? මේක නම් ගැලපෙන්නේ නැහැ. අපිට නොතේරෙන විද්‍යාත්මක පදනමක් තියනවද මන්දා...
සහතික ඇත්ත. මේක විකාරයක්... මහනායක ධුරයට මේ විදිහට ගියොත් බදුර්දීන් උන්නැහේව පත් වේවි!
සම්පුර්ණ ඇත්ත. හින්දු ආගම සඳහා පත්කළ යුත්තේ හින්දු බැතිමතෙක්. මේ ආණ්ඩුවේ සාමාන්‍ය දැනීම නිල්
හින්දු දේවස්ථාන පවත්වාගෙන යන්නේ කිසිදු මස් මාංස අනුභවයකින් තොරව ඉතා පිරිසිඳුවයි. එවන් ආගමක කටයුතු සඳහා වෙනත් ආගමක කෙනෙකු නියෝජ්‍ය ඇමති කෙනෙක් ලෙස පත් කිරීම ඉතාමත් බාල ක්‍රියාවක්. මෙය වහාම වෙනස් කොට ඒ සඳහා හින්දු ආගමික කෙනෙකු පත් කල යුතුයි.
කෑ ගහන්න එපා, විද්‍යාත්මක පදනම.
ඉර - සඳ පවා අලුතින් දකින්න උත්සාහ කරන මිනිසුන්ට හින්දු ආගමික සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිකම් වෙනත් ආගමිකයින්ට ලබාදීම තර්කයට එකඟවුවත් එය මහදැන මුත්තාගේ තීරණයකි. නවීන විද්‍යාත්මක මතවාද සමග තර්ක කරන මානවයා ආගම සහ ජාතිය පිලිබඳ ප්රශ්නයේදී අන්ධ ගොළුවෙකු ලෙස හැසිරෙයි. රජය මෙම පත්කිරීම් සමග අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගනිමින් සිටියි.
මේක විද්‍යානුකූලයි. මොකද හෝමෝ සාපියන්ල නේ.
මේක විද්යනුකුලයි.
විද්‍යාත්මක පත්වීම් ? ෂා....
මේ තනතුරට ඉතාම සුදුසු කෙනා වන්නේ කාදර් මැතිතුමා.....
අනේ ඇත්තද මම දැනුයි දැක්කේ පත්තරෙන්. මේක සහෝදර හවුලේ කුමන්ත්‍රණයක්. සංහිදියාව වෙනුවෙන් මම මේක වහා වෙනස් කරනවා.
කොහොමත් කාදර් මස්තාන් හින්දු කටයුතු අමාත්‍යධූරයට ගැලපෙන්නේ නැහැ. නමුත් තමන්ගේ සහෝදර අන්ගජන් රාමනාදන්ව නියොජ කතානායක දුරයට පත් කරන්නත් දෙමළ ජාතික සන්ධානය විරෝධය පල කළා.
යහපාලනයට කඩේ ගිය කාටවත් කෑ ගහන්න අයිතියක් නෑ. මේකට තමා විද්‍යාත්මක ක්‍රමය කියන්නේ
ආණ්ඩු තිබෙන්නේ ජනතාව වෙනුවෙන්. ආගම් වල අදාල නායකත්වයන් තිබෙනවා. එහෙව් එකේ, ආගම් වෙනුවෙන් මැතිඇමතිකම් කිසිසේත් අවශ්‍ය නැති බවයි මට නම් හැඟෙන්නේ. එවන් තනතුරු නිසා නිතැතින්ම වර්ගවාදී ආගම්වාදීකම් ඉස්මතුවෙනවා. මෙතැන සුදුසු නුසුදුසුකම් පවා ඉස්මතුව්ව්ලා තියෙන්නේ ඒ නිසා. තවද ඇමතිකම් කිහිපයක් කපාහැර ඇමතිමණ්ඩලය අඩුකිරීමෙ හැකියාවද පවතිනවා. ප්‍රදේශයක ජීවත්වන ජනඝනත්වයට සාපේක්ෂ පාර්ලිමේන්තු නියෝජනය දැනටමත් පවතිනවා.