අල්ලස් ගත් බීට්ටු නිලධාරියා අත්අඩංගුවට
වව්නියාව නැදුන්කර්නි ප්රදේශයේ රජයට අයත් ඉඩමක ගස් කපා ශූද්ධ පවිත්ර කිරීම වෙනුවෙන් නීති මගින් කටයුතු නොකිරීමට පුද්ගලයකුගෙන් රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් නැදුන්කේනි අඩවි වන කාර්යාලයේ බීට්ටු නිලධාරියකු අද (08) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව අත්අඩංගුවට ගනු ලැබීය.