ජුලි මස විසි හතරවැනිදා මිලානෝ නගරයේ වීදියක තම ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහරදී, අතපයට බරපතල හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මුලස්ථානය වාර්තා කරයි.
පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසි හතරවැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි හතළිස් දෙහැවිරිදී ශ්‍රී ලාංකිකයකුට, සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් සිංහල කතාව නතර කරන ලෙස පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.
මෙම අවස්ථාවේ තර්ජනකරු නිරායුධ කිරීමට දැරූ උත්සහයේදී ශ්‍රී ලාංකිකයා බිම ඇදවැටී ඇත. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කළහකරු ශ්‍රී ලාංකිකයා මතට පැන පහරදී, අතට සහ පාදයකට බරපතල හානි සිදුකර පලාගොස් ඇත.
පසුව පොලීසිය සහ ගිලන්රථ සේවා මැදහත්වීමෙන් තුවාලකරු මිලානෝ නගරයේ ප්‍රධාන රෝහලකට ප්‍රථමාධාර සඳහා ඇතුළත් කර ඇති අතර, සිද්ධිය දුටුවන්ගේ සාක්කි මත පහරදුන් ඉතාලි ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. මොහු නාපෝලි ප්‍රදේශයේ කසෙර්තා නගරයේ පදිංචි පනස් හැවිරිදී පුද්ගලයකු බව හෙළිවී ඇත.
පහරකෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ එක් අතක වැලමිටේ සහ පාදයක දණහිස කටු පුපුරා ගොස් ඇති බැවින් දින හතළිහක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවීමට සිදුව ඇති අතර, පහර දුන් ඉතාලි ජාතිකයා ඇප මත මුදාහැර ඇති බව මිලානෝ පොලිසිය වැඩි දුරටත් කියයි.
(කල්ප ගුරුගේ මිලානෝ සිට )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ ගුටිකාපු එක්කෙනා .....
එහෙ හිටපු අනිත් අය වගේ මෙයාටත් තිබුණේ එංගලන්තයට යන්න. එහෙදි ඔය කරදර මොනවත් නැහැ. රස්සාවක් නැත්නම් ආණ්ඩුවෙන්ම ගෙවල් දෙනවා වියදමට ගානකුත් හම්බ වෙනවා. දහදුක් විඳලා ඉතාලියට ගිහින් එතැනින් එංගලන්තයට ගිය අය ඔය ඉන්නේ සෆාන් එකේ. කිසි අවුලක් නැහැ. ඉතාලියේ ඉඳල ගිය අනිත් ලංකාවේ අයගෙන් හැර වෙන කාගෙන්වත් ගුටිකාලා අතපය කඩා ගන්න වෙන්නෙත් නැහැ.
ඉතාලි නීතිය හරිම ලිහිල්නේ. අපේ රටේ ඕක වුනානම් ඇප ලැබෙන්නේ නැහැ. පහර දීමකින් ඇටකටු කැඩුණ නම් ඒක බරපතල තුවාල කිරීමක් ලෙසයි සලකන්නේ අනික වින්දිතයාට දවස් 7 කට වඩා රෝහල්ගතව ඉන්න වුණොත් එකත් බරපතල තුවාල වීමක් ලෙස සලකන නිසා ඇප ලැබෙන්නේ නැහැ.
අපේ එක්කෙනා කරපු වැරැද්ද සිංහලෙන් කතා කිරීම පමණක්ය කියල හිතන්න අමාරුයි. ඊට වැඩි යමක් සිද්දවෙලා තියනවා.
කොයි රටෙත් ඕක තියෙනවා . වෙනත් භාෂාවලින් කතා කලාට වරදක් නැහැ. නමුත් සිංහලෙන් හරි දෙමලෙන් හරි කතා කරන අය කතා කරන්නෙ ලංකාවටම ඇහෙන්න. අපිටත් අහගෙන ඉන්න අප්පිරියයි. සිංහලෙන් කතා කරන ඒවා නම් තේරෙන හින්ද කමක් නැහැ කියමුකො. ප්‍රශ්නෙ තියෙන්නෙ භාශාවෙ නෙවෙයි. කතා කරන විලාශයෙ. දුම්රිය, සුපර්මාකට් වගේ තැන්වලදි කතා කරනකොට හෙමින් කතාකරන්න පුරුදු වෙනවනම් කාටවත් ප්‍රශ්නයක් නැහැ.
සුද්දන්ගේ රටවල කළු ජාතිකයන්ට අපහාස කිරීම තමයි වැඩිපුර සිදුවෙන්නේ මෙවැනි ඉදඳහිට සිදුවෙනවා. මාකට් එකේදී බඩු ටිකක් වැඩිපුර ගත්තත් පොලීමේදී හුගක් සුද්දෝ කුටු කුටු ගාලා කියවනවා.
බලන් යනකොට ඒ රටවල නීතිය තියෙන්නේ පිටින් ආපු අයට විතරයි.
සිංහලෙන් හරි දෙමලෙන් හරි කතා කරන අය කතා කරන්නෙ ලංකාවටම ඇහෙන්න. එය හරි අනෙකුත් අය ගැන තැකීමක් නැහැ දුම්රිය, සුපර්මාකට් වගේ තැන්වලදි කතා කරනකොට හෙමින් කතාකරන්න පුරුදු වෙනවනම් කාටවත් ප්‍රශ්නයක් නැහැ.
සිංහලෙන් කතා කලාට ගහන රටක් මේ තුන් ලෝකේ නැහැ. හැබැයි පිටරටකදී තමන්ගෙ වෙනත් භාෂාවක් කතා කරද්දී අනුන්ට කරදරයක් නොවෙන්න කතාකරන්න දැනගන්න ඕනේ. අපේ සමහරු කතා කරද්දී ගහලා මදි කියලත් හිතෙනවා.
රෝමෙට ගියාම රෝමන්වරු මෙන් හැසිරිය යුතුය.
අපි හතරක් දවසක් උමං දුම්රියෙන් සිංහලෙන් කතා කරමින් යනවිට සුදු කතක් අපෙන් ඇහුවා මොකද ඔබලාගේ භාෂාව? සින්දුවක් කියනවා වගේ ඇහෙන්නේ කීවා. කොහොම උනත් යුරෝපයේ විදේශිකයන්ගෙන් පිරිලා නිසා බහුතරයක් කේන්තියෙන් ඉන්න බව නම් ඇත්ත
මේක මේ ඉතාලියේ පමණක් නොවෙයි අද ජර්මනියේද උදාවෙලා තියන තත්වයක් බව ඉතා කණගාටුවෙන් සඳහන් කරමි ..
රත්නායක නියම තැනට ඇනේ ගැහැව්වා. හරිටම හරි. සිරිමල් ගේ කතාවට මට හතර හිනා. නිකම් ගෙවල්? එය පුර වැසියන්ට පමණි.
මෙවැනි දේ කරන්නේ මානසික රෝගීන්. අපේ රටේ සමහරුන් මේකත් ප්‍රයෝජනයට ගනියි දේසපාලන වාසියට.
ෆෝන් එහෙකින් හයියෙන් කතා කළත්... මිනිහෙකුට අතපය කැඩෙන්න ගහන්න මොන තරම් මිලේච්ඡ ක්‍රියාවක්ද? සුද්දෝ ඇෆ්රිකන් අරාබින්ට ගහන්න යන්නේ නෑ. දන්නවා බරපතල ඵලවිපාක ලැබෙන බව. අරාබිකාරයෝ කතා කරන්නේ ඉතාමත් ශබ්දයෙන්... විදෙස් රටවල අපේ වයසක බොහොම ටික දෙනෙක් ටිකක් හයියෙන් කතා කරන අය කොයි රටෙත් ඉන්නවා. බලන්නකෝ බාර් එකකට ගිහින් සුද්දෝ බෙරිහන් දෙන හැටි...
වවුලගේ මගුල් ගෙදර අාවා නම් එල්ලිලි හිටු කීවලු. ඉස්සර මේවා කීවේ කට කහනවට නෙවෙයි බොලව්...
නරකද ඉතාලි තානාපති කාර්යාලය ඉදිරියේ මැරෙනතුරු උපවාසයක් කළොත්? අර උන්නැහේටවත් ආරාධනා කරලා බලමුද?
තමන්ගේ භාෂාව කතා කරන්න සෑම කෙනෙකුටම මූලික අයිතිවාසිකමක් තිබෙනවා. එ්ත් විදේශයන්හි වාසය කරන සමහර ලංකාවේ උදවිය ඉරිදා පොලේ එළවලු විකුණන්න වගේ කෑගසමින් පොදු ස්ථානවල කතා කරන්නේ... මම ඕස්ට්‍රේලියාවේ සංචාරය කරනකොට මෙල්බර්න් නගරයේ බස් රථයක් තුළ මහා හයියෙන් ලංකාවේ ගෙදරට කතා කරන කාන්තාවක් දැක්කා. ඒ බස් රථයේ ඕස්ට්‍රේලියානු මිනිසුන් පොත් කියවමින්, නිහඬව ජංගමදුරකථන පණිවිඩ කියවමින් කාටවත් හිරිහැරයක් නොකර ගමන් කළා. කතා බස් කරමින ගිය ඇතැම් උදවිය ඉංග්‍රීසි නොවන භාෂාවලින් අඩු ශබ්දයක් නගා අවට උදවියට ශබ්දයෙන් බාධා නොවන සේ තමයි කතාකලේ. හපොයි ඒකට අර කාන්තාව? මට මතකයි බසයේ රියදුරා පවා මේ ගාලගෝට්ටි දුරකථන සංවාදය මොකක්දැයි සැලකිලිමත් වුණා.
මම ඉන්න රටේත් ඉන්දියන් මිනිස්සු කතා කරන්නනේ ඉන්දියාවට ඇහෙන්න. සමහර විට තරහත් යනවා. මොකද අපිවත් වැටෙන්නේ ඉන්දියන් කියන ගොඩට. සුදු මිනිසුන්ට ඉන්දියන්ද? ලංකාවේද? කියලා දැක්ක ගමන් කියන්න අමාරුයි.
මම හිතන්නේ ඔහු ඉතාලියට ආදරය කරන එම රට රකින පුද්ගලයෙක්... නමුත් අපේ රටේ තිබෙන සියලුම දේ පිටරටට විකුණන රට ගැන සිතන මිනිසුන් නොමැතිවීම රටේ අවාසනාවයි.
පිටිගල මිලානෝ නැහැ... මම හිතන්නේ එයාට තමයි ගහලා තියෙන්නේ...
ඇත්තටම මේ නගරවල ඉන්නවා කීයක් හරි හොයාගෙන වයින් ටිකක් බීලා කොහේ හරි නිදා ගන්න මිනිස්සු. එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. හොඳම දේ එයාලා එක්ක පැටලෙන්න නොයන එකයි. සිංහලයින්ට වඩා බෙරිහන් දිදී කතා කරන අප්‍රිකානුවෝ කොතරම් ඉන්නවාද? එහෙම නැතිව ඉතාලි ජාතිකයින් කීවාම ඔය වගේ කාඩයෝ ටිකක් ඇරුණාම අනිත් මිනිස්සු හොඳ අය... ලෝකේ කොහෙත් එහෙම පිරිසක් ඉන්නවා. අපි ඔලුව පාවිච්චි කරන්න ඕනේ. අපේ අයත් ඉන්නවා ඕනේ නැති දේට ඇඟිලි ගහන. පිහියක් අතේ තියෙන එකා ගැන පොලීසියට කියන්න එපායැ. ඒ මිනිහත් බීලා හිටිය කෙනෙක්...
මේ කාරණයට අදාල නැතත් කියන්ට දෙයක් තියෙනවා. අපේ රටේ හැරුණාම අනිත් දියුණු රටවල නම් ඕනෑම කෙනෙක් කතා කරන්න ඕනෑ.. පාසල් යන්න ඕනෑ... ලියන්න ඕනෑ එම රටේ භාෂාවෙන්. ප්‍රංශයේ මුළු ලෝකෙම ජාතින් එකට ඉන්නවා. නමුත් ඔවුන් හැමෝම ප්‍රංශ බසින් තමයි පාසලේ ඉගෙන ගන්නෙත්.. සියලුම පරිපාලනමය කටයුතු කරගන්නෙත්... රජයේ ආයතන වලදී, බස් එකේ බෝඩ් එකත් එම බසින් පමණයි. අපේ ලංකාවේ ජාතින් අතර ගැටලුව ඕකයි. ලංකාවේනෙ රාජ්‍ය භාෂා කීපයක් තියෙන්නේ.
ඉතාලි වල ඉඳලා එංගලන්තයට යවපු අය එහෙත් කනවා. එන්න නම් එපා.
කෝ අපේ මිලානෝ කට්ටිය...
ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි !
ඉංග්‍රීසියෙන් අහන්න බැරුව ඇති...