(ඩයනා උදයංගනී)
වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (27) සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
මෙය 21 වැනි සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය වන මෙය ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලට දිස්වන බව චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
ඒ අනුව අද සිට හෙට අළුයම තෙක් පැය 06 යි විනාඩි 14 ක පමණ කාලයක් මෙම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය සිදුවන බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේය.
මෙම චන්ද්‍රග‍්‍රහණය අද රාත‍්‍රී 10.45ට පමණ ආරම්භ වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට දිස්වීම ඇරඹෙන්නේ රාත‍්‍රී 11.54 සිට අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ලෙසිනි.
පූර්ණ චන්ද්‍රග‍්‍රහණය අළුයම 1.00 සිට 2.43 දක්වා දිස්වන අතර මෙම චන්ද්‍රග‍්‍රහණය අවසන් වන්නේ හෙට අළුයම 4.58ටය.මෙය හොඳින්ම දිස්වන්නේ නැගෙනහිර අපි‍්‍රකාව, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග රටවලට බව චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
මෙයින් පසුව 2025 වසර දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට හොඳද නැත්නම් අපලද?
ඔන්න ඇහුවා කතාවක්, ඉර, හඳ, තාරකා වලට බැහැ අපේ හොඳ, නරක තීරණය කරන්න. අපි අපේ ආකල්ප වෙනස් කරගෙන එකමුතුව සංවර්ධනය කර යමු.
රත්න වගේ එක්ක කොහෙද රටවල් හදන්නේ? ඡන්දෙත් දෙනවා ඇති...
රටට කොහොමත් අපලයි දේශපාලකයින් නිසා...
ඡන්ද්රග්රහණයකින් රටකට වෙන හොඳක් නරකක් නෑ. මුළු ආසියාවටම බන්දුග්රහණය පෙනුණා. හනේ මෙහෙමත් හණමිටි අදහස් දරණ උදවිය ඉන්න රටකට හරියයිද? බලන්නේම බුලත් අතක් අරන් කේන්දරකාරයෙක් පස්සේ යන්න.
ඇත්තටම මම පාන්දර 2.00 ට විතර ඒ හඳ දැක්කාම බයත් හිතුණා. තනිකරම ලේ පාට මස් ගොඩක් වගේ යක්ෂ පෙනුමක්...
ඔන්න අපි ඒකත් පෙන්නුවා...