(ප්‍රසාද් මුතුකුඩ )
මීගමුව බන්ධනාගාර නිළධාරියෙකුගේ සෘජු සහය ලබා ගනිමින් එහි සිටින රැදවියන්ට මත් කුඩු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්ගෙන ගොස් සිටි පතාලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ලක්ෂ 15 වටිනා බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 56 මිලි 820 සමඟ අද (27) අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරිහු සමත් වූහ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විවිධ අපරාධ නඩු සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිට නිදහස ලබා සිටි 29 -26 වියැති හොරගස්මුල්ල සහ වැවගෙදර දිවුලපිටිය පදිංචි අවිවාහක සැකකරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගන්නේ නැද්ද ?
නෑ මනෝ ඔයා ලංකාවේ නෙවෙයි වගේ. අපේ රටේ බන්ධනාගාර කොමසාරිස්ට ඉහලින් යන්න ජනාධිපතිටත් බැරි බව දන්නේ නැද්ද? එයාගේ ආරක්ෂාව සහ පරිපාලනය යටතේ බන්ධනාගාර තුළ සිදුවන අකටයුතුකම් ගැන කොච්චර කිව්වත් වැඩක් නෑ.