(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
කණ්ඩලම වැවේ දියනෑමට ගිය තරුණයකු අද (28) පස්වරුවේ දියේ ගිලී මිය යෑමත් සමග තරුණයා සමග වැවේ මත්පැන් පානය කරමින් සිටි හා බීමතින් සිටි මිතුරා වැවට දැමු කීපදෙනකු ඇතුළු තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම සිද්ධිය වාර්තා නොකරන්නැයි මාධ්‍යවේදීන්ට ඔවුහු පහර දෙන්නටද වුහ. ඊට අමතරව තරුණයන් පිරිස රෝහලේ සේවකයන් සමගද ගැටුමකට යන්නට ගොස් පොලිසිය මැදිහත්වී සමතයකට පත්කර ඇත .
මෙසේ මියගොස් ඇත්තේ මහරඹ ගොඩේවත්ත උණවටුන ප්‍රදේශයේ පදිංචි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව කියන වේරගොඩ කපුගේ ඉසුරු රන්දික නමැති 21 හැවිරිදි තරුණයෙකි.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සේවකයන් දාහත් දෙනෙකු බස්රථයකින් කණ්ඩලම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ කණ්ඩලම වැවේ මත්පැන් පානය කිරීමට තහනම් සහ දියනෑමට තහනම් බව අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක අධික ලෙස මත්පැන් පානය කරමින් දිය නෑමට ගොස් ඇතිබව පොලිසිය කියයි .
එම ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ පැමිණ සිටී දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන ප්‍රිය රංජන කුමාර මහතා සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු මිතුරන් පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිටියදී මියගිය තරුණයා සමග පැමිණ සිටි තරුණයන් පිරිස අධික ලෙස මත්පැන් පානය කරමින් වතුරට බැස දිය නෑ බවත් මත්පැන් පානය කොට අධික බීමතින් සිටි වැතිරී සිටි තරුණයකු තවත් තරුණයන් කිහිපදෙනෙකු ඔසවාගෙන ගොස් වතුරට දැමූ බවත්ය. පසුව ටික වේලාවක් ගතවෙද්දී එම ස්ථානයේ දිය නාමින් සිටි කුඩා දරුවන් තිදෙනෙකුට පුද්ගලයාගේ සිරුර කකුලේ පැටලී පසුව ගොඩට පැමිණ මත්පැන් පානය කරමින් සිටි අනිත් මිතුරන් පිරිසට දැනුම්දුන් බවද පසුව ඔවුන් පැමිණ දිය යට තිබී මියගිය අයගේ සිරුර ගොඩට ගෙන ආ බවද පැවසීය.
මියගිය පුද්ගලයා සමග පැමිණි අනෙක් තරුණයන් 16 දෙනාද අසීමිත ලෙස මත්පැන් පානය කොට ඉතා අශෝභන ලෙස හැසිරී දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් සමග ද කෑකෝ ගසමින් සිටි බව පොලිසිය කියයි. පසුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙම පිරිස පහර දෙන්නට උත්සාහ කළේ මෙම සිද්ධිය මාධ්‍ය මඟින් හෙළි නොකරන්නැයි ඔවුන් බලපෑම්කරමිනි .
පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා මෙම පිරිස බස් රථය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.
මේ සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ තරුණ පරපුරයි කියා ගන්න ගොන් රැල... මොහුගේ දෙමව්පියන් මොනතරම් දුක් විඳින්න ඇද්ද තම දරුවන් හදා වඩාගන්න. කෙනෙකුගේ කරදරයකදී අප සතුටුවනවා නොවේ. ඉතිරිවුණු16 ටත් මෙයම සිදු වුණා නම් තමයි හොඳ මොකද තැන නොතැන ගැන නොසිතන මෙවැනි කාලකන්නි අප සමාජයට පිළිලයක් නොවේද? අප රටේ විනෝද චාරිකාවක්ද, මලගෙයක්ද පින්කමක්ද? මේ එකී මෙකී නොකී හැම අවස්ථාවකදීම සමහරු මත්පැන් පානය කරන්නේ බොහොම ආඩම්බරයෙන් මෙන්ම උජාරුවෙන්ය. එසේම අනිකාට ද කරදරයක් ලෙසද හැසිරෙන්නේ වීරයන් ලෙසය.
පොඩි ළමයි ඇවිත් කියන්න කලින් රන්ජන්ලාට ක්‍රියාත්මක වෙන්න තිබුණා නේද? කාගේ හෝ ජීවිතයක්නේ. එම පුද්ගලයා වතුරෙන් නැගිටිනවා දැක්කේ නැත්නම් වැඩිහිටියෝ විදියට බලගන ඉන්න පුළුවන්ද? ක්ෂණික නුවණ පහළ වුනේ නැද්ද?
රස කැවිලි, කැවුම් ටිකක් තිබ්බා නම් කාගෙන කාගෙන යයි. එච්චරටම කුහක මෝඩයින් නැහැ.
මෙතන පොඩ්ඩක් හරි මොලේ තියෙන කෙනෙක්වත් ඉඳලා නෑ වගේ... මේ තරම් අවවාද සහිත දැන්වීම් පුවරු තියෙද්දී...
ඉල්ලගෙන කෑවානම් මොනවා කරන්නද..? දානයක් දීලා ආයෙත් මෙහෙම දේවල් නොවේවා කියන්නයි ඉතුරුවෙලා තියෙන්නේ...
එකට විනෝද සවාරියට ගිය මිතුරන් තම සගයකු මරුමුවට පත්කිරීමට තරම් සාහසිකයෝද? අපි දැකලා තිබෙනවා සතුන් පවා අන් සතෙකුට අනතුරක් වූ විට ඇවිත් බේරා ගන්නා අන්දම.. එහෙම බලනකොට මිනිසා කොතරම් පහත් තත්වයකද ඉන්නේ? ඉතාම අශිෂ්ට සමාජයක් වෙලා...
කාලකන්නි, දැන් ඉන්නකෝ හිර ගෙදර...
මෙතැනදී මන්ත්‍රී වරදක් කර ඇත. තමුන් කවුද කියා හඳුන්වා දී දැන්වීම් පුවරු ප්‍රකාර නීතිමය පැත්ත ඔවුන්ට කිව යුතුය. වතුරට වැටුණු පුද්ගලයා තමුන් හෝ තම සහායකයින් විසින් බේරා ගත යුතුය. පොලිසියට දැනුම් දිය යුතුය. මන්ත්‍රී යනු මහජන නියෝජිතයෙක් බව ඔහු නොදනී. මේ මන්ත්‍රීවරයා බාල වයස් කාරයෙක්ද? රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධව උත්තර දිය යුතුය...
පොදු ස්ථාන වල මත්පැන් බොන්න එපා කියලා තියෙන නීතියටවත් අවනත නැති මෝඩයින් නිසා වන විපත් මේ කාලකන්නි රැළට උපරිම දඬුවම් දියයුතුය.
මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ගැන මට නම් බරපතල සැකයක් තිබෙනවා. මේ පුද්ගලයා මිය ගියේ ඔවුන් සමග ඇතිවූ ගැටුමකින් පසුද කියා හිතනවා. මන්ත්‍රීවරයා පවතින රජයේ සහ ඒ ප්‍රදේශයේම අයෙකු නිසාත් ඔහුත් මිතුරන් කිහිපදෙනෙකු සමග මෙතන සිටියදී මේ සියල්ල නිහඬව බලා සිටියා.. කියන දේ විශ්වාස කල නොහැක. පිටතින් පැමිණි පිරිස සමග ඇතිවූ ගැටුමකින් පසු මේ තරුණයා මන්ත්‍රීවරයාගේ සහචරයින් විසින් උස්සා ගඟට දැමීමෙන් මිය ගිය බව මා තරයේ විශ්වාස කරමි. වැරැදි තැනක මත්පැන් බීම කියන කාරණය මතුකර දක්වන්නට මෙතරම් ඡායාරූප රැසක් මේ පුවත සමග පල කිරීම ඒ සැකය තවත් ඉහළ නංවයි.
මෙම දඹුල්ල පූජා නගරයේදී, අනික උතුම් පෝය දවසක මෙහෙම මත්වතුර බොනවිට.., අර බල සේනාවල් කොහේද හිටියේ? ඔවුන්ට මේවා පේන්නේ නැද්ද?
බේරුණු අයටත් ආපහු බොන්න දී, වැටුණට පස්සේ උස්සං ගිහින් වැවට දැම්මා නම් වැඩේ ලේසියි.
අද බොහෝ දෙනාගේ මෝස්තරයක් වෙලා තියෙන්නේ තහනම් දේ කරන එක...
නරක මිතුරන්ගේ ආශ්‍රය නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙලා තියෙන්නේ. මේ අයට කිසිම බුරුලක් නොදිය යුතුයි. ඉතිරි දහසය දෙනාටම මෙම මිනීමැරුමට සම්බන්ධව නඩු පැවැරීමට පොලීසිය කටයුතු කළ යුතුයි. සිද්ධිය ඇසින් දුටුව හා සාක්ෂි දීමට ඉදිරිපත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තම වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් අගය කළ යුතුය.
බීම හා අනෙකුත් දුසිරිත් තරුණ සමාජය වැළඳගෙන හමාරයි. පුජ්‍ය පක්ෂයත්, මහනාහිමිවරුත් දේශපාලනයට කඩේයමින් සිටිති. මේ රට ගොඩ යෑමේ කිසිම සලකුණක් නෑ.
මේ රටේ කොහොමද මත්පැන් තහනම් නියෝග දාන්නේ නාන තැන්වල... එ්ක ලංකාවේ සිංහල බෞද්ධයාගේ මූලික අයතිවාසිකම් කඩා බිඳ දැමීමක්... එයාලාට මත්පැන් නැතිව කිසිම දෙයක් කරන්න බෑ. මරණෙට මගුලට විනෝද ගන්නට සාදයට මත්පැන් අනිවාර්යයි.
මේ මිනීමරුවන්ව රටටම පෙන්වීම මාධ්‍යවල වගකීමකි. වැරැදි කරන්න පුළුවන්.. කියන්න බැහැ..
මාර යාලුවෝ කියන්නේ මෙයාලට තමයි. උපරිම දඬුවම් දිය යුතුයි..
දියනෑමට තහනම් බව අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක කුඩා දරුවන් දිය නාමින් සිටියේ කොහොමද? මම හිතන්නේ මේ අනතුරු ඇඟවීම මේ පිරිස නොව කිසි කෙනෙක් පිළිපදින්නේ නැති බවකුයි. අනික මේ පිරිස වැඩකරන ආයතනය මේ ගොල්ලන්ට දඬුවම් දිය යුතුයි.
සුනිල් ශාන්ත සූරීන්ගේ පුතා මැරුණෙත් ඔයවිදිහටයි... බීපු කාණ්ඩය එයාව ස්විමින් පූල් එකට විසිකරලා දියේ ගිලීමෙන්...
දැන්වීම් පුවරුවක සිංහලෙන් ලියා ඇති දේ තේරුම් ගත නොහැකි මෝඩයෙකු සිටීද? මෙවැනි සිදුවීම් වලට ප්‍රධාන හේතුව නම් මෝඩකම සහ නූගත්කමයි. මේවට වගකිව යුත්තේ මේ අනුවණ ක්‍රියාවල යෙදෙන්නන් මිස, පොලිසිය හෝ දේශපාලකයින් නොවේ.