ඇමරිකාවේ උතුරු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි නිවා දැමීමට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ගින්නට හසුව මියගොස් ඇති අතර තිදෙනකු අතුරුදන් වී ඇත. තද සුළං හේතුවෙන් ලැව්ගිනි ඉතා වේගයෙන් පැතිරුණු බවත් දහස් ගනන් පිරිස් නිවාස අතහැර පලා ගිය බවත් වාර්තා වේ.
ගොඩනැගිලි 500ක් පමණ විනාශ වී ඇති බවත් නිවාස බොහොමයක් අවදානමට ලක්වී ඇති බවත් පැවසේ.
ලැව් ගිනි සඳුදා ආරම්භ වී ඇති අතර මේ වනවිට අක්කර 48000ක් පමණ ප්‍රදේශයක පැතිරී ඇත.
(බිබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක 2ට අඩු තත්වයක පවත්වා ගැනීමට කාලගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් එකඟවීමත් සමග ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයින් ඉවත්වුනේ "අදාළ සම්මුතියෙන් ඇමෙරිකාවට දඬුවම් කරලා" එයින් ඇමෙරිකාවේ කර්මාන්ත වසා රැකියා මිලියන ගණනකට බලපෑමක් එල්ල කරන බව පවසමින්. දැන්වත් එතුමාට යථාර්තය තේරුණොත් ඇති.
ලැව්ගිනි ඇතිවෙන්නේ ගෝලීය උණුසුම නිසා නෙමේ... මේ දිනවල ඇති අධික සුළඟ හා ග්‍රීස්මය නිසා. මීට අවුරුදු 100කට කලිනුත් ඇමරිකාවේ ලැව්ගිනි ඇතිවුණා.