(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට බල්ලෙක් රැගෙන පැමිණි කුවේට් ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (27) රාජකාරියේ නියැලී සිටි රේගු නිලධාරීන් පිරිසකට පහර දී තුවාල සිදු කර ඔවුන්ගේ රාජකාරියටද බාධා කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ගෙන ආ විට කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් විශේෂ පෝරමයක් පුරවා සත්ත්වයාට එරටින් නිකුත් කළ සහතික පත්ද සමඟ එම සත්ත්වයා ගුවන් තොටුපොළ සත්ත්ව නීරෝධායන ආයතනය වෙත ඉදිරිපත් කිරීම රේගු නිලධාරීන්ගේ රාජකාරිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
එහෙත් මෙම කුවේට් ජාතික යුවළ එයට බාධා කරමින් එම කටයුතු ප්‍රතික්ෂේප කරමින් තමන්ට ප්‍රමාද වන බව පවසා ගුවන් තොටුපොළෙන් පිට වීමට උත්සහ කර තිබේ.
එම අවස්ථාවේ දී රේගු නිලධාරීන් මොවුන් ගුවන් තොටුපොළෙන් පිටතට යෑම වැළැක්වීමට උත්සහ කිරීමේදී කුවේට් ජාතිකයා රේගු නිලධාරීන්ට පහර දී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
මෙම පහර දීමෙන් කටුනායක ගුවන් තොටුපොළ සේවයෙහි නියැලී සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු , කාන්තා රේගු නිලධාරිනියක ඇතුළුව රේගු නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව රේගු නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව මෙම කුවේට් යුවළ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් විසින් රැගෙන ආ බල්ලා ගුවන් තොටුපොළ සත්ත්ව නීරෝධායන ආයතනය වෙත භාර දී තිබේ
මෙම කුවේට් ජාතික යුවළ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදු වී ඇති දේ ගැන කිසිම කණගාටුවක් නැහැ. කාගෙන් හෝ පාඩමක් ඉගෙනගත යුතුයි.
අනේ මන්දා... 5 දෙනෙක්? ආරක්ෂක නිලධාරීන් මෙදින අලුත් අවුරුදු, නත්තල් සැමරීම සදහා නිවාඩු ගොස් සිටියේද? නැත්නම් දවසේ පැය 24 න් "පැය 28 ක්ම " තම රාජකාරියේ දී සිටියේද? 5 දෙනෙක් රෝහල් ගත වෙන්න තරම් සටන් කිරීමට ශක්තියක් ලැබුනේ කෙසේද?
ලංකාවේ මිනිහෙක් කුවේට්වලදී ඔය කළා නම් අතපය කඩලා අවුරුදු ගාණක් ඉඳලා එන්න වෙන්නේ. කොහොමටත් මේ මිනිස්සු තවම ශිෂ්ට සම්පන්න නෑ. ඒකනේ ඊශ්‍රායලය මෙච්චර බලවත්ව ඉන්නේ...
ඔවුන්ගේ හැඟීම අපේ මේ ගෙවල්වල වැඩ... ගැහැණුන්ගේ රටනේ. ඔතන කෙනෙක් හිටියේ නැද්ද? පෙනේ ටිකක් පෙන්වන්න... දැන් තානාපති කාර්යාලවලින් කෝල් මේ වෙනකොටත් නිදහස් වෙන්න පුළුවන්... අනේ මෙහෙම නිවට කමක් !!!
මොවුන්ට නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ ගෘහසේවකයෝ ඔය රටවල වැඩකරකමට යන හින්දා හිතන්න ඇති එහෙ විදියටම මෙහෙදීත් ගහලා බැනලා වැඩේ කරගන්න. මේ මැදපෙරදිග වැඩකාර කමට ගැහැනු යවන එක නවත්වන්න ඕනේ. ලංකාවේ අභිමානය සම්පූර්ණයෙන්ම නැතිවෙලා. අැයි අපිට තම බැරි ලංකාවේ මේ ශ්‍රමය භාවිත කරලා දියුණු වෙන්න.? ලංකාවේ ව්‍යාපාරවලට ශ්‍රමය නැහැ. ගේන්න හදනවා ඉන්දියාවෙන්... ලංකාවේ ඉන්න ගැහැණු ටිකත් වැඩකාර කමට මැදපෙරදිග පටවනවා.
මේ සිද්ධිය කුවේට්වලදී ලංකාවේ කෙනෙක්.. අතින් සිද්ධ වුණානම්... ශරීරයේ මොනවා හරි සඟවා ඇති කියලත් සැක හිතෙනවා.
සාමාන්‍යයෙන් රටකට යනකොට ඒ රටේ තොරතුරු හොයලා බලන එක සිරිතයි. ඒ අනුව මේ යුවලත් අපේ රට ගැන හොයලා බලන්න ඇති... එතකොට මේ රටේ ක්රමයේ අවුල ඔවුන් වටහාගෙන තියෙන්නත් ඇති. මේ රටේ ක්‍රමය අවුල් නිසා අපේ රටේ මිනිස්සු ගැන වැඩි විශ්වාසයක් නැතිව ඉන්න ඇති. කරන්න දෙයක් නැහැ මේවා බලාපොරොත්තු විය යුතු දේවල්. අපේ රට ගැන දැන් කාටවත් විශ්වාසයක් නැහැ.
තමන්ගේ රාජකාරිය හරි හැටි නොහඳුනන නිලධාරීන් සිටින ලෝකේ එකම රට තමයි මේ සිරිලංකාව.. ලෝක සම්මත නීතිය අනුව ගුවන්ගත වීමට සුදුසුකම් ලද සතුන්ට අනුකම්පා සහගතව සැලකීම ලෝක සම්මතය වුවත්, සතුන්ටත් වඩා, අන්ත සතුන් වෙසෙන රටකට ගොඩ බැස ඇති ඒ සිව්පාවාට, ලෝක චර්යා ධර්ම ගැන, ඒ රටේ සතුන්ට පහදා දීමට සිදුවෙන්න ඇති. නාස් පොලු දෙක තුනක් කඩා හෝ ඒ වල්සතුන්ට ලෝකේ පවතින සදාචාරාත්මක නීතිය පහදා දෙන්න හැකි නම් එ්කත් ලොකු දෙයක්. එයාර් පොර්ට් එක තුළදී බල්ලා සද්දෙට බිරුවා නම්, සමහර විට ඒ භාෂාව ඔවුන්ට වැටහෙන්නත් ඉඩ තිබුණා.
අනුමානයක් නෑ බල්ලාගේ මොනවා හරි තියෙනවා. ගිලපුවා එළියට එන්න කලින් යුවල මාරුවෙන්න හදලා වගේ...
ලැජ්ජයි. එක මිනිහෙක් පස් දෙනෙකුටම ගැහුවා කිව්වහම. ගෘහ සේවයට කාන්තාවන් මැද පෙරදිග යැවීමේ වරද... මේ ගොල්ලෝ කියන හැම දේකටම රේගු නිලධාරිනුත් එකඟ වෙන්න ඕනෙ ඇති කියලා හිතනවා ඇති...
බ්ලැක් ලිස්ට් කරලා ආපසු හරවල යවන්න.
පැය ගණන් ප්‍රමාද කරගෙන ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න වෙන්න ඇති. ගාණක් අතමිට මොලවනකම් තමා ඔය ප්‍රමාදය...
මේ කුවේට් ජාතිකයෝ අපි ගැන හොඳට දන්නවා. මොකද අපි ඒ ගොල්ලන්ගේ ගෙවල් වල වැඩකාරකම් කරන නිසා. අපිව තඹ සතයකටවත් ඒ අය ගණන් ගන්නේ නැහැ. අපි ගොඩාක් නිවටයි කියලයි ඒ අය දන්නේ...
නීතියේ තියෙන උපරිම දඩුවම් දිය යුතුයි.
මේකෙන් පේන්නේ අපේ රට ගැන ඔය කියන රටවල අය ගොඩනගාගෙන තියන ආකල්පය කුමක්ද කියන එකයි. ඔවුන්ගේ ඇති නොහැදියාව සමග ඒ ආකල්ප එකතු වුණාම මේ වගේ දේවල් සිදුවීම වළක්වන්න අමාරුයි. මේ පිළිබඳ මූලික වගකීම දැරියයුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි.
ඒ අයගේ රෙදි හෝදන, කෑම උයන, රියදුරුකම් කරන නිවට මිනිස්සු ඉන්න රටට ඒ අය ආවම අපි දෙයියන්ට වගේ සලකන්න ඕනෑ. ගහල මදි...
කමල කියන කතාව හරියටම හරි. අපි ඒ අයගේ ගෙවල්වල බැල මෙහෙවරකම් කරන නිසා උන් අපි ඔක්කොමව ඒ ගානට දාල තියෙන්නේ. අපිට කියන්නේ සිරි ලාංකිකයි කියලා...
පස් දෙනෙකුට ගහනකම් අනෙක් අය බුදියගෙන හිටියද? රේගු නිලධාරීන්ගේ ගෑස් ලංකාවේ අහිංසක මිනිසුන්ට තමයි...
මෙතන කමෙන්ට් කරන ගොඩ දෙනෙකුගේ බුද්ධි මට්ටම ගැන දුකයි... සුරතල් සතෙක් රැගෙන ආ යුතු ආකාරය ගැන උපදෙස් විදේශිකයන්ට ලබාගන්නට තැනක් තියෙන්න ඕනෑ. අනික අපේ කස්ටම් එකේ අය වැඩකරන හැටි දන්නේ එක වරක්වත් රට ගිහින් අාපු කෙනෙක් විතරයි. මේ මිනිහ ගහලා තියෙන්නේ වුවමනාවෙන් ප්‍රමාද කළ නිසා , ඔය වැඩ ඉක්මන් කරගන්න විදි තියනවා අත යටින්..
දවසක් ඕමාන එයාර්පෝර්ට් එකේදී පෝලිම පැන්නා කියලා ලංකාවේ මිනිහෙක් අාපහු හරවලා යැව්වා. එහෙ අපි ගැහුවත් මොනවත් කකරන්න නරකයි. සංචාරක සැලකිලි. අනේ ඉතින් අපිට එන්නේ වතුර බෝතලේ ගන්න හිතන සංචාරකයින්..
අඩුම තරමේ අවුරුද්දක්වත් හිර දඬුවම් නියම කළානම් හරි...
පුවතට වඩා ....පළකරන ලද පාඨක අදහස් ගැන බැලුවොත් ..ඒක තමයි අද තියෙන ඇත්ත තිත්ත ඇත්ත ...ඇයි අපිට මෙහෙම වුනේ? අපේ අය එවැනි රැකියාවලට ඇවිත් කරන දේවල්, හැසිරෙන ආකාරය ... අහන්න ලැබෙන විට.. අපිට රට ගැනත්... අපේ ජනතාව ගැනත්... හරිම කණගාටුයි.. රට අන්තිමට පිරිහිලා ... නීතිය ක්‍රියාත්මක වීමක් නැහැ... ඒ අයට වඩා .. අධ්‍යාපනය අතින් අපි කොයිතරම් ඉදිරියෙන් සිටියත් .... ඒ කෙසේ වෙතත්... මේ වහල් සේවාවට තිත තියන්න කාලය ඇවිත් මේ මගින් ලංකා සමාජයේ ඇතිවන අනිටු පළ විපාක එමටයි. ඒ නිසා රට කරවන ඇත්තන්ගේ දෑස් පැදේවා..!!! මෙවැනි රැකියාවලට නොයවා රට තුළම රැකියා උත්පාදනය වන වැඩ පිළිවෙලක් සැකසීමට කටයුතු කරමු.
මැද පෙරදිග සල්ලි බලේ පෙන්නනවා. නීතියට ගරු කිරීමක් නෑ. දඩ ගහලා මාසයක් විතර හිරේ දාලා ඊට පස්සේ කෙලින්ම පිටුවහල් කරන්න ඕනෑ. නැත්නම් රේගුවේ ඉන්න අයව පෙන්නන්න එක්කන් යන්න ඕනෑ.
තනි මිනිහෙක් 5 දෙනෙකුට ගහලා... රෝහල්ගත වෙන්නම, මම හිතන්නේ මේ කුවේට් ජාතිකයා ලෝක ශුර මල්ලවපොර ශුරයෙක් හෝ කරාතේ ශුරයෙක් වෙන්නැති...
කුවේට් ජාතිකයන් දෙදෙනාට ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රණාමය.. සල්ලි දීලව්ත් කරගන්න බැරි වැඩක් කරලා තියෙන්නේ.
දැන්වත් තේරෙනවද ගල්ෆ් වල මිනිසුන්ගේ හැටි... එහෙම වුණ එක හොඳයි..
කාගෙන්හරි පාඩමක් ඉගෙනගත්ත එක ගැන සන්තෝසයි.
නිසි ලෙස රාජකාරිය කළ නිලධාරීන්ව අගය කරන්න බැරි, තම රටේ කෙනෙක් වෙනුවෙන් අදහසක් ලියා ගන්න බැරි මන්ද මානසික රෝගි පිරිසක් අප අතර ඉන්නවා.
ලෝකේ අනෙක් ශිෂ්ඨ සම්පන්න රටවල තියන නීතියයි ලංකාවේ තියන නීතියයි.. දෙක, දෙකක්නේ. නීති රීති යාවත්කාලින නොවුණු තවමත් ගෝත්‍රික යුගයේ ජීවත්වෙන ම්ලේච්ජ ගෝත්‍රිකයින් රැලක් ජීවත්වෙන රටක් බව දැනගෙන විදේශකයින් ලංකාවට පැමිණිය යුතුයි. මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ..., ලංකාවේ පිටරටවල බල්ලෝ ඇතිකරනවා කියලා වෙන්න ඇති. දියුණු රටවල සියලුම නීතිමය ලියකියවිලි සහිතව ගුවන්ගත වෙන සුරතල් සතුන්ව තමයි. මුලින්ම නිදහස් කරන්නේ. ඔවුන්ව හැකි ඉක්මනින් ස්වාමියාට භාර දෙන්න කටයුතු කරනවා. බල්ලන්ටත් වඩා, අන්ත අය ජීවත් වෙන රටක කොහෙද බල්ලෙකුටවත් සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ?
කන් දෙක තුනක් පැලුවා නම් තමයි හරි. මේ අයටත් හිතෙන්න ඇති.., ඇවිත් තියෙන්නේ වැරදි රටකට කියලා.
කිසිම විදිහකින් මේ අයට නම් බුරුලක් දෙන්න එපා. විශේෂයෙන් අරාබිකරයෙන් එන නරකාදින්ට. මේ අයගේ රටවල් වලට ඇතුළු වුණාම පිට මිනිසුන්ට බල්ලෝ බළල්ලු ගානට සලකන්නේ...
සල්ලි දිලාවත් කරගන්න බැරි වැඩක්... එයාර් පෝර්ට් එකේ කට්ටිය පාර්ට් දාන්නේ මැදපෙරදිග දුක් විඳලා එන අහිංසක කාන්තාවන්ට... මේ අය හිතාගෙන ඉන්නේ ගුවන්තොටුපල මෙයාලගේ බූදලයක් කියලයි..
වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අපේ කාන්තාවන් බැලමෙහෙවර කරන්න අරාබියට යවලා ගෙදර පිරිමියා ආර්ථික බරෙන් සැහැල්ලු වෙන රටේ, අපිටම හොඳ පාඩම්....
තමන්ගේ රටේ ගැහැණු ටික මැදපෙරදිගට පටවලා එහෙදී සිදුවෙන අකරතැබ්බ ගැන මෙතන නාහෙන් අඬලා, ඒ මිනිස්සු ගැන තියන වෛරය පිටකළාට ඵලක් නැහැ. කිසියම් රටකින් අවශ්‍ය නීතිමය ලියකියවිලි සහිතව සුරතල් සතෙකු ගුවන් ගත වුනා නම්, ඒ සතා ගොඩබසින රටේත්... ඒ අදාළ ලියකියවිලි පරීක්ෂා කර බලා අප්‍රමාදීව සතාව නිදහස් කරදීමට රේගු නිලධාරීන් කටයුතු කළයුතු වෙනවා. රස්තියාදුව හා නිරපරාදේ අනෙකාව අපහසුතාවට පත් කරමින් කාලය කා දැමීම ලෝකයේ අනෙක් රටවල මිනිසුන්ට දරා ගන්න බැහැ. ඒ අයට ඒ ක්‍රමය හුරු පුරුදුත් නැහැ. එක අතකට මෙරටට පැමිණෙන පිටරැටියනුත් දැනගන්න ඕනෑ තමන් පැමිණෙන්නේ, මොන වර්ගයේ මිනිසුන් ජීවත්වන රටකටද යන්න ගැන දැනුවත්වී පැමිණීමට. මනුස්සයෙකුටවත් නිදහසේ ජීවත් වෙන්න අපහසු රටක කොහොමද ඇවිත් යහතින් ආපසු යන්නේ?
මොකක්ද ඒ ගොන්කතාවේ තේරුම? මේ නිලධාරීන් කරතිබෙන්නේ ඔවුනට පවරා ඇති රාජකාරිය. අනුන්ගෙන් පාඩම් ඉගෙනගන්න මොවුන් කර ඇති වැරැද්ද මොකක්ද? ඔබ නිලයක් දරපු කෙනෙක්ද නැතිනම් නාට්ටාමි කෙනෙක්ද? වෙන මුකුත්නොවෙයි නිවට මානසිකත්වය.
මේ කතාවේ ඇත්ත හෙළිවෙනවා. ෆේස් බුක් එකේ තියෙන වීඩියෝවෙන්... එ්කේ පැහැදිලිව පේනවා මෙම විදේශිකයන් දෙදෙනාට රේගු නිලධාරින් සහ නිලධාරිනියන් සලකන ආකාරය. ඔවුන් යම් ආකාරයකින් අපගේ නිරෝධායන නීති කඩන්න උත්සාහ කළානම් මීට වඩා ශිෂ්ඨ වෘත්තීමය ආකාරයකට ඔවුන්ව නිරෝධායන නීති වලට එකග කරවා ගන්න තිබුණා. නමුත් රේගු නිලධාරීන්ගේ අවිනීත හැසිරීමෙන් ගැලවෙන්න තමයි ඔවුන් පහර දුන්නේ කියලා රෝහල් ගත වෙලා ඉන්නේ. මෙම නිලධාරින්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අපේ රටේ ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමට නම්. හෙට වනවිට කුවේට් තානාපති කාර්යාලය මේකට මැදිහත් වුණාම මොකද වෙන්නේ කියල බලන්නකෝ. මම හිතනවා රේගු නිලදාරින්ට මිට වඩා හොඳ වෘත්තීය පුහුණුවක් ලබාදිය යුතුයි.
අපේ රේගු නිලධාරින්ට අවස්ථාව පාලනය කරගැනීමට වෘත්තීමය දක්ෂතාවයක් නැහැ. පුහුණුවකුත් නැහැ. සමාජ මාධ්‍යවල තියෙන වීඩියෝවෙන් එ්ක පැහැදිලි වෙනවා. ඔතන රේගු නිලධාරින් සහ නිලධාරිනියන් 50 කට වැඩිය ඉන්නවා. එක පිරිමියෙක් සහ කාන්තාවක් රේගු නිලධාරීන් 5 දෙනෙකුට තුවාල වෙන්නම ගැහුවා කියන්නේ ඔතන හිටපු රේගු නිලධාරීන්ගේ පිරිමිකමටත් ලැජ්ජයි.
කැලේ මුවන් ගොයම් කනකොට ගෙදර තියෙන මුව හමට තලනවා වගේ. කුවේට් රටේදී අපේ කාන්තාවන්ට හිරිහැර වෙනවා කියලා මෙහෙ එන කුවේට් ජාතිකයින්ට පහර දීලා හරියන්නේ නැහැ. අපිට එන සංචාරකයින්ට අපි මිත්‍රශීලි වෙන්න ඕනෑ.
රේගු නිලධාරීන් පස් දෙනෙකුට තුවාල වෙන්න ගැහුවා කියලා කැලෑ පත්තරවල පල වුණාම මට කිසිවක් හිතා ගන්න බැරිවයි හිටියේ.. එ්ත්, සමාජ ජාලවල සැරිසරන වීඩියෝවෙන් සත්‍යය පැහැදිලියි. සමහරවිට බල්ලගෙනුත් ගානක් කඩා ගන්න උත්සාහ කරන්න ඇති මේ අයියලා. දැන් මොවුන්ගේ වැරදි වසා ගන්න බොරුවට රෝහල්ගත වෙලා. බමුණු ආරච්චිගේ නැට්ට දිග වූ පලියට ඔච්චර හයියෙන් ගසන්න එපා. සමාජයම විනාශයි.