ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලන හිමිකාරිත්වය අත්කර ගැනීමට ඉන්දිය රජය අපේක්ෂා නොකරන බව එරට ගුවන්සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා මහතා ඉන්දීය පාර්ලිමේන්තුවේදී ( ලෝක් සභාවේදී ) ප්‍රකාශ කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (27) වාර්තා කළේය.
එම ගුවන්තොටුපල අත්පත් කර ගැනීමට ඉන්දීය ගුවන්තොටුපල අධිකාරියේ සැලසුමක් පවතින්නේ ද යන්න ගැන ඊයේ (26) රැස් වූ ඉන්දීය ලෝක් සභාවේදී භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රිනී පූනම් මහජන් යොමුකළ ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරු දක්වමින් ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු දැක්වීම සිදු කළ බවද එම පුවත්පත් සේවා වාර්තා වේ දැක්වේ.
භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රිවරිය සිය ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දක්වමින් ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ,මේ අවස්ථාවේදී එවැනි යෝජනාවක් සැලකිල්ලට නොගන්නා බවය.
මත්තල පියාසර පුහුණු පාසලක් සහ ගුවන් යානා නඩත්තු වැඩ පොළක් ඉදිකරන්නේ ද යන්න පිළිබදව භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රිවරිය නැගු ප්‍රශ්නයට ද ඔහු ලබාදී ඇත්තේ ඍණාත්මක පිළිතුරක් බවද එම වාර්තාවේ දැක්වේ.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දී කිරට බළලුත් සාක්ෂි" කිව්වලු.
අද ඔහොම කිව්වට හෙට ඕකෙ අනික් පැත්ත වෙන්න බැරිකමක් නැහැ. අපේ සකල සිරින් පිරි සිරි ලංකාවෙත් දිව හැරෙන පැත්තට වෙනස් වන විදිහකට කියන අය ඉන්නවා නේ... කොහොම වුණත් මේ ටොපික් එක අල්ලගෙන සද්දෙ දාපු විපක්ෂයේ අයගේ කටකතාවල තාවකාලිකව හෝ ඉබි යතුරු වැටෙන වැඩක් ඉන්දීය පුවතින් සිදුවුණා..
මේ ආණ්ඩුව බොරුවෙන් තමයි දුවන්නේ..
එහෙමනම් ඉතින් මේක බාර ගන්නවා ඇත්තේ ඉන්දියන් ගුවන් හමුදාව වෙන්න ඇති !!!
අනේ ඉතින් ඕක අපිටම කළමනාකරණය කරගන්න බැරි ඇයි කියලා කවුරුත් හොයා බලන්නේ නැහැනේ. 70% පිටට දෙනවා කියන්නේ ඉතින් අදායම් ලාබෙත් ඊට පස්සේ බෙදෙන්නේ ඒ විදියටමනේ. ගොඩබිම ඉඩම් ටිකටත් පාඩුවක් නේද? මේ විදියට නම් අපිට කවදාවත් අභිමානවත් ජාතියක් විදියට නැගී සිටින්න වෙන්නේ නැහැ.
ඕකත් ආපහු චීනයටම දෙන්න තමයි වෙන්නේ...
නැව් එන වරාය චීනෙට දීලා ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළ ඉන්දියාවට දුන්නට ගනියිද? වටේ තියෙන්නේ කැලේ කපලා කොලනියක් හදා ගන්න කියලා ඉඩම් ටිකත් දුන්නනම් එයි. චීනේ බලන්නේ ආර්ථික වාසි... ඉන්දියාව බලන්නේ දේශපාලනික වාසි.
එතකොට ගුවන් තොටුපලේ සියලුම සේවකයින් ඉන්දියාවෙන්. ඔවුන් ආයෙත් කවදාවත් ඉන්දියාවට යන්නේ නැත. ඊළඟට දකුණට වෙන්නෙත් උතුරට වූ ටිකම තමයි.