(රත්න චන්ද්‍රසේන ගමගේ)
කිසියම් අයෙකු විසින් නොගැඹුරු වලකට දමා සිටි ඉබ්බන් 96 දෙනෙකු සොයා ගැනීමට හම්බන්තොට වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට හැකි වී තිබේ.
හම්බන්තොට ‘‘කැටන් වැව‘‘ ඉස්මත්තේ වලක් තුළ මෙම ඉබ්බන් සමූහය සිටි බවත් ප්‍රදේශවාසියෙකු විසින් කළ දැනුම් දීමකට අනුව මෙම ඉබ්බන් සමූහය සොයා ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති.
ඊයේ (27) සවස 06 ට පමණ මෙම ඉබ්බන් සමූහය සොයා ගත් අතර මෙරටට ආවේනික නොවූ රතු කන් ඉබ්බෙකුද ඒ අතර සිටි බවත් පැවසේ. කිසියම් අයෙකු විසින් මෙම ඉබ්බන් සමූහය මෙම වළට දමන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක කරති .
සොයා ගන්නා ලද ඉබ්බන් 96 දෙනා ඊයේ රාත්‍රියේම බූන්දල වනෝද්‍යානයේ පිහිටි ජලාශයකට මුදා හල බව වනජීවී නිලධාරීහු පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ ඉදිකිරීම්වලට ගිය චීන්නුන්ට විකුණන්න අපේම සිංහලයෙක් හංගපුවා. මොනවද ඉතින් සල්ලි දෙනවා කිව්වොත් ඕනෙම ජරා වැඩක් කරයි අපේ අය... ඕනෙම සතෙක් කනවා පුටු, මේස හැර... ඒ හින්දා ඉල්ලුම ඉහළයි.
ෂිහ්.. අපරාදේ රස කෑමක්නේ...
ඉබ්බෝ සම්මන්ත්‍රණයක් වත් තියන්න රැස් වුණාද මන්දා?
අපේ චීන යහළුවන්ගෙන් යන්තම් මේ වාරේ බේරුණා.