(රෝවන් පෙරේරා )
සැමට සෙවන ගම් උදාව යටතේ 97 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කුරුළුවැව ප්‍රදේශයේ රන්සිළුගම නමින් අද (27) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
නිවාස ලාගීන් 21 දෙනකු සඳහා හිමිකම් පත්‍ර ප්‍රධානය , ප්‍රතිලාභීන් 400 සඳහා විසිරි නය ප්‍රධානය, ප්‍රතිලාභීන් 150 සඳහා සොඳුරු පියස චෙක් පත් ප්‍රධානය , සිල්ප සවිය වැඩ සටහන යටතේ 65 දෙනකු සඳහා උපකරණ කට්ටල ලබාදීම, ප්‍රතිලාභීන් 210 සඳහා ඇස් කන්නාඩි ප්‍රධානය,105 දෙනකු සඳහා අඹ පැල,42 සඳහා පොල් පැල ලබාදීම, 18 දෙනකු සඳහා ස්වයංරැකියා ණය ප්‍රධානය සහ ඖෂධ පැලසිටුවීමක්ද අමාත්‍යවරයාගේ සුරතින් සිදුවීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉස්සරහ ගහලා තිබෙන බෝඩ් එකට කොච්චර වියදම් ගියාද? ලැජ්ජාවක් නැහැ වගේ...
විද්‍යා ඇත්තටම ලැජ්ජයි ඔබතුමා ගැන. දේශපාලනය පැත්තකින් තියලා වැඩකරන මනුස්සයෙකුට වැඩක් කරන්න දෙන්න.
මේ ඉල්ලන්නේ මේ දේශපාලකයන්ට පක්ෂ අදහස්... කව්ද හලෝ එහෙම අදහස් දෙන්නේ? අපි මේ අය ගැන දරන නියම අදහස් පලකරන එකයි සිද්ද වෙන්න ඕනේ.
විද්‍යා ඔබ දන්නේ නැද්ද මේ" සිරි ලංකාව" කියලා? ඕනෑම තැනක පතරංග ජාතක බෝඩ්වල තම තමන්ගේ මූසල නම්ගම් තියෙන්න ඕන නේද? එහෙම තිබුනේ නැත්නම් මේ අම්බරුවන්ට නින්ද යන්නෙත් නැතිබව ඔබ දන්නේ නැද්ද? මේ හිඟන නිවට පුරුද්ද මෙතෙක් රටේ බලයට පැමිණි හැම කාලකන්නි මුසල පක්ෂයක්ම ඉන්න අම්බරුවන්ගේ අසීලාචාර වැඩක් බව ඔබ නොදැන සිටීම අපට නම් පුදුමයක්..
සමරු පළකයට වියදම් කරපු සල්ලි වලින් තව ගෙයක් හදන්න තිබ්බා..
අනේ මෙයාගේ ගම්මාන, මේවාවල එක ගෙයි නැත්නම් දෙකයි. ඉතුරුව ඔක්කොම අත්තිවාරම් විතරයි. ගිහින් බලන්නකෝ ඔය 97න් එකක්වත් තියනවද සම්පූර්ණ කරපු ගම්මාන... ඔක්කොම අත්තිවාරම් ඇතුලේ මානම් ගස් පැල වෙලා. හොයල බලන්න ඕනේ හදපු නැති ගෙවල්වලට වෙන් කරපු සල්ලිවලට මොකද වුනේ කියලා...