එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා උදෑසන කෑගල්ල රන්වල පුරාණ විහාරයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 10 February 2018
හලාවත ඡන්ද අපේක්ෂක නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඡන්දපළට පැමිණි අයුරු හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගකරන නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සිය පවුලේ සාමාජික සාමාජිකාවන් සමග අංක 11 උතුරු පිටිපන විජය විදුහලේ ඡන්දපළට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. 10 February 2018
මහීපාල හේරත් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා මීට සුළු මොහොතකට පෙර කෑගල්ල ශාන්ත ජෝසප් ජෝෂප් බාලිකා මහා විද්‍යාලයේ ජන්ද මධ්‍යස්ථානට පැමිණ ඡන්දය ලබා දුන් අතර එතුමන්ගේ පුතණුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද එහි දී සිය ඡන්දය ලබා දීමට පැමිණ සිටියේය. 10 February 2018
කල්පිටියේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනයට එස් . ටී . එෆ් කැඳවයි කල්පිටිය තිහලිය ප්‍රදේශයේ අද ( 9 ) ඇතිවු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවිමට සිදුවු බව ඉහල පොලිස් නිලධාරියකු පැවසිය . 09 February 2018
රඹුක්කනදී අපෙක්ෂකයෙකුට තර්ජනය කර පහර දෙයි රඹුක්කන ප්‍රාදේශිය සභාවට තරග වදින එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයෙකුට එම පක්ෂයේම ආධාර කරුවන් පිරිසක් තර්ජනය කර පහර දී ඡන්දය දැමීමට නොයන ලෙස පවසා තිබේ . මේ වන විට අපෙක්ෂකයා මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. 09 February 2018
නිල් බලකායේ පැරණි සාමාජිකයෝ ඇමති මහින්ද අමරවීර එක්ක ගැටෙති එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ නිල්බලකායේ සාමාජික පිරිසක් අතර අද (09) උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ. 09 February 2018
උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වෙයි උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නියෝජිත පිරිසක් එරට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 09 February 2018
තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම ප්‍රකාශයට පත් නොකරයි මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම ප්‍රකාශයට පත් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 09 February 2018
තම පාක්ෂිකයෙකුට පහර දුන්නා යැයි කියමින් නියෝජ්‍ය ඇමති විරෝධතාවයක තම ආධාර කරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම පුතණුවන්ද සමඟ අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ. 09 February 2018
ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 09 February 2018
ඡන්ද පෙට්ටි බෝට්ටුවෙන් පළාත් පාලන මැතිවරණයේ බලපිටිය මාදු ගගෙන් වටවූ දුපතක් වන මාදුවේ ජනතාවට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බලපිටිය ගොඩගෙදර සිට මාදුව තොටුපොල වෙත ඡන්ද පෙට්ටි අද (9) මෝටර් බෝට්ටුවකින් රැගෙන ආවේය. 09 February 2018
පළමු ප්‍රතිඵලය හෙට රාත්‍රී 8.00ට පළාත් පාලන මැතිවරණයේ ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය හෙට (10) රාත්‍රි 8 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි අපේක්ෂාඩ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 09 February 2018
ඡන්දෙට හැඳුනුම්පත් හදන්න විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා විශාල ඡන්ද දායකයින් පිරිසක් අද (9) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ. 09 February 2018
නුවරඑළියේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ප්රමාදවෙයි නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඡන්ද පෙට්ටි ප්රවහානය කිරිමට කැබ් රථ නොමැති වීමෙන් ඡන්ද පෙට්ටි ප්රවහානය කිරිමට තරමක් ප්‍රමාද වු බව දිස්ති‍්‍රක් තේරිම් භාර නිලධාරිවරයා කියයි. 09 February 2018
පළාත් කිහිපයකට හෙටින් පසු වැස්ස අඩුවන ලකුණු දිවයිනේ පළාත් කිහිපයකට බලා පා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වය සෙනසුරාදා (10) පසු අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 February 2018
ටි ෂර්ට් බෙදූ අපේක්ෂකයා පොලිස් දැලේ බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ටි ෂර්ට් බෙදමින් සිටි බුත්තල ප්‍රාදේශිය සභාව සඳහා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයකු අද (09) ඡන්ද දායකයන්ට බෙදාදීමට රැගෙන ආ ටි ෂර්ට් 18 ක් සමඟ ගෝනගංආර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 February 2018
ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියත් ලේකම්වරියත් ගැටුමක ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති කැඳවිය යුතු අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය නීත්‍යානුකූල නොවන අන්දමින් කැඳවතැයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය චෝදනා කරයි. 09 February 2018
පොලොන්නරුවෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පොලොන්නරුව කඳුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පල උඩුමහලේ පිහිටි වෙළඳ සංකීර්ණයෙහි පවත්වාගෙන ගිය මුද්‍රණාලයක නිල ඡන්ද පත්‍රිකා වලට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් සිටියදි එම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය සමඟ පුද්ගලයෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි. 09 February 2018
බදුලු පුරවරයත් ඡන්දෙට සුදානම් පළාත් පාලන මැතිවරණය සඳහා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යන අයුරු 09 February 2018
දකුණු සබේ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට රැගෙන යයි දකුණ පළාතේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරු 09 February 2018
ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරඟ කරන අපේක්ෂිකාවක් අතුරුදහන්වී ඇති බව ඇයගේ සැමියා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. 09 February 2018
පුංචි ඡන්දෙට උතුර සුදානම් මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උතුරේ සියලු ඡන්ද මධ්‍යස්ථාන සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරු පවසති. 09 February 2018
ඡන්ද පෙට්ටි ගෙනයාමට දරුවන් යොදාගනී පළාත් පාලන මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කරවාගෙන තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 295 ක් තිබෙන අතර ඒවායේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් ඇත්තේ පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයයි. 09 February 2018
පොලිස් ආරක්ෂාව මැද කොළඹ ඡන්ද පෙට්ටි රැගෙන යයි 2018 පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වන කොළඹ 7 ඩී.එස්. සේනානයක විදුහලෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි රැගෙන යාම අද(9) සිදුකැරිණි. 09 February 2018
නිහඬ කාලයේ දී මැතිවරණ නිති උල්ලංඝණ 45 ක් මැතිවරණයේ නිහඩ කාල සීමාව තුළ එනම් 7 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට අද (9) උදෑසන තෙක් කාලය තූල නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඇතුළු මැතිවරණ නීති උල්ලංඝණයන් පිළිබඳ පැමිණිලි 45ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 09 February 2018
නියඟය අායෙමත් ඔරවයි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 85,999කට අයත් 2,71,960 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 February 2018
ශ්‍රී ලංකාව ගැන පැමිණිලි කරන්න උතුරේ ඇමැතිවරු ජිනීවා යති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වී ශ්‍රීලංකාවට එරෙහිව කරුණු කීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මැති ඇමැතිවරුන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්තු මුල් සතියේ දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටව යාමට නියමිතය. 09 February 2018
ලක්ෂ 24 ක රන් කුට්ටි 4ක් සමඟ කතක් දැලේ රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා රත්තරන් කුට්ටි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (9) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය. 09 February 2018
ඇලොසියස් - පලිසේන දෙදෙනාගේ ඇප නියෝග 16 දා බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) දැනුම් දුන්නාය. 09 February 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026