(සුජිත් හේවාජුලිගේ )
ත්‍රිවිධ හමුදාවේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනකුට ගිය වසරේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ත්‍රිවිධ හමුදාවේ හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් 314 දෙනකුටත් විශ්‍රාමික නිලධාරීන් 35 දෙනකුටත් තීරුබදු රහිත වාහනබලපත්‍ර මෙසේ නිකුත් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.
දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවටයි.
යුද හමුදාවේ නිලධාරීන් 171 දෙනකුට ඒ බලපත්‍ර නිකුත් කර ඇත.
ඊට පසු නාවික හමුදාවේ නිලධාරීන් 86 දෙනකුටත් ගුවන් හමුදාවේ ලිනධාරීන් 48 දෙනකුටත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 9 දෙනකුටත් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
මෙයට අමතරව යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් 22ටත් ගුවන් හමුදාවේ විශ්‍රාමික 8 දෙනකුටත් නාවික හමුදාවේ නිලධාරීන් පස් දෙනකුටත් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා දීලා තියෙන්නේ රටට වැඩකරන අයට හින්ද අපිට ගැටළුවක් නැහැ. මොකද මේ අය රට වෙනුවෙන් තමයි වැඩ කරලා තියෙන්නේ. ගැටළුව තියෙන්නේ සමාජ යහපතට කියල ආපු හොර පාලකයන්ටත් දෙන එකනේ. තීරුබදු රහිත වාහන බලපත් විතරක් නෙවෙයි නිකන් වාහනයි පෙන්ෂන් එකයි ඔක්කොම දෙනවා වැඩ කරන අයට මුකුත් නැහැ. අඩුගානේ පොඩි වාහනයක් වත් ජීවිත කාලයට පදින්න දුන්නනම් ගොඩක් වටිනවා .
ඒ මිනිස්සුන්ට දුන්නට කමක් නෑ. රටට වැඩක් තියෙන මිනිස්සුනෙ.
ඔය 314 දෙනාම සුදුසුකම් තියන අයද..? එසේ නම් මොනවද ඒ සුදුසුකම්?
මේ පුවතේ ශීර්ෂ පාඨයේ තියෙන්නේ ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 349 දෙනෙකුට බලපත්‍ර දුන්නා කියලයි . නමුත් සත්‍ය වශයෙන්ම දීලා තියෙන්නේ 9 දෙනෙකුටයි .
සියලුම භික්ෂූන් වහන්සේලාටත් ඩියුටි ෆ්‍රී වාහන ලබාදීම සුදුසු බවත් කල්පනාවට ගත යුතුයි නේද?
රටක එක එක පුද්ගලයාට විශේෂ සැළකිලි තිබිය යුතු නැත. කරන සේවයට නිසි වැටුපක් සහ විශ්‍රාම වැටුපක් පමණක් තිබිය යුතුය. දේශපාලකයන් අද ලබන වරප්‍රසාද රටට ප්‍රශ්නයක් වී ඇත. එම වරදම තවත් පැත්තකට යමින් පවතී. ණයට සහ විකුණගෙන කන අපිට මේ විදියට ඉදිරියට යන්න පෑගෙන ජනතාව තවත් අපහසු තත්වයට පත් කිරීම සිදුනොවන්නේද?
ඒක හොඳයි.. මොකද මව්බිම ආරක්ෂා කරන්න කටයුතු කරන නිසා... නමුත් මේ දේශපාලකයන්ට ඇයි ඕවා දුන්නේ?
මොන මිනිහෙකුටවත් තීරු බදු වාහන දෙන්න අවශ්‍ය නැහැ. එහෙම දෙනවා නම් රටේ සියලු දෙනාටම දෙන්න.
කිසිම ප්‍රශ්නයක් නැහැ. කොච්චර දුන්නත්... රටට වැඩක් කරන පිරිසක්....
ලොකු නිලතල කරනවා නම් නිලවාහන ලැබෙනවා රාජකාරියට. ලොකු වැටුපක් ලැබෙනවා ලොකු නිලයට. ඉතින් ඒ වැටුපට වාහනයක් ගන්නකෝ. නැහැ මේ දේශපාලකයෝ මේ කරන්නේ තමන්ගේ පැවැත්මට රජයේ නිලධාරීන්ට සන්තෝසම් දීමක්. මම මගේ ළමයින්ට කියා තිබෙන්නේ සතයක් මේ රටට එවන්න එපා කියලා...
මේවා ලොකු නිවුස් නෙමේ. පිදිය යුත්තන් පුදන්න ඕනෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අර දියවන්නාවේ ඉන්න 225 ගැන තමයි.
මට පුදුම හිතෙන්නේ අපේ රටේ නීති රීති සකස් වෙන්නේ එක්තරා කොට්ඨාශයක් වෙනුවෙන් පමණයි. මෝඩ ජනයා හිතන්නේ ඒවා නිවැරදි කියලා... එක්කෝ දේශපාලකයින් නැතිනම් නිලධාරීන්.... අනේ මෙහෙමත් රටක්... ජනාධිපතිගේ පටන් හැමදෙනාම සමාන අයිතිවාසිකම් තියෙන පුරවැසියන් කියලා හිතෙන ගානට ජනතාව කවදා පත්වේවිද...?
පත්තර කලාවේදීන් යැයි කියා ගන්නා අයට උගත්කමේ වටිනාකම නොතේරේ. හෙඩ් ලයින් එකක් ලෙස මෙය වැරැදියි කියන්නාසේ යොදන්නේ ඒකයි. අද පත්තර කලාවේදීන් ලිව්වේ මොනවාදැයි දැන ගැනීමට අතීතයේ පත්තර මොවුන් කියවනවා නම් හොදයි.
ඔක්කොම සැලකිලි එක කට්ටියකට විතරයි. පෞද්ගලික අංශයේ අපිට බදු විතරයි. ඒගොල්ලෝ විතරයි වැඩ කරන්නේ.