ඩුබායිහි නිදහස් වෙළඳ කලාපයේ පිහිටි සමාගමක සේප්පුවකින් සොරකම් කළ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 320ක්ට වැඩි) වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමටත්, එම සොරකම සිදු කළැයි සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත් වී ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවිය අද (27) වාර්තා කළේය.
එම සමාගම සතුව පැවති පැය 8620 ක් පුරා දිවෙන ආරක්ෂිත කැමරා දර්ශන ( සී.සී.ටී.වී ) වාර පරීක්ෂාවට ලක් කිරීමෙන් සහ පුද්ගලයින් 120 ක අධික පිරිසකගෙන් මෙම සොරකම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුව මෙම නිල් දියමන්තිය සොයා ගැනීමටත් , සැකකරු අල්ලා ගැනීමටත් හැකිවූ බවද කලීජ් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
ඩුබායි ජබෙල් අලි ප‍්‍රදේශයේ ඇති නිදහස් වෙළඳ කලාපයේ පිහිටි මූල්‍ය හුවමාරු සමාගමක ආරක්ෂකයකු වූ සැකකාර ලාංකිකයා විසින් කැරට් 9.33 ක් වටිනා මෙම දුර්ලභ ඝණයේ නිල් දියමන්තිය පසුගිය මැයි 25 වැනි දා එහි සේප්පුවෙන් ඉවත් කරගෙන ඇති බව එම සී.සී.ටී.වී දර්ශන වාර දහස් ගණනක් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව සොයා ගෙන ඇත.
සැකකරු විසින් එම සොරකම සිදුකර දින 14 ක් ඇතුළත එම දියමන්තිය ඩුබායි රාජ්‍යයෙන් පිට කිරීම සඳහා ඔහුගේ ඥාතියකුට ලබාදී ඇති බව සඳහන්ය.
ඒ අනුව එම දියමන්තිය සපත්තු ජෝඩුවක් තුළ සඟවා මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප‍්‍රවාහන සේවාවක් මඟින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව ඩුබායි පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
මෙම දියමන්තිය රඳවා තිබූ සේප්පුව ආරක්ෂිත ගේට්ටු තුනකින් වසා දමා දැඩි ආරක්ෂාවකින් පැවති අතර සැකකරු ඒ සිලූම ආරක්ෂික ගේට්ටුවල ඉබි යතුරු කඩා දමා ඉතා සූක්ෂම ලෙසින් මෙම සොරකම සිදු කර ඇත.
සැකකරු විසින් සොරකම සිදු කරන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන නිල වශයෙන් අන්තර්ජාලයට මුදහැරීමටද ඩුබායි පොලීසිය කටයුතු කර තිබේ.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වැරදි වැඩක්. මෙතන තියෙන අනිත් ප්රශ්නය තමා ඩුබායි පොලිසිය මෙම මැණික් ගල ලංකාවෙන් ආපසු රැගෙන ගියේ කොහොමද කියන එක. ඒ සම්බන්ධ තොරතුරු ඩුබායි බලධාරීන් හෝ ශ්‍රී ලංකාවේ කවුරුවත් මේ වෙනතුරු හෙළි කර නැත. හොරකමක් පිට ගහලා ලංකාවෙන් වටිනා වස්තුවක් පැන්නුවා වන්න බැරි නැද්ද? තොරතුරු නැති නිසයි අහන්නේ.
මේ ගැන ඩුබායි පොලිසියත් සීසීටීවී වීඩියෝ දර්ශන මුදාහැරලා තියෙනවා.
ආඩම්බරයි පුතා ඔබ ගැන...
අර හොරුන් වෙනුවෙන්ම නඩු වලට පෙනී ඉන්න ප්‍රසිද්ධ නීතිඥයාව ඩුබායි වලට යවමු. මෙයාගේ නඩුවටත් පෙනී ඉන්න.