රණවිරු දූ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්වයක්
කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ‘කුවේට් ශ්‍රී ලංකා එකමුතුව’ සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ මෙරට රණවිරු දූ දරුවන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයෙදී අද (03) පැවැත්විණ.