දින 34කට පසු අනධ්‍යයන සේවක වර්ජනය අනිද්දා අවසන්
මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්ව අනධ්‍යන සේවකයින් දින 34ක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය අනිද්දා (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.