(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය සිව් වතාවක් විවෘත කිරීම ගැන විගණන විමර්ශනයක් පවත්වන්නැයි විගණකාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
රත්නායක මහතා මේ බව පැවැසුවේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
බිමල් රත්නායක මහතා මෙසේද කීය.
‘‘ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උත්සව වලට ලොකු මුදලක් නාස්ති වෙනවා.රාජ්‍ය උත්සව වලට කරන අනවශ්‍ය වියදම් ගැන විගණකාධිපතිවරයා රටට ප්‍රකාශයක් කළ යුතුයි.
ඒ වගේම පාර්ලිමේන්තුව රැස්කරන්න දිනකට වැය කරන මුදල ගැනත් ඔහු ප්‍රකාශයක් කළ යුතුයි. ඒ ගැන තිබෙන සංඛ්‍යා ලේඛන පරස්පරයි.
මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්න කලින් ඒ ව්‍යාපෘති ගැන විගණනයක් කළ යුතුයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් දූෂිත නිලධාරීන් ඉන්නවා.වයඹ පළාතේ දුෂණයක් ගැන මා පැමිණිල්ලක් කළා. ඒ පළාතේ විගණන ප්‍රධානීන් කිහිපදෙනෙකු කළේ දූෂිතයින් සෙවීම නොව පැමිණිල්ල කරපු අය පිටුපස පැන්නීමයි.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන ලංකාදීප වෙබ් අඩවියේ මම මුලින්ම අදහස් පල කරද්දී යහපාලන හෙංචයියෝ කොච්චර කෑ ගැහුවද..? තව මේක ඉවර නැහැ.. ආපහු මේක විවෘත කරනවා. බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරලා සරල ගමයා රටම ඇන්දුවා.
හිටපු ජනාධිපති අධ්වෙගීමාර්ග අඩියෙන් අඩිය විවෘත කරනකොට වරාය ජැකාල නටවල දෙතුන්පාර විවෘත කරනකොට අරලිය ගහ මන්දිරයේ පන්හයදාහකට දන්සැල් දෙනකොට මෙයාල මීක් නැතුව හිටිය.
මොරගහකන්ද හතරසැරයක් විවුර්ත කරලා අර 62 ට කියනවා අපි ව්‍යාපෘති 4 කලා කියලා. කාටද ආඩම්බර?