උඩරට දුම්රිය ධාවනය හැටන්වලට සීමා වේ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම අසලදී පීලි පැන ඇති රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනීම හේතුවෙන් දිනපතා රාති‍්‍ර තැපැල් දුම්රියට අමතරව මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන භාණ්ඩ ප්රවහාන දුම්රිය වාර කිහිපයක්ද අත්හිට වු බව දුම්රිය පාලක මැදිරි ආරංචි මාර්ග පවසයි. 14 July 2017
ජනාධිපතිට බංග්ලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය. 13 July 2017
තේ කර්මාන්තයට වසර 150යි ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සවයක් අද(13) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නවම් මාවතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 13 July 2017
කතරගම පෙරහරට වතුකරයේ ජනතාව පාද යාත්‍රාව අරඹයි කතරගම පෙරහර සඳහා සහභාගි විමට වතුකරයේ හින්දු භක්තිකයන් මස්කෙළිය ප්‍රදේශයේ සිට කතරගම දේවාලය දක්වා යන පාද යාත්‍රාව අද (13) ආරම්භ කැරිණි. 13 July 2017
යාපනයේ සුසාන භූමි නිසා ජනතාව අවදානමේ යාපනය අච්චුවේලී පූතූර් ප්‍රදේශයේ පිහිටි අවිධිමත් සුසාන භූමි නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා අද (13) ප්‍රදේශවාසීන් පූතූර් ග්‍රාමීය ශාලාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කැරිණි. 13 July 2017
බදුලු තැපැල් දුම්රිය පිලි පනී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වී ඇති බව දුම්රිය ආරංචි පවසයි. 13 July 2017
අතුරුදන්වූවන්ගේ ඥාතීන් බලන්න සම්පන්දන් යයි අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහය කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා අද (12) ගියේය. 12 July 2017
සයිටම් ආයතනයට එරෙහිව සීනිගම පොල් ගසති සයිටම් විරෝධී සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද(12) සීනිගම දෙවොල් දේවාලයේ දී සයිටම් ආයතනයට විරුද්ධව පොල් ගැසූහ. 12 July 2017
නිල්ගල වන රක්ෂිතය ගිනිගනී බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය දින තුනක් තිස්සේ විටින් විට ගිනිගැනිම නිසා අක්කර 50ක පමණ භුමියේ ගස් වැල් විනාශ වී ඇතැයි අවට ප්‍රදේශවාසීහු කියති. 12 July 2017
නව යුද හමුදාපති ජනපති හමුවෙයි ශි‍්‍ර ලංකා යුද හමුදාවේ 22 වැනි හමුදාපතිවරයා වශයෙන් පත් වු ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යලයේ දී ජනාධිපතිවරයා හමුවිය. 11 July 2017
කන්ටේනරයක් වුඩ්ලන්හිදී පෙරළෙයි වැලිමඩ සිට කොළඹ දක්වා තේ කොළ ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වුඩ්ලන්හිදී මාර්ගය හරහා අද (11) පෙරළීමෙන් එම මාර්ගයේ බර වාහන ධාවනයට බාධා පැමිණ ඇතැයි හැටන් පොලිසිය පවසයි. 11 July 2017
යුද්දෙන් පසු නැවත පදිංචිකරුවන්ට යුද හමුදාවෙන් ලේ දන්දීමක් යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. 10 July 2017
තුවාල ලත් සතුන්ට අම්පාරේදී ප්‍රතිකාර විවිධ පීඩාවන්ට ලක්වු සතුන් විශාල සංඛ්‍යාවක් මේ දිනවල අම්පාර වනජිවි සෞඛ්‍යය ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටිති. 09 July 2017
ලහිපිටෙන් පහන් කූඩුවක් නිර්මාණය කරලා ඉරිදා ලංකාදීප පුවත්පතෙහි ලහිපිට පිටු තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩුවක් ඇසල පොහොය නිමිත්තෙන් පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරයේදී ප්‍රදර්ශනය කෙරෙයි. 09 July 2017
මඩ වතුරේ දමා රෝහලේ රෙදි අපුල්ලයි පුත්තලමේ ප්‍රාදේශීය රෝහල් කිහිපයක රෙදි පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කරන ලොන්ඩරිකරුවකු නිසි ක්‍රමවේදයෙන් බැහැරව එම කටයුත්ත සිදු කරනා බව ප්‍රදේශවාසීහු කියති. 09 July 2017
සැදෑවතුන්ගෙන් අනුරපුරය පිරි යති ඇසළ පොහොයට අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට දහසක් සැදැහැවත් පිරිසගෙන් අනුරාධපුර පූජාභූමිය පිරී ඉති ගොස් සිටිති. 08 July 2017
හෙන්රි පේද්‍රිස් ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරේ අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් මුදවා ගැනීමේ සටනට නායකත්වය දුන් ජාතික වීරවර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ශ්‍රීමතාණන්ගේ 102 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ හැව්ලොක් ටවුන් හි ඉසිපතන මාවත මංසන්දියේ පිහිටි පිළිරුව අසලදී අද (7) පැවැත්විණි. 07 July 2017
රත්නාවලී බාලිකාවන්ගෙන් රෝගීන්ට සුප් දානයක් ගම්පහ රත්නාවලී බාලිකාවෝ අද ගම්පහ රෝහලේ නේවාසික හා බාහිර ප්‍රතිකාර ගැනීමට ආ සියලුම රෝගීනට සුප් දානයක් දුන්හ. 07 July 2017
සුර්යබල බලාගාරයේ භූමීය බලන්න ඇමැති සියඹලාපිටිය යයි ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන විශාලතම පුනර්ජනීය බලශක්ති බලාගාරය වන සූරියබල සහ සුළං බල ශක්ති බලාගාරය ඉදිකිරීම සඳහා පූනරින් කව්දාරිමුනෙයිල මන්නිතලෙයි භූමිය පරීක්ෂා කිරීම සඳහා විදුලිබල පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එහි සංචාරයක නිරත විය. 07 July 2017
වටවල යන්න ගිය ලොරිය වළකට යයි හැටන් සිට වටවල දක්වා ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 06 July 2017
වගා හානි වලට වන්දි ඉල්ලා හිඟුරක්ගොඩ ගොවියෝ උද්ඝෝෂණයේ වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබාදෙන ලෙසත් ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට රජයට බල කරමින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ නගරයේ දී පැවැත්විණි. 06 July 2017
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් කොටුවේ උද්ඝෝෂණයක විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන් සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (6) කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි. 06 July 2017
සයිටම් විරෝධීහු නුගේගොඩට එකතු වෙති මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කළ රැලියක් අද(5) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 05 July 2017
නීති කැඩීම විනෝදාංශයක් වෙයි දුමිරිය මාර්ග තුළ සෙල්ෆි ඡායාරූප ගැනීම රජය විසින් තහනමි කර තිබියදිත් ,විද්‍යුත් මාධ්‍ය සහ මුදිත මාධ්‍ය තුළින් කෙතරම් දැනුවත් වීම් කළත් එය ගණනකට නොගෙන සෙල්ෆි ඡායාරූපකරණයේ යෙදෙන පාසල් සිසුන් පිරිසක් වේයන්ගොඩ දුමිරිය ස්ථානයේ දී පසුගිය දිනක අපට දක්නට ලැබිණි. 05 July 2017
රට රැක දුන් විරුවනට ආශිර්වාද පතා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක් අගනුවර බෞද්ධ සංවිධානය එකමුතුව දේශය රැකදුන් රණවිරුවන් පවාදෙන ’’දේශිය යුධ අපරාධ පනත’’ පාර්ලිමේන්තුවට ගෙන එන තීරණාත්මක මොහොතේ දේශය රැකදුන් රණවිරුවන්ට ආශිර්වාද පතා මහ සඟරුවන සියක් නමකගේ පිණ්ඩපාත චාරිකාවක් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයෙන් අද (05) ආරම්භ කර පැවැත්විණි. 05 July 2017
නව හමුදාපති වැඩ බාරගනී නව යුද හමුදාපති ලෙස පත්වීම් ලැබූ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද(5) පෙරවරුවේ කොළඹ යුද හමුදා මුලස්ථානයේදී වැඩ බාර ගත්තේය. 05 July 2017
විශේෂ සංඝ සමුළුවක් මහනුවරදී ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව 04 July 2017
සෞදි කුමරු විදේශ ඇමැති හමුවෙයි සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද (4) පස්වරු 12.15 ට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි. 04 July 2017
චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති ලෙස පත්කෙරුන සිතේන්ද්‍ර සේනාරත්න මහතා අද(4) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී වැඩ බාරගත්තේය. 04 July 2017
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026