(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කළ රැලියක් අද(5) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
කිරුළපන, විජේරාම හන්දිය සහ කළුබෝවිල සිට පෙළපාළි මගින් පැමිණි සිසුහු නුගේගොඩට එකතු වූහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේ බිල්ලක් ඉල්ලන බව මේ මෝඩ ළමයින්ටත් දෙමාපියන්ටත් තේරෙන්නේ නැද්ද හත් දෙයියනේ.
මාර සෙනඟක්නේ... අධ්‍යාපනේට ජාතික ආදායමෙන් සියයට 6ක් දෙන්න කියලා උද්ඝෝෂණය කරපල්ලා දරුවනේ. එක එක්කෙනාගේ අතකොළු වෙන්න එපා.
මැටි හරක් !
මේ සටනට ජයවේවා ,,,සියලු බේද දුරුවේවා රටට යහපතක් උදාවේවා ,,,හතුරු බලවේග පරජයවේවා!
මේ රටේ තව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්න. රටේ අනාගතය විසදන්න මේ අයට ඉඩ දෙන්න එපා. ප්‍රමිතිය ආරක්ෂා කරන්න.
ඇත්තටම ඇයි මේ ජනතාවාදී කියන ආණ්ඩුව ඔච්චරටම මුරණ්ඩු, ඇයි මේ රටේ උගත්ම දරුවෝ මෙච්චරම කෑ ගහ ගහ කියන දේට පොඩ්ඩක්වත් නම්‍යශීලි වෙන්න බැරි? රටේ ජනාධිපති, අගමැති පදවි දෙකටම ඉහල තනතුරක් අර සය්ටම් එකේ "නෙවිල්" දරනවවත්ද? එහෙම නැත්නම් "නෙවිල්" රටේ ප්‍රධාන තනතුරු දෙක සය්ටම් මුදලට අරගෙනවද්ද?
ඕක මෙහෙයවන දේශපලයන නායකයාගේ පුතා ඉගෙන ගත්තේ මාලබේ SLIIT එකේ , එකයි එගොල්ලොන් SLIIT එකට විරුද්දව් මුකුට්ත් කියන්නේ නැත්තේ
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට සහ GMOA එකට අනුව රටේ තියෙන එකම ප්‍රශ්නය සයිටම් පමණි. උමා ඔය, ඩෙංගු, බුද්ධාගමට රටේ තියෙන තැන නැති වීම, උතුරු නැගෙනහිර ප්‍රශ්න යනාදී ඒවා සලක බැලීමටවත් දෙයක් නැති තරම්ය. අඩු තරමේ ඒවාට උත්ගොෂණ තියා වාචිකවවත් විරෝයධක් දක්වා නැත. මන්දයත් ඒවා රටටම බලපාන රටේ ප්‍රශ්න මිසක් තමන්ගේ බඩට වදින ප්‍රශ්නයක් නොවන නිසාය. මෙම කොමෙන්ටුව හුදෙක් සත්‍ය ඉදරිපත් කිරීමක් මිස සයිටම් ආයතනයට කඩේ යමක් නොවේ . මමද දැනට තිබෙන සයිටම් ආයතනයට විරුද්ධය.
ගියපාර අන්තරේ කට්ටිය අරගෙන ආපු ස්ලිට්, එන්.එස්.බී.එම්. පෝස්ටර් අද නැත්තේ මොකද? අන්තරේ විරුද්ධ වුණේ පෞද්ගලික අධ්‍යාපනයට, සයිටම් පමණක් නොවේ. ජී.එම්.ඕ.ඒ. අවශ්‍යතාවයට අද එය සයිටම් පමණක් ලෙස වෙනස්වී ඇත. මෙය බුද්ධිමත් අය තේරුම් ගනිවී. පිටරට (මුදලට) වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ නොවන්නේ ඇයි?
දේශපාලකයින්ගේ අතකොළු බවට පත්වෙලා... මේ අය කවදාවත් රට දියුණු වෙනවට කැමැති නැහැ.
සල්ලිවලට ඔක්කොම යටයි. ඕකනේ සල්ලි වලට ආණ්ඩුවත් යටයි. මේ සල්ලි මෝඩ, අනුවණ අයට ලැබුණාම වෙන්නේ ලෝකයේ එවැනි පුද්ගලයෝ බිහිවීමයි.
මේ උද්ඝෝෂකයන්ට සහ දොස්තරවරුන්ට බැරිද ඩෙංගු මර්දනය කිරීමට ජාතියක් ලෙස කුමක් කල යුතුද කියා වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට. මෙය හුදු කාලෝචිත නොවන වැඩපිළිවෙලකි. සයිටම් හරියට සෑදිය යුතුව ඇත. නමුත් විශාල ඩෙංගු ව්‍යසනයක් ඇතිවී ඇති මෙවැනි අවස්ථාවක මේ තමාගේ ඔය කියන ඉහල කොලිටියේ රජයේ දොස්තර දැනුම පාවිච්චි කර විසඳුමක් සොයාගත නොහැක්කේ මන්දැයි නූගත් ජනතාව පවා හිතනු ඇත. කෙසේවුවද සෑම මරු පහරක්ම වදින්නේ අහිංසක දුප්පත් ජනතාවට මිස දොස්තරලාටවත්, අමතිවරුන්ටවත්, සල්ලිකාරයන්ටවත් නොවේ.
ඔහොම ටික ටික කොළඹින් පිටට යවල.... ඔය කහතුඩුව වගේ පැත්තක අඛණ්ඩවම ඕක කරගෙන යන්න දුන්නා නම් මිනිස්සුන්ට කරදරයක් නැහැ. ඒ පැත්තේ රබර් වතු එහෙම තියෙනවා මේ ගොල්ලන්ට ඉන්න.
මෙහෙමත් පිස්සු යක්කු එහෙනම් දොස්තරලටත් කියන්න චැනේලින් නවත්වන්න කියල ගිය ආණ්ඩුවේ වලිග හංගගෙන ඉඳල දැන් මතක් වෙලා C 2 S 2 ගත්තු GMOA උන් මේක ගෙනියන්නේ ... හුගක් උන්ගේ ළමයි පිටරටවල
මේ හරක් ටික මෙල්ලකරන්න ආන්න්ඩුවට බැරිද?
පිටකොටුවේ ගමනක් යන්න බැරුව හිටියා.. දැන් නුගේගොඩටත් ආවද? මේවට කෑගහන අය සයිටම් එකේ ළමයින් කීදෙනෙක් දොස්තර උපාධියට ඉගෙන ගන්නවද කියලවත් දන්නවද? මම හිතන්නේ සීයකටත් වඩා අඩුයි. මුළු රටම වනසන ලොකුම ප්‍රශ්නය මේකද ? සයිටම් ආරම්භ කීරීමේ යෝජනාව මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දිනේෂ් ගුණවර්ධන මහතායි. එතුමා මෙම විරෝධතාවේ සිටීම විහිළුවක් සහ එහි පරමාර්ථයත් අපිට හිතා ගන්න පුළුවන්...
මේ අනුවණ කැම්පස් ළමයි ටික දේශපාලන අතකොළුවක් වෙලා තමන්ගේ කාලයයි, රටේ මිනිස්සුන්ගේ කාලයයි, රටට දියුණු වෙන්න තියෙන අවස්ථාවයි ඔක්කොම නැතිකරලා දානවා. අනිත් ගොඩක් රටවල්වලට වඩා හොඳට අපේ රටේ පෞද්ගලික වෛද්‍ය ඇතුළු අනෙක් උපාධිදෙන්න පුළුවන්කම තියෙද්දී ඒ අවස්ථා ඔක්කොම කුහක දේශපාලනය නිසා නැතිකර ගන්නවා. අපරාදේ...
අනුරගේ මහත්තයාගේ පුතාත් ස්ලිට් ගියා කියලා රටම දැනගත්තට පස්සේ ස්ලිට්, එන්.එස්.බී.එම්. උපාධි ආයතන වසා දමනු කියන බෝඩ් ලෑලි උස්සන්නේ නෑ අන්තරේ කට්ටිය. දැන් කියන්න බැහැනේ ඉතින් තමන්ගේ පක්ෂේ නායකයගේ පුතත් ඉගෙනගත්තු ආයතනය වහන්න කියලා...
මෙම සටනට බනින අයටයි මේ නොයෙක් දෙනා නොයෙක් ආකාරයට බනිනවා ඔය බනින උන් දන්නේ නැහැ අදටත් නිදහස් අද්‍යාපනය කියල රොඩ්ඩ හරි තියෙන්නේ මෙම දරුවන් එදා සිටම කරන සටන් නිසා ඔය අද හොර උපාදී කඩ වෙනුවෙන් පෙනී ඉන්න තක්කඩි ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනයට පින් සිදු වෙන්න බව උන්ට අමතක වෙලා . සමහරු අහනවා මේවගේ ඩෙංගු මර්දනය කරන්න බැරිද කියල මී හරක් අහන ප්‍රශ්න ඩෙංගු වසංගතයත් නිර් මානය කරන්නේ පාලකයෝ බව නොදන්නෙහිද ඒවාට ලෝකේ විසදුම් තියෙනවා උවමනාවක් නැත්තේ රජිතට සයිටම් එක රැක ගන්න තියෙන උවමනාව ඩෙංගු වලට නැහැ එයාගෙ ලේලිට හැදුනානම් ඕක ඩෙංගු වලට විසදුම් හොයවී අනෙක් එක වෛද්‍යා විද්‍යාල ඔය කියන තරම් ලෙහෙසිනැහැ බිහි කරන්න නියම ප්‍රමිතියට . දැනටමත් ලෝකේ පුද්ගලික වෛද්‍යා විද්‍යාල ඇති කිරීම නතර කරලා තියෙන්නේ
එක උපාධි මුදලාලි කෙනෙක් වෙනුවෙන් ගරු ඇමති තුමන්ලා දෙතුන් දෙනෙක් කෑගහන කොට දැනට පන්ති නවත්වල ඉන්න අටදහසක් දරුවන්ට වෙන පාඩුව පෙනෙන්නේ එම දරුවන් හදාවඩා උගන්නන්න මහන්සි උන දෙමාපියන්ට. මේ අය කෑ ගහන්නේ එම දරුවන් වෙනුවෙන්.