( ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ රත්නාවලී බාලිකාවෝ අද ගම්පහ රෝහලේ නේවාසික හා බාහිර ප්‍රතිකාර ගැනීමට ආ සියලුම රෝගීනට සුප් දානයක් දුන්හ.
සෑම වර්ෂයකම ඇසල පොහෝය නිමිත්තෙන් පැවැත්වෙන මෙම සුප් දානය මෙවර පවත්වනුයේ 40වැනි වරටය. රත්නාවලී විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මිය සහ නියෝජ්‍ය විදුහල්පතිනී දිලානි බාලසුරිය මෙනෙවියගේ මග පෙන්වීම මත විද්‍යාලය ඒකකය භාර ආචාරිනී ශිරෝමලී පතිරණ මහත්මිය සහ සෞඛ්‍යදාන ඒකකය සහ බෞද්ධ සංගමය මගින් මෙය සංවිධානය කළේය.
රත්නාවලී බාලිකාවෝ රෝගීන් අසලට ගොස් මෙම දානය පිරිනැමූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බාලසූරිය මැඩම් තවමත් ඉන්නවානේ කොච්චර දුර රටක හිටියත් අපි ආයෙත් පාසල් ගියාවාගේ දැනෙනවා. ගොඩාක් පිං ලංකාදීපයටත් අපට මේවා දකින්න සලස්වනවාට...
දරුවන්ට ආදර්ශමත් අපේ ගුරුමෑණියන්ගේ ලෝකයට වැඩදායි ආදි රත්නාවලියන් ලෝකය පුරා සිටිනවා. මාත් අවස්ථා කීපයයදී මෙයට සහාභාගී වුණා. ගොඩාක් පිං සිදුවෙන වැඩක්..
ොබොහෝ පින්.... දයාබර මෑණිවරු දරුවන්ට හොඳ දේ පුරුදුකරනවා. ලොකු පිනක් දරුවනේ.!!!
හොඳ වැඩක්, අනේ මේ අහිංසක ලෙඩ්ඩු අද සුප් බීලා හෙට මොනවාද බොන්නේ? මේවා එදිනෙදා ලෙඩුන්ගේ ආහාර වේලට අයිති දේවල් නමුත් රෝහල්වල තිබෙන දූෂිත පාලනය නිසා ඒ සියල්ල ලෙඩුන්ට අහිමිවෙලා.