බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවිය.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙයි.
ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාරයක් ද පිරිනැමිණි.
එමෙන්ම ශ්‍රී ලංකා - බංග්ලාදේශ ජාතික ධජවලින් ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සරසා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක එතුමාට කරපු විශේෂයක් නෙමෙයි ඔය. කොහොමටත් බංග්ලාදේශය ඝර්ම කලාපේ රටක්නේ? අනික ඔය වෙඩි නොවදින එව්වා යටට ඇඳගෙන යනකොට තවත් උණුසුම් තමයි.
දැන් මොනවද මේ කතා කරන්නේ..
කෝ අර ජනාධිපති සමග ගිය අනිත් 73 න් දෙනා.
ජාත්‍යන්තරය ජය ගනිමින් ඉන්න අපේ ජනාධිපති තවත් රටක් ජයගත්තා.
ආපු දවසේ පටන් රට රටවල යනවා නමුත් ණය අමතරව ආයෝජන නම් තවම කොහෙන්වත් ලැබුනේ නැහැ. සල්ලි වියදම් කරගෙන ගිහිල්ල ණය ඉල්ලන එක විතරයි අන්තිමට වෙන්නේ .
අපි අය එහෙ යනවා ඒ අය මෙහෙ එනවා අහිංසක දුප්පත් ජනතාව නන්නත්තාරේ යනවා. රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් පරම්පරා ගානකට කොල්ලකාලා තියන වංචා වැඩ සේරම කරලා, රටේ අහිංසක මිනිස්සුන්ව නොමග යවන ලෝකය ඉන්න ලැජ්ජ නැති ජරාම ජන කොට්ටාසය තමා ලංකාවේ දේශපාලකයෝ අබ සරනයි ශ්‍රී ලංකා.
නියම උත්තරේ ... ඡන්ද කියන අයට ආණ්ඩුවෙන් මොකක්හරි දෙනවා ඇති...
අත් මේස් දාලත් නැහැ නේද බලන්න.
බංගලි ජාතිකයෝ තමයි පිළිගත්තොත් ඉතින්...