(සිතුම් චතුරංග)
ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන විශාලතම පුනර්ජනීය බලශක්ති බලාගාරය වන සූරියබල සහ සුළං බල ශක්ති බලාගාරය ඉදිකිරීම සඳහා පූනරින් කව්දාරිමුනෙයිල මන්නිතලෙයි භූමිය පරීක්ෂා කිරීම සඳහා විදුලිබල පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එහි සංචාරයක නිරත විය.
සූර්ය බලශක්තිය භාවිතා කරමින් මෙගාවොට් 800ක ධාරිතාවෙන් යුතු විදුලියක් ජාතික පද්ධතියට මෙයින් නිපදවීමට නියමිත අතර සුළං බලය භාවිතා කර මෙගාවොට් 240 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.
අක්කර 600 භූමි ප්‍රමාණයක ඉදිකෙරන අතර අදියර තුනක් යටතේ මෙහි ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කරත් හොඳ වැඩක්. මේ වගේම පුළුවන්නම් ලංකාවටත් ස්මාර්ට් ග්‍රිඩ් තාක්ෂණයක් හඳුන්වලා දෙන්න. ඉදිරියට එන විදුලි අර්බුධයකට මුහුණ දෙන්න හොඳම විදිහ තමයි.
මේ අය බෝඩ් ලෑලි ගහලා එයි...
මේක ඉතා හොඳ වැඩක්... සුර්ය බලාගාර කෙසේ වෙතත් උඩහ අය ඉල්ලපු ඊලාම් භූමිය රජයට අයිති වෙයිනේ.
මේක බොරුවක් කියලයි මට හිතෙන්නේ... දැන් අයැදුම්පත් දාලා තියෙන අයට ඉස්සෙල්ලා ග්‍රිඩ් කනෙක්ෂන් දීලා එන්න කියන්න. ඒවා දෙන්න ඩොලර් මිලියන ගණන් ඉල්ලනවා. බලනකොට ඔක්කම එකයි වගේ...