(රංජිත් රාජපක්ෂ)
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම අසලදී පීලි පැන ඇති රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනීම හේතුවෙන් දිනපතා රාති‍්‍ර තැපැල් දුම්රියට අමතරව මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන භාණ්ඩ ප‍්‍රවහාන දුම්රිය වාර කිහිපයක්ද අත්හිට වු බව දුම්රිය පාලක මැදිරි ආරංචි මාර්ග පවසයි.
වසර 150 කට වඩා ඉපැරණි දුම්රිය පාලමට දැඩි අලාභ හානි සිදුවී තිබේ. නාවලපිටිය බදුල්ල යන දුම්රිය ස්ථානවල නඩත්තු අංශවල සේවකයින් 100කගේ පමණ සේවාව මෙම දුම්රිය මැදිරි පීලිගත කිරිම, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව , දුම්රිය පාලම අලුත්වැඩියාව සඳහා යොදවා තිබේ.
පිලි පැන ඇති දුම්රිය මැදිරි පිලිගත කළත් අනතුරෙන් විශාල හානි සිදුවී ඇති දුම්රිය පාලම යථාතත්ත්වයට පත් කිරිමට දිගු කාලයක් ගත වන බව දුම්රිය ඉංජිනේරුවරු පවසති.
එම පාලම ඉදිකර ඇති යකඩ කොටස් දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැති නිසා පාලම යළි ප‍්‍රතිසංස්කරණය කිරිමට කල් ගත වන බව පවසයි.
මෙම දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කරන තෙක් උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ විශේෂ දුම්රිය කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන එම දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එතැන් සිට ලංගම බස් රථ වලින් එම දුම්රියන්ට මගින් හුවමාරු කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කරන බව පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම වෑද්දුම් සහ රිවට් මගින් තනා ඇති මේ පාලම ඔක්සි ඇසිටලීන් වලින් කරන පින්තූරයක් දැකීමට තරම් මාගේ දෑස් අවාසනාවන්ත වුණා...
අවශ්‍ය කරන යකඩ කොටස් ගෙන්වන තුරු තාවකාලික අලුත්වැඩියාවක් සඳහා මේ රටේ දැනට තියෙන යකඩ කොටස් බාවිතා කොට පාලම අලුත්වැඩියා කිරීමට ශක්තිය ධෛර්යය අපේ ඉංජිනේරුවරුන්ට ලැබේවා !!!
වෙදගේ, මම නම් කියන්නේ ඔයා කියන විදිහට නෙවෙයි. මෙහෙ ඉන්න සමහරක් ඉංජිනේරුවරු නියම සුදුසුකම් ලැබූ අය නෙවෙයි.
මේවා ප්‍රතිසංස්කරණයේ දුර්වලතා තමයි. මේක ලංකානු ක්‍රමය කිව්වට වරදක් නැහැ.
දුම්රිය නඩත් තුවට දහසක් දේ කලුතුව තිබෙනවා... නමුත් ඒ කිසිවක් නොකර මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම ඉතාම වැදගත් වීම ගැන කාට කියන්නද මේ සේවකයන්ට හරි හැටි සපත්තු දෙකක් නැහැ ඇදගෙන වැඩ කරන්න
සුද්දා හදලාගිය දුම්රිය පාරත් තවම අළුත්වැඩියා කරන්න බැහැ. ඒත් අපේ සමහර අය සුද්දට බනිනවා මොකද කළේ කියලා.
අනතුර ගැන පුදුමයකුත් නැහැ