අරන්තලාවේදී කුල දරුවන් 31 ක් සසුන්ගත කෙරේ කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාව ප්‍රදේශයේ දී මීට වසර 31 කට පෙර ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු සාමනේර හිමිවරු 31 නම සිහිකිරිම නිමිති කොටගෙන අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (1) කුල දරුවන් 31 දෙනෙකු සසුන් ගත කිරිම සිදුකරනු ලැබීය. 01 June 2018
මධ්‍ය ශීලා යුගයට අයත් සාධක රජගලතැන්නෙන් අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජා භුමියේ ප්රාග් ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කිරිමට ආරම්භ කළ කැණීම්වල දෙවැනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ මහා ලෙන දී ආරම්භ කළ අතර මෙම කැණීම් වලදි මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් සොයාගත් බව ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව මහතා පැවසීය. 31 May 2018
රොෂේන් චානක ගුණ සැමරේ කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 7 වැනි ගුණසැමරුම හා සේවක අර්ථ සාධක ධවල පත්‍රිකාව සම්මන්ත්‍රණය අද (30) කොළඹ සි.එස්.ආර් ශාලාවේදී පැවැත්විනි. 30 May 2018
ධිවරයින් මුහුදු යන්න විදින දුකක් මුහුදු රළු වීමත් සමඟ ධිවරයින් මුහුදු යාමට ගත් උත්සහයක් මෙසේ කැමරාවේ සටහන් වුයේ උඩප්පු මුහුදු තිරයේ දීය 30 May 2018
රජගල පුරාවිද්‍යා භූමියේ කැණීම් යළි ඇරඹෙයි අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජාභුමියේ ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ආරම්භ කරන ලද කැණීම් වල දෙවෙනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ ඇති විශාලතම ලෙණ වන මහා ලෙණදි ආරම්භ කෙරිණ. 29 May 2018
ශ්‍රී ලංකාවේ උසම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට නිදන් වස්තු තැන්පත් කෙරෙයි ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහරස්ථානයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උරමඬලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පූණ්‍යෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, අග්හමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියෝ ප්රමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද (29 වැනිදා) පැවැත්විණ. මෙම පුණ්‍යෝත්සවයට බුද්ධශාසන අමාත්‍ය ගාමි ර්ණ ජයවික්‍රම පෙරේරා 29 May 2018
අලි අනතුරු දැන්වීම අලි වැට උඩ පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මාර්ගය තබ්බෝව හතේ කණුව ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර තිබූ වන අලි පිළිබඳ සහ වන අලි අනතුරු පිළිබඳ මහජනතාවගේ දැනගැනීම ස්ථාපිත කර තිබූ මෙම විශාල නාමපුවරුව පසුගිය දිනවල පැවති සුළඟ හේතුවෙන් කඩා වැටී ඇත. 29 May 2018
ගැමියෝ ගිනිගත්ගල පාර පාදති ගිනිගත්ගල කිරිමැටිය ගම්වාසීහු එක්ව හල්දුම්මුල්ල ගිනිගත්ගල නාය ගිය කන්දේ නාය මතින් ගමන් කිරිමට මාර්ගයක් සාදා ගැනීමේ මෙහෙයුමක අද (29) උදෑසන සිට නිරතව සිටිති. 29 May 2018
ජනපති කැලණිය පෙතියාගොඩ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය වැදපුදා ගනී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අධි පොසොන් පොහෝ දින පෙරවරුවේ කැලණිය පෙතියාගෙඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ ආගමික කටයුතු රැසකට සම්බන්ධ විය. 29 May 2018
නිත්‍ය කාණ්ඩයේ අලුත් මුද්දර තුනක් ශ්‍රී ලංකාවේ වන වන සතුන් තිදෙනෙක් වන වලි කුකුළා, දඬු ලේනා හා ශ්‍රී ලංකා බර්ඞ්විංග් සමනලයාගේ රුව සහිත නිත්‍ය කාණ්ඩයේ මුද්දර තුනක් පසුගියදා නිකුත් කෙරිණ. අන්තර්ජාලය මඟින් මුද්දර ඇනවුම් කර ගැනීමේ සේවාව ආරම්භ කිරීමේ උත්සවයට සමගාමීව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. එම්. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මූලස්ථානයේදී මෙම මුද්දර නිකුත් කෙරිණ. 28 May 2018
ජාත්‍යන්තර වෙසක් දිනය ප්රශයත් සමරයි එක්සත් ජාතීන්ගේ 15 වැනි ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කර ගෙන ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය අනුග්‍රහයෙන් වසරකට වරක් පවත්වන වෙසක් උත්සවය මෙවරත් පැරීසියේ පිහිටි ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන්ද සමඟ පැවැත්විණි. 28 May 2018
රටට සෙත් පතා පුත්තලමේ කිරිකල පුඡාවක් මේ දිනවල පවතින කාළගුණික තත්වය හා පුත්තලම් දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර පහවගොස් බත බුලතින් සපිරි සෞභාග්‍යමත් කාලයක් සියලු ලෝකවාසීන්ට උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් දෙවියන් උදෙසා කිරි කල පූජා පෙරහැරක් අද (28) උදෑසන පුත්තලම කොළඹ පාරේ පැරණි අයියනායක දේවාලය අසලින් ආරම්භ කෙරිණි. 28 May 2018
යුද හමුදාවත් ගම්මුත් එක්ව උලියන්කුලම වැව් බැම්ම බේරාගනිති කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හදීසියේම ගිලා බැසීමකට ලක් වූ කිලිනොච්චිය උයිලන්කුලම් වැව් බැම්ම යුද හමුදාවේ මැදිහත්වී මත වැව කැඩී යාමෙන් බේරා ගැනීමට හැකිව ඇත. 28 May 2018
ගංවතුරේ වීරයා සැරයන් සම්පත්ට මහජන ගෞරව මාදම්පේ ගල්මුරුව ගල්වල ප්‍රදේශයේ ගං වතුරට හසුවී සිටි තිදෙනෙක් බේරා ගැනීමට ගොස් දියේ ගිලී දින 03 ක් අතුරුදහන්ව සිට සොයාගත් මාදම්පේ පොලීසියට අන්යුක්තව සේවයකළ බුද්ධි අංශයේ ඩිලාන් සම්පත් (29) පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර ගිරිඋල්ල - මල්ගමුව පිහිටි ඒ මහතාගේ නිවසට ඊයේ (27) රාත්රියේදී රැගෙන ආවේය. 28 May 2018
අවදානම නොතකා වාන් දියේ මාළු බෑම පවතින වර්ෂාව පුත්තලම දිස්ත්‍රික්කට තවමත් අවසන් නැත. ඒ නිසාම දිගින් දිගටම වැව් සහ ජලාශ සියල්ලම වාන් දමමින් තිබේ. ජීවිත අවදානම බිඳක්වත් හෝ නොසිතන අවස්ථා දැක ගත හැකිය . 27 May 2018
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි. 27 May 2018
දිගු ඉඩෝරයක නිමාවේ සුන්දරත්වය වසර දෙකකට අධික කාලයක් පැවැති දරුණු නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපයේ සිට පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහවැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලොකු කුඩා ජලාශ රැසක් මේ වනවිට වාන් දැමීම සිදුවෙයි. 26 May 2018
දැදුරුඔය පිටාර ගැලීමෙන් ජනතාවට පීඩා දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක් පමණ පීඩාවට පත්වී ඇත. දැදුරුඔයේ වම් ඉවුර මේ වනවිට පිටාර ගලමින් පවතී. මෙම තත්වය නිසා ජයබිම, දැදුරුඔය යන ගම්මාන වල පදිංචිකරුවන් පීඩාවට පත්ව සිටියි. 26 May 2018
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් තම්බපණ්නිය යටවෙයි තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ම විවෘත කිරීමත් සමඟ තම්බපණ්නිය ගම්මානය සම්පුර්ණයෙන් ජලයෙන් යටවූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතා පවසයි. 25 May 2018
කඩුවෙල - බියගම පාලමට ඉහලින් පිවිසුමක් වැසි සහිත කාලගුණ තත්වය නිසා හානියට ලක්වූ කඩුවෙල බියගම පාලමේ හානියට පත්වූ කොටසට ඉහළින් තාවකාලික පාලමක් සාදා වාහන ගමන් කරවීම ආරම්භ කර තිබේ. 25 May 2018
විපතට පත්වුවන් බේරා ගැනීමට යුද හමුදාව දැවැන්ත වෑයමක පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවන්ට පත්වු පිරිස් බේරා ගැනීමේ කටයුතුවල අද අලුයම සිට (25 ) යූද හමුදා 16 වැනි බල ඇණියේ ගජබා රේජීමේන්තු නිළධාරින් සහ සෙබළුන් එක්ව සිටින ආකාරය දැකගත හැකි විය. 25 May 2018
මුන්දලම සිරිමාපුර ගම්මානයම ජලයෙන් යටවෙයි මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 970 ක පුද්ගලයින් 1935 ක් පමණ පදිංචිව සිටි නිවාස අද (25) අලුයම වන විට ජලයෙන් යටවු බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.සි.එම්. ප්‍රේමසිරි මහතා පවසයි. 25 May 2018
රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක වයස අවුරුදු 35 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ. 24 May 2018
රදවිබැඳි ඇළ යළි පිළිසකර කරයි තබ්බෝව ජලාශයට ජලය රැගෙන යන ප්‍රධාන ජල මාර්ගය වන රදවිබැඳි ඇල අද නැවත සකස් කිරීම සිදු විය. 23 May 2018
සරසවි සිසුහු යුජිසීයට පාගමනින් යති මැනුම් සභාව තුළ භූ විඥාපන පීඨ නියෝජනය වහා ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් මහා ශිෂ්‍ය සංගමය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (23) උද්ඝෝෂණයක නිරතවුහ. 23 May 2018
‘අඳුරු වළා මැදින් නැඟෙන අහස සූරන මැදුරූ..‘ තවමත් ඉදිකෙරෙමින් පවතින කොළඹ ‘අල්ටායර්’ ගොඩනැඟිල්ලේ ඉහළ කොටස අද පස්වරු 1.00 ට පමණ වළාකුලකින් වැසීතිබූ ආකාරයයි මේ. 23 May 2018
උඩුනෝව වැව බේරා ගන්න හමුදාව - ගම්මු ලොකු සටනක රස්නායකපුර උඩුනෝව වැවේ පිටවානේ කොන්ක්‍රිට් තට්ටුවට යටින් මතුවූ උමග වසා වැව බේරා ගැනීමට රස්නායකපුර ජනතාව සමඟ යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරිහු එක්ව අද (22) දැවැන්ත කටයුත්තක නිරත වූහ. 22 May 2018
කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙයි දින කිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මේ වනවිට ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. අද (22) කැළණිය, බියගම, මල්වාන යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අයුරු සහ එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන අයුරු සේයා රූ වලින් දැක්වේ. 22 May 2018
කටුපොත වැව වාන් දමයි වසර 10 කට ආසන්න කාලයකින් පසු ආරච්චිකට්ටුව විජය කටුපොත වැව අධික ජල කදක් මුදා හරිමින් වාන් දැමීම අද (22) සිට ආරම්භ වී තිබු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් .චිත්‍රානන්ද මහතා පවසයි. 22 May 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026