(රෝවන් පෙරේරා)
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මාර්ගය තබ්බෝව හතේ කණුව ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර තිබූ වන අලි පිළිබඳ සහ වන අලි අනතුරු පිළිබඳ මහජනතාවගේ දැනගැනීම ස්ථාපිත කර තිබූ මෙම විශාල නාමපුවරුව පසුගිය දිනවල පැවති සුළඟ හේතුවෙන් කඩා වැටී ඇත.
මෙම පුවරුව මොරියාකුලම තබ්බෝව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදා තිබෙන අලි වැට උඩට පතිත වි දැනට සතියකට ආසන්න කාලයක් ගතවී ඇතැත් කිසිදු වගකිව යුතු බලධාරියකු එය පිළිසකර කිරීමට පියවර ගෙන නැත.
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මී ඔය පාලම ප්‍රදේශයේදී වන අලින්ගේ පහරදීම්වලින් ජීවිත තුනක් අහිමි වු අතර වාහන දෙකක් විනාශ විය. මේ දිනවල වන අලි ගම්වදින බැවින් විදුලි වැටෙහි විදුලියද නැති නිසා ගැමියෝ මහත් අසීරුතාවට පත්ව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෝඩ් එක කෙලින් තියන කාලේ කී දෙනෙක් මේක කියවලා ඒ උපදෙස් අනුව කටයුතු කරන්න ඇද්ද ?