



වයස අවුරුදු 35 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




වයස අවුරුදු 35 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ රජයේ මහා ඒජන්තකම ලැබෙණකම් ගෙදර නිකම් ඉඳලා. නැති නම් පුද්ගලික අංශයේ ලිපිකරුවෙකු ඔය වයස වෙනකොට ගෙවල් දොරවල් හදා ගෙන මව්පියන්ටත් සලකා ගෙන පිළිවෙලක් වෙලා.
රටේ මිනිසින්ගේ බදු මුදලින් ඉගෙනගෙන. ඊට පස්සේ රජය රැකියාවක් දෙනාත් ඔනී . අපි වගේ පෞගලික ආයතනවල වැඩේ කරන මිනිසින්ගෙන් බදු ගහනවා රජය රැකියා කරන අයට පඩි ගෙවන්න .
ස්වාමීන් වහන්සේලා රස්සාවල් බලාගෙන ඉගෙනීමෙහි කටයුතුවල යෙදී ඉන්නා නිසා තමා සාසනය මෙතරම් පිරිහීමකට පත්වෙමින් යන්නේ.
තව ටික කාලයක් ඔය විදිහටම උද්ඝෝෂණ කලාම එක පාරටම පිං පඩිය වෙනුවෙන්ම අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් වෙයි. වැඩට දක්ෂ උපාධිධාරින්ට මේ රටේ ඕන තරම් රැකියා තිබෙනවා. රාජ්‍ය ආයතන මිස, පෞද්ගලික ආයතන නම්, කාටවත් පිනට පඩි ගෙවන්න එකඟ නැහැ.
පුරුදු කරල තියෙන්නෙ උපතේ සිට විපත දක්වා හැම දෙයක්ම නිකන් ලබා ගන්න . නියම රටවල් මේවා .සංවර්ධනයේ හිනි පෙත්තේ ඉන්නේ.
අවුරුදු 35 වෙනකම් මොනවාද කරේ...........
මේ වගේ තැන වලට පොලු, ආයුධ රැගත් පොලිස් බටයෝ වෙනුවට හොද ව්‍යවසායකයෝ කීපදෙනෙක් එවුවනම් සම්මුඛ පරීක්ෂණයකින් සුදුස්සන් හට රැකියාවක් ලබාදෙන්න පුළුවන්. මේ උත්සහ කරන්නේ රැකියාවක් සොයාගෙන පවුලක් රකින්නනේ. උදවු කරන්න.
අවුරුදු තිස් පහ වෙනකම් රජයේ රැකියා ලැබෙනකම් බලන් ඉන්න කෙනා නරකද පුද්ගලික අංශයේ රැකියාවක් ඉල්ලුම් කළානම්. එහෙ තියෙන්නෙත් රැකියාවල් තමයි. හැබැයි රාජකාරි වෙලාවේ අයිස් ගහන්න , පරක්කු වෙලා වැඩට එන්න , පැයේ වැඩේට මාස 6 ක් ගන්න, පාරිභෝගිකයාට සත්තම දාන්න නම් පුළුවන් වෙන එකක් නැහැ.
අපි නම් නිදහස් අධ්‍යාපනයට අපේ ණය ගෙවනවා. රජයේ රැකියා ඉල්ලමින් පාරවල් අවහිර කරමින් ඉන්නේ නැතිව පුද්ගලික අංශයේ රැකියාවෙන් බදු ගෙවනවා. මැරෙනකොට දෙමව්පියන්ටයි රටටයි ණයක් නැතිව මැරෙන්න තිබුනා නම් ඇති. හැමදේම නිකම් ලැබෙනකොට ජිවිතේ කිසිම අගයක් නැහැ. රජයේ රැකියා ලැබෙනකම් කට උඩ බලා ගෙන හිටියානම් මගේ මහලු දෙමව්පියනට අද යන එන මන් නැහැ .
දෙපාරක් සාමාන්‍ය පෙළ එක පිට කරලා තෙවරක් උසස් පෙළ එකදිගට කරලා සරසවියට ආවත්, වසර හතරේ උපාධියක් අවුරුදු 35ට කලින් ගන්න පුළුවන්.
මේ අය ලැජ්ජා වෙන්න ඕනෙ මහන්සියෙන් හම්බකරන මිනිස්සුන්ගෙ සල්ලියි කාලෙයි නාස්ත් කරලා පාරවල් ගානෙ රස්සාවල් හිඟාගෙන යන එකට. මගේ ආයතනයෙ රස්සාවල් 10ක් දඅන්වීම් කලා. ඔතන ඉන්න එකෙක්වත් ඇප්ලයි කරන්න නැතුව ඇති.
ඔය ඉල්ලන්නේ රජයේ රැකියානේ.............
මොකද්ද මේ විහිළුව ? රටේ අදායමෙන් ළමයිට උගන්වල නේද මේ අයට. අවුරුදු 12 ක් කොපමණ වියදමක් යන්න ඇත්ද? මේ පොලිසියේ මහත්වරුන්ට පඩි ගෙවනවා නේද? ආණ්ඩුවේ සල්ලි ගෙවල අාණ්ඩුවෙන්ම උගන්වපු ජනතාව මර්දනය කරනවා ආණ්ඩුවේ වැඩ වල පලදයිතාවයක් තියෙනවද? එහෙමනම් ආණ්ඩුවට බඩුගේවන්නේ මොකටද? ඇමැතිගොල්ලෝ ලොකු වාහන වලින් ගිහින් කරන්නේ මේවද?
මුන්ට වැඩ නැත්නම් ගං වතුර ආධාර වත් බෙදන්න යනවකෝ පාරේ කෑ ගහන්නේ නැතුව. අඩුම ගන්නනේ ආණ්ඩුවෙන් නිකන් ඉගැන්නුවට හරියන්නවත්.
Kap මහත්මයාගේ හෝ මහත්මියගේ ප්‍රශ්නයට උත්තරය මෙන්න - අනිවාර්යයෙන්ම පහුගිය අවරුදු 15 ගත කරන්න ඇත්තේ , මුලින්ම නවක වදය, විදින්න , නවක වදය දෙන්න , රතු මල්ලිලට කඩේ යන්න , පාරවල් දිගේ බෝර්ඩ් උස්සගෙන ඉබාගාතේ ඇවිදින්න ,
මට උපාධි නැහැ. හැබයි. උසස්පෙළ කරල ගෙදර හිටියේ මාස තුනයි හොටෙලෙක වැඩට ගිය , යුදහමුදාවට තේරුණා එත් ගියේ නැහැ ... මම අවුරදු පනහි දැන් අවුරුදු 28 ක් සම්පුර්නයි පෞත්ගලික අංශයේ එකෙන් අවුරදු 4 ක් දැන් ලංකාවෙන් පිට ... මේ මිනිස්සු නිකන් ඉඳ රජයේ රස්සාවල් හොයනවා. දියුතු නැහැ ඕනෑතරම් පෞද්ගලික අංශයේ රස්සාවල් තියෙනව . ඒවාට යන්ඩ පුළුවන් මේ මිනිස්සු නිකන් ඉදල පඩි ගන්න රස්සාවල් හොයන්නේ දියයුතු නැහැ.. මොනවද මේ සාදුල කරන්නේ සාසනයට ඇවිත්.
මෙතන අය හිතන්නේ බොහොම පටු විදිහට....යමක් යතාර්ථවාදීව හිතන්න බෑ. ඔයාලා ඉන්න තක්සේරුව වැරදී. මෙතන ඉන්න අය ගොඩ අය බාහිර උපාධි අය. එ්කයි මේ වයස.මිනිස්සු මොකක්හරි ජොබ් එක්ක කරන ගමන් ඉගෙන ගන්නවා කවුරුත් පිනට කකා ගෙදර ඉන්නෑ. පුද්ගලික අංශයේ අයට ලේසිකින් බැංකු ණයක් ගන්න පුලුන්ද. එ්කටත් රජයේ සේවයේ අැපකාරයෝ ඔ්නේ. රැකියාව සුරක්සිතද.කම්කරු නීති තිබුනට එ්වාගන් ඵලක් අැත්ද, මිනිස්සුන්ට පුද්ගලික ජීවිතයේ සීමා ගොඩයි. පුද්ගලික අංශයේ රැකියා කරනවනම් නගරයට එන්න ඔ්නේ ලංකාවේ 80%ක් ම ගැමි සමාජය පවතින්නේ උපාධිදාරීන්ගෙන් 70%ටත් වඩා කාන්තාවෝ ඔවුන් තම පවුල දමා රැකියාවට නගරට එ්මේ සෙත කුමක්ද? ගෙදර ඉඳලා යන්න පුද්ගලික අංශය රැකියා තියනවද? අාණ්ඩුව දැනගන්න ඔ්නේ කාලයට ඔබින විදියට විෂය නිර්දේශය සැකසීමට එ්ක සිසුන්ට කරන්න බෑනේ. අනික අාර්ථිකය පුලුල් කිරීම පුද්ගලික අංශය ව්යාප්ත කිරීට අදාල පහසුකම් සැලසීම කල යුතුයි. ගැටලුවේ නිධානය සොයා ගත යුතුයි එහෙම නැතුව අමාරුවෙන් මෙහෙම හරි ඉගෙනගත් කෙනා හෑල්ලු කිරීම වැරදී. මේ හැම එකක්ම දේශපාලනය හා අාර්ථිකය අතර තිබෙන ගැටලු
මොවුන්ගේ වරදක් නැහැ. මොවුන් ඉතාම බුධිමත් , නමුත් ප්‍රශ්නය තියෙන්නේ , අපේ අද්යාපන ක්‍රමයේ. මහන්සිවෙලා පාඩම් කරලා අවුරුදු 4 ක් කට්ට කල උපාදිය අරගෙන පවුද්ගලික අංශයේ කම්කරුවෙක් විදියට, ලිපිකරුවෙක් විදියට රැකියාවට යනවනම් ගැටලුව මොවුන්ගේ නෙමේ, ගැටලුව අපේ අද්යාපන ක්‍රමයේ. මොකද පවුද්ගලික අංශයේ ඇති skills වලට ගැලපෙන්න අපේ උපාදිය නවීකරණය වෙලා නෑ තාම. වරද එතන .වරද එය නිවැරදි නොකරන උසස් අධ්‍යාපන ඇමති,විශ්වවිද්‍යාල ආචාර්යවරු .
ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගිහින් කළා උපාදි විද්‍යා උපාදි අරන් රස්සාවල් නැහැ කියා කියා ලංකාවේ පාරවල් වල රස්තියාදු වෙනවට වඩා තාක්ෂණික වුර්තිය සුදුසුකමක් ලබාගෙන ඔස්ට්‍රේලියාව නවසීලන්තේ වගේ රටකට ගිහින් පලදායි ජීවිතයක් ගතකරන්න හිතන්න අපේ මිනිස්සුන්ට කවදා වැටහෙවිද මන්දා
මේවාට සම්පුර්ණයෙන් වග කියන්නේ ඕන ලංකාවේ හිටපු නායකයෝ සහ අධ්‍යාපන බලධාරීන්. කලා විෂයන් වලට යොමුවන පිරිස අඩු කරන්න තාක්ෂණික අධ්‍යාපනය අපේ රටේ ඇති කරන්න තිබුනේ 70 ගණන් වල ඉඳලමයි. එහෙම උනානම් මේ අය මේ වෙනකොට විදේශ ගතවෙලා විදේශ විනිමය ගේනවා, එහෙම නැත්නම් රටට බරක් නොවී වෙනත් රටකට ගිහිල්ලා ජීවත් වෙනවා. ලංකාවේ කලා විෂයන් කරන ප්‍රමාණය 5% කට විතර අඩු කරන්න ඕනේ. උසස් පෙළ විද්‍යා/ වාණිජ විෂයන් කරන්න බැරි වෙලා අයින් වෙන අය කලා විෂයන් වලට යොමු වෙන එක අඩු කරන්න ඕනේ, ඒ වෙනුවට කලා විෂයට දක්ෂ හා සුදුසුකම් ඇති විතරක් ගන්න ඕනේ.
ජාතියේ පරපෝෂිත මේ නිකමුන්ට පින් පඩි රැකියාවල් දෙන්න ජනතාව බැඳිලා ඉන්නවද? මුන් මේ රටට ශාපයක්. මුන්ගේ උපාධි අවලංගු කරලා දාන්නයි තියෙන්නේ.දුටු තැන පහර දී විසුරුවා හරිමු!
මේක අපේ රටේ වැරැද්ද. දෙමව්පියෝ ළමයින්ට අවුරුදු තිහ හතලිහ වෙනකන් ගෙදර තියාගෙන කන්න බොන්න අඳින්න දෙනවා. ඉතින් මෙයාල හිතන්නේ ආණ්ඩුවෙන් නොමිලේ ඉගැන්නුවනම් දෙමව්පියෝ කරනවවගේ ආණ්ඩුවත් බැඳිලා ඉන්නවා රස්සාවක් දෙන්න කියල. දියුණු රටවල් වල නම් අවුරුදු 18 පිරුණම ළමයි ගෙදර තියාගන්නේ නැහැ. කොහොමටත් එයාල 18 වෙනකොට ඉගෙනගන්න අතරේ පාර්ට් ටයිම් ජොබ් එකක් සොයාගෙන පිට රූම් එකක නතර වෙනවා. ලංකාවේ ළමයි උපාධි තියාගෙනත් රස්සාවක් සොයාගන්න මහන්සි වෙන්නේ නැහැ. අනික මෙයාල විශ්වවිද්‍යාලෙ ඉන්නකන් වැඩිපුර ඉන්නේ උද්ගෝෂණ පෙළපාලි වල නිසා පුද්ගලික අංශයේ පරිපලකයොත් මෙයාලට රස්සාවල් දෙන්න කැමති නැහැ.
අවුරුදු 35 පැනලත් තමන්ගේ ජීවිතේ ගැන වගකීමක් ගන්න බැරි මේ වගේ එවුන් කූඩු කරලා දූපතකට ගිහින් දැම්මත් කමක් නෑ වවන් කන්න . මුන් මේ ඉල්ලන්නේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පිංපඩි . ලැජ්ජයි
ලෝකේ කොහෙවත් නැති විදියට රජයේ රස්සා දීම තමා වැරැද්ද. හැකියාව තියන අය ඔහොම පාරේ ඉන්නේ නැ. උපාධියක් කියල කොහාටවත් වැඩක් නැති විෂයක් කරලා , රජයෙන් පින් පඩි ඉල්ලනවා. ඉස්සෙල්ලම වැඩක් නැති විෂයක් කරන බාහිර කඩ වහල දාන්න ඕනි. ඒවාට යොමු නොවී කුසලතා සංවර්ධනය කරගන්න පුළුවන් පාඨමාලාවන් හඳුන්වලා දෙන්න .
රජයේ වියදමින් උපාධිය උගන්නපු නිසා රජයේ රස්සා නොදිය යුතය. රජයේ වියදමින් උපාධියනොදුන්/උපාධි නැති යට රජයේ රස්සා දීය යුතය. එක සාධාරණයි
අධ්‍යාපනය ගෙන උපාධිය ගැන නොදන්නා මෝඩ අය මේ අදහස් දල තියෙන්නේ , හරියට හොයල බලල අදහස් දාන්න