(එච්. චන්දන )
මේ දිනවල පවතින කාළගුණික තත්වය හා පුත්තලම් දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර පහවගොස් බත බුලතින් සපිරි සෞභාග්‍යමත් කාලයක් සියලු ලෝකවාසීන්ට උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් දෙවියන් උදෙසා කිරි කල පූජා පෙරහර අද (28) උදෑසන පුත්තලම කොළඹ පාරේ පැරණි අයියනායක දේවාලය අසලින් ආරම්භ කෙරිණි.
පුත්තලම - තිල්අඩිය මුරගන් දේවාලයේ ප්‍රධාන පූජක සුන්දරාම් කුරුක්කල් තුමන්ගේ මෙහෙයවීමෙන් මූලික පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව මෙම කිරි කල පුජා පෙරහර ආරම්භ විය.
මෙම කිරිකල පුජා පෙරහර අයියනායක දේවාලය අසලින් පිටත්ව ල තිල්අඩිය මුරගන් දේවාලය දක්වා ගමන් කළ අතර කිරිකල පූජාවට කුඩා දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩෙත් හොදයි පිංතූරත් ලස්සනයි
මේ මොන බම්බුවක් කලත් සොබාවික විපත් නවත්තන්න මොන ජගතාටවත් බැහැ. මේ වගේ වැඩ හොදයි ඇග පත කහනවට. අන්ද භෞතික දේවල් අද තරුණ පරම්පරාව පිළිකුලෙන් බැහැර කරලා ඉවරයි අතලොස්සක් පමණක් සම්ප්‍රදාය තාමත් කරේ තියාගෙන යනවා.