වසන්ත චන්ද්‍රපාල
අම්පාර රජගලතැන්න ඓතිහාසික පුජාභුමියේ ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ආරම්භ කරන ලද කැණීම් වල දෙවෙනි අදියර පසුගියදා රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ ඇති විශාලතම ලෙණ වන මහා ලෙණදි ආරම්භ කෙරිණ.
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය , පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සහ ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙම කැණීම් ආරම්භ කර තිබේ. මෙහි පළමු කැණිම 2016 වසරේ ආරම්භ කළ අතර එයින් තහවුරු වු කරුණු අනුව මෙම කැණිමේ දෙවෙනි පියවර ආරම්භ කෙරිණ.
සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජීතිස්ස රජු විසින් කරවා ඇති රජගලතැන්න පුරාවිද්‍යා භුමියේ පිහිටා ඇති මහා ලෙණේ ස්ථාන තුනක මෙම කැණීම් කර තිබේ මෙම කැණිම් වලදි මුල් කාලයේදී මානවායා විසින් තමන් ගේ කටයුතු සදහා එදිනෙදා භාවිතා කරන ලද ගල් ආයුධ යැයි විශ්වාශ කරන ආයුධ කිපයක් හමුවි තිබේ.එම ආයුධ නිෂ්පාදනයේදි ඉවත ලන යම් යම් සාධක අද වන විට ලැබෙමින් පවතීන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ කථිකාචාර්‍යය ඉනෝජ් කෞශල්‍ය අබේනායක මහතා පැවසීය.
2012 රජගල පුරාවිද්‍යා භුමියේ කැණිම් ආරම්භ කළ අතර මෙහිදි ඉපැරැණි නටබුන් විශාල ප්‍රමානයක් හමුව තිබේ.මෙම කැණීම් වලදී පිලිම ගේ , ලහබද්ගේ(භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවු ස්ථානය ), ජන්ඨාගරය(භික්ෂුන් වහන්සේලා ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය),දාන ශාලාව ,චෙත්‍යය දෙකක් බෝධිගරයක් හමුවි තිබේ.
රජගලතැන්න කන්දට නැගීම සඳහා පෙර රජ දවස පැවැති පෙත් මග ඒ අයුරින් ම සංරක්ෂණය කර ඇති අතර මේ වෙන විට සෙල්ලපි 80 ක් පමන සොයාගෙන තිබේ.මෙම පුජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා තිබේ.දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700 හදුනා ගෙන තිබේ.
මෙම පුජා භූමියේ ඉදිරි කැණීම් වලදී තවක් වැදගත් වු සාධක සොයා ගැනීමට හැකිවන බව ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍යය පත්මසිරි කන්නන්ගර මහතා පැවසීය.
මෙම කාර්‍යය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පි.බි.මණ්ඩාවල මහතා ගේ අධීක්ෂණය යටතේ ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍යය පත්මසිරි කන්නන්ගර ,මහාචර්‍ය කරුනාසේන හෙට්ටිආරච්චි,ආචාර්‍ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව. නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක නිල්මල්ගොඩ යන මහත්වරුන් ගේ මෙහයවිමෙන් මෙම කාර්‍යය සිදුවෙමින් පවතී.
මෙවර කැණිම් සදහා ඉන්දියාවේ ඩෙකෑන් විශ්ව විද්‍යාලයේ උපකුලපති පුරාවිද්‍යාඥ වසන්ත සිංදෙයි මහතා ඇතුලු නියෝජිතයින් පිරිසක්ද සහභාගි වි සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විජිතපුර බලකොටුව සංරක්ෂණය කරන්නේ නැත්තේ මොකද. අවට ඉන්න මුස්ලිම් අය එපා කියයි හිතලද?.
ඉතාම හොද දෙයක්. අපේ උරුමය. මෙහි තාක්ෂණය ගැන අපි පර්යේෂණ කරන්න ඕනේ.
ඉතා වැදගත් රාජකාරියක්
නැගෙනහිර බොදු උරුමය රැක ගැනිම සදහා ගන්නා වැයමට හිස නමා ආචාර කරනවා. සමන්ගල තියෙන 2500ක් පරන බදාමය විනාශ වෙනවා ඒ ගැනත් ටිකක් බලමුකෝ
මේවා සංරක්ෂණය කර ගැනීම අපේ වගකීම.
කුරගල පුදබිමත් මේ විදිහට කැනීම් කොට රක්ෂණය කලොත් හොඳයි නේද.?
මෙම අංශයට ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය තෙගුණ කල යුතුයි
මේවයේ වටිනාකම් බොහොමයි . මේවා ආරක්ෂා කරන්න ඕනේ ජාතික උරුමයක් විදියට . මේවා එක ජාතියකට ආගමකට අයිති නැ. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම අයිතියි. තමන් අදහන අාගම දර්ශනය කුමක් වුනත්, මේ පෞරානික අපේ උරුමය රැක ගන්න ඕනේ.. නමුත් කියන්න කනගටුයි, ලංකාවේ නොමග ගිය සුළු මුස්ලිම් පිරිසක් මේවා විනස කරනවා, ඉන්දුනීසියාව, මාලදිවෛන , බංගලාදේශය වගේ 80% විතර ඉන්න මුස්ලින් රටවලත් අතීත බෞද්ධ උරුමයන් අරක්ෂකරනවා ජාතික උරුමයන් විදියට. එත් ලංකාවේ මේ විනාසය නැති කරන්න සාමාන්‍ය මුස්ලිම් ජාතිකයන් ගේ සහ අනෙක් සියලු ජාතීන්ගේ වග කීම. ඒ වගේම නිදන් හොරුන්ගෙන් රැකගන්නත් අපි වග බල ගන්න ඕනේ. මේවා තුල තියෙනවා ඉතා වටිනා තාක්ෂණික ක්‍රම අපිට අදත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්, දාගැබ ඇතුලේ නොයෙක් වටිනා බීජ වර්ග නිදන් කරලා තියෙනවා, සමහර දේවල් අද වෙනකොට වැඩවෙලා ගිය.. තව බොහෝ දේවල්, බෙහෙත් වර්ග , පැරණි වාරිමාර්ග ක්‍රම.
තව කැනීම් කළහොත් බුදුන් වැඩසිටි කාලයේ තොරතුරු හමුවවී..............