
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
වසර දෙකකට අධික කාලයක් පැවැති දරුණු නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපයේ සිට පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහවැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලොකු කුඩා ජලාශ රැසක් මේ වනවිට වාන් දැමීම සිදුවෙයි.
ඒ අතරින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහරිය ජලාශය ද වෙයි. එම ජලාශයේ වාන පිහිටීම මත කඳුකරයේ දිය ඇල්ලක් මෙන් ඉතා සුන්දර දසුන් මවමින් ජලය පිටාර ගලයි.
පහරිය ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි එක්දහස් අටසියයක් පමණ වන බවත්, ජලාශය යටතේ කුඹුරු අක්කර තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් වගා කෙරෙන බවත් පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දෙකකට පස්සේ වැස්ස ලැබුණු එක ගැන කොච්චර සතුටු ඇතිද මේ මිනිස්සුන්ට. දැන් ඉතින් ඔතන එබිකම් කරන්නයි, පාරු පදින්නයි, රඟන්නයි ගිහිල්ලා විහින් නහින්නේ නැතුව ඇතින් ඉඳන් ලස්සන බලන්න.
අපුරු පිංතුර පෙළක් ,,,,,,,,,,ඇත්තටම සුන්දරයි ......................