වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමය සහ මෙරට සමාජවාදී තරුණ සංගමය අතර මිත්‍රත්ව වැඩසටහනට සමගාමීව "වෙනුසියුලාවට එරෙහිව අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වහා නවත්වනු " මැයෙන් සම්මන්ත්‍රණයනක් මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී අද (01) පැවැත්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ජුවානා එලේනා රාමෝස් , වෙනුසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් හෙක්ටර් අලේජෝ , එහි ජාත්‍යන්තර සබදතා කටයුතු ලේකම් ජෝදාන් ගේබියෙල් ,ප්‍රවීන මාධ්‍යවේදී මහින්ද හත්තක , සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් අංජන සම්පත් , එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුවට අත නොතබනු කියන්ඩ බැරිද? ලෝකේ අනිත් පැත්තේ රටකට කෙසේ වෙතත් තම රට ගැන පළමුව සිතන්න.
අනුන්ගේ රටවල් ගැන කතා කරන්න කලින්, මේ වැටිලා ඉන්න අපායෙන් ගොඩ යන්න බලන්න ...
සචිත් පී ලියනගේ මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය.
කොමිස්ට් වාදය රුසියාවෙත් චීනයෙවත් හරි ගියේ නැහැ. පුටින් තමයි ලෝකයේම ඉන්න ධනවතා. මිනිසුන් ඝා තනය කරමින් , හිංසා වද පමුණුවමින් රුසියාව බලෙන් පාලනය කරන්නේ. චීනයත් එහෙමයි. කියුබාවත් දුප්පත් රටක්. මිනිසුනේ අපේ රටට ගැලපෙන ක්‍රමයක් ඇති කිරීමට උදව් කරන්න. තරුණ තරුණියනි ඔය කාලය විනාශ කරන වෙලාවේ වතුර ගලන පෙදෙස් වලට ගිහින් උදව් කරන්න.
ඉස්සරත් ඔය වගේ අය ලංකාවේ හිටියා. එයාලා කැමති අනික් රටවල් වලට අත දාන්න. තමාගේ රටේ මොක වුනත් කමක් නැ. එක දවසක් ඔය සහෝදරයෙක් පොස්ටර් එකක් අලව අලවා හිටියා. එකේ තිබ්බේ "චිලියට අත නොතබව්" කියලා. මම එයාගෙන් ඇහැව්වා චිලිය කොහෙද තියෙන්නේ කියලා. ඒ පාර මෙන්න මට මේ මනුස්සය බනින්න ගත්තා. ඔන්න ඔහොම තමයි එයාලගේ වැඩ.
වෙනිසුලවට කලින් අපේ රට ගැන හිතන්න. මෙයාල ලංකාවේ ජීවත්වෙන කට්ටිය නෙමේද?
බද්රානි, අපේ රටවල වහල්ලුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. අවුරුදු 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට හොරුන්ටම තමා බලය දෙන්නේ.
ලෝකේ උතුම්ම රට ලංකාවනේ, ඉතින් ලංකාවෙන් කියන දෙයකට ඇමෙරිකාව වුනත් අවනත වෙයි නේද????
මෙයාලට වෙන වැඩක් නැහැ.
මේගොල්ලෝ මේ දඟලන්නේ වෙනිසියුලාව කොහෙද තිබෙන්නේ කියාවත් දන්නේ නැතුව ඇති.
තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න විසදගන්න පිටරටවල් වල ඔත්තු සේවා එනවා.. ඒවා ගැන මෙලෝ දෙයක් නොදන්නවා වගේ වෙනිසියුලාවට අත තියන්න එපා කියනවා. එක්කෙනෙක් න්‍යෂ්ටික බලයක් සහ ස්වයං පෝෂිත රටක් වෙච්ච උතුරු කොරියාවට මෙහෙ ඉදන් තර්ජනය කරනවා දැන් මේ රට ලෝකෙටම විහිලු සපයන ප්‍රධාන මධ්‍යස්ථය වෙලා.
ඉස්සර කට්ටියක් ඔය වගේම "චිලියට අත නොතබනු" කියල සම්මන්ත්‍රණයක් කළා. මොකද වුනේ?
අපේ රටේ පොඩි ළමයි දුෂණය වෙනවා, වනාන්තර ටික කැපෙනවා, මිනිස්සු බෙල්ලේ වැල දාගන්නවා කන්න නැතිව, පොඩි තැන ඉදල පගා ගහනවා, රටේ බැංකු හොරකම් කරනවා, පොඩි දේටත් වෙඩි තියල මරනවා, වෙනුසියුලාව.. මොකක් කිව්වා.....
මෙයාලා කිවුවම අත නොතබා ඉඳියි! නිකම් කාලය කා දමනවා. මේ වටිනා කාලය තමන්ගේ රටේ දියුණුවට යොදවන්න.
මේකට තමා කියන්නේ කන්න ඕනා උනාම කබරා තලගොයා වෙනවා කියාලා, වෙනුසියුලාවේ මිනිසුන් නොමරා මරනවා, ලෙඩට බෙහෙත් නෑ, ළමයින්ට කිරිපිටි නෑ, මුළු රටේම හැමතැනම ආහාර පෝලිම්, නීතියක් නෑ, ඒ වුනාට ලංකාවේ අය වෙනුසියුලාවට කත් ඇදලා මෙහේ ගොඩ විප්ලව කරනවා
මේ සම්මන්ත්‍රණය දැකලා ඩොනල්ඩ් ට්‍රම්ප් බයවෙලා කියලා ආරංචි.
මේකෙ දාල තිබුන අදහස් දැක්කම මෙහෙම ලියන්න හිතුනෙ. සමාජවාදී තරුණ සංගමය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය. මෙයාලට වැඩක් නෑ, වෙනිසියුලාව තියෙන තැන දන්නවද දන්නෑ, අපේ රටේ ප්‍රශ්න කතා කරන්නෑ වගේ පසුගාමී අදහස් දරපු අයට දෙන්න තියෙන උත්තරේ තමයි ඒ අදහස් වැරදියි කියන එක. ජවිපෙ තරුණ සංගමය විදිහට විශාල වැඩ පිලිවෙලක් තියෙයි. විල්පත්තුව විතරක් නෙවෙයි රටේ සමස්ථ පරිසර පද්ධති විනාශයට එරෙහිව කතාකලෙත් ඒකට සාධනීය වැඩපිලිවෙලක් ඉදිරිපත් කලෙත් ජවිපෙ. මාධ්‍යට ඒව ජනතාවට කියන්න වගකීමක් තියෙයි. ඒ වගේම පස්ස ගහ ගහ ඉන්නැතුව ජාත්‍යන්තරය එක්ක ශක්තිමත්ම බැදීම තියෙන්නෙ තරුණ සංගමයක් විදිහට ජවිපෙ තරුණ සංගමයට විතරයි. ඒ වගේම ශිෂ්‍ය සංගමයත් ජාත්‍යන්තර කටයුතු එක්ක සම්බන්ධයි. ඒක අපේ රටේ ප්‍රගතිශීලී පැත්තක්.
වැනිසියුලාව කියන්නේ හොඳට තිබුන රටක්. හියුගෝ චවේෂ් කරපු දේවලින් තමයි අද ඔහොම උනේ. ඒ රටේ මිනිස්සු සමාජවාදී පක්ෂයේ මදුරෝ නැවත වතාවක් ජනාධිපති කළා තමයි. ඡන්දෙ තියපු හැටි කියන්න ඕන නැහැනේ.
මේ මිනිසුන්ට ගෙදර දොරේ හෝ වෙන කිසියම් රාජකාරි වැඩ නැති නිකමුන් කොටසක් බවයි පෙනෙන්නේ. මොකද අපේ රටේ මිනිස්සු දක්ෂයිනේ ණයට කරන්න සහ ජාත්‍යන්තර මාධ්‍යවලින් පිටරටවල ප්‍රදර්ශනය වෙනවට, මෝඩකම්වලට බෙහෙත් තවම සොයා නැත. රටේ කප්පරක් ප්‍රශ්න තබාගෙන අනුන්ට කඩේ යන හැටි. රටේ ප්‍රශ්නවලට පාරවල් ගානේ වේලෙනවා මදි ඇති. අපි පොඩි කාලෙත් මෙවන් අය පෙළපාලිවල වේලී සීනි නැතුව තේ බොන්නම් වැනි දේ කියා හවස ගෙදර ගියපසු බිරිඳගෙන් බැනුම්. කීමට මෝඩකම් සහ බොළඳ ක්‍රියා පහවී නොගොස් වඩාත් වර්දනය වී ඇති බවයි. පළමුව තම රට පසුව පිටත ගැන දැන්වත් සිතන්න. පිට රැටියන් අප රට වෙනුවෙන් කිසිවක් නොකරයි .
උඩ අදහස් දාලා තියන විදිය දැක්කම මේ කතාව මතක් වුනා. දවසක් කාන්තාවක් බූරුවෙක්ගෙ පිටේ තියලා ස්වාමියා පයින් ගියාලු. මිනිස්සු බැන්නලු මිනිහා පයින් යවලා කාන්තාව බූරුවා පිටේ යනවා කියලා. පස්සේ ස්වාමියා බූරුවා පිටේ නැග්ගම අනිත්පැත්තට ස්වාමියාට බැන්නලු කාන්තාව පයින් යවනවා කියලා. පස්සේ දෙන්නම බූරුවා පිටේ නැග්ගම පව් අර බූරුවා කිව්වලු. පස්සේ දෙන්නම බැහැලා පයින් යද්දි මෝඩයෝ දෙන්නෙක් බූරුවෙක් තියාන පයින් යනවා කිව්වලු . බැරිම තැන දෙන්නා එකතු වෙලා බූරුවා කරේ තියාන ගියාලු. මට කියන්න තියෙන්නේ ඔබලා යන ගමන නිවැරදි. ඔබලා කරන දේවල් ඔක්කොම එක පොකුරට දැම්මනම් දොස් කියන එකක් නෑ. හුදකලා සිද්දියක් විදියට දැම්මම ඔහොම කියනවා. නමුත් දන්නෝ දනිති.
විල්පත්තුව, පුරාවිද්‍යා භූමි, වගේ දේවල් මේ අයගේ ශබ්දකෝෂයේ නැහැ. එක්කෝ පලස්තීනයට, කියුබාවට අත නොතබනු කියලා පෝස්ටර් ගසයි නැත්නම් ලිප්ටන් වටරවුමේ 10-15ක් එකතු කරන කෑගහයි.