කුසගින්නේ සැරිසරන සුනඛයින්ට පොලිසියෙන් ආහාර හැටන් නගරයේ කුසගින්නේ සැරිසරන සුනඛයින්ට ආහාර සහ පානිය ජලය ලබා දිමේ වැඩසටහනක් හැටන් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබේ. 22 March 2020
කොළඹ නගරය හුදකලා වෙයි අද (22) කොළඹ අවට ජනශුන්‍ය වී තිබු අයුරු සහ ශ්‍රී ලංකා පොලිසිය කොටුව දුම්රිය ස්ථානය අවට විෂබීජ හරනය කළ අයුරු දක්නට ලැබිණි. 22 March 2020
ගොවිබිම් කරා යෑමට කල්පිටියේ ගොවීන්ට අවසර කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සියලු ගොවියන්ට, ඇදිරි නීතීය අතරතුරදී ගොවි බිම් කරා ගොස් සිය දෛනික ගොවිපළ රාජකාරී කර ගැනීමට පොලිසියෙන් අවසර ලබා දී ඇතැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.ඒ.වීරසිංහ මහතා පවසයි. 22 March 2020
ඇඳිරිනීතිය සමයේ කැස්බෑ පැටව් මූදු යති කල්පිටිය කුඩාව වෙරළ තීරයේ දී අද(22) බටු සහ කොළ කැස්බෑවන් 82 ක්, සයුරට මුදා හැරිය බැව් කල්පිටිය භාර ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිලධාරී මංජුල කුමාර මොරතැන්න මහතා පවසයි. 22 March 2020
ගාලු කොටුවෙ නෝනච්චි - ඇඳිරි නීති පැනවෙච්චී ඇඳිරි නීතීය පැනවීමත් සමඟ දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පිහිටි මාර්ග පාළුවට ගොස් ඇත. 22 March 2020
අම්පාර රෝහලෙන් කොරෝනා ආරක්ෂිත ඇඳුමක් අම්පාර මහා රෝහලේ ආසාදන පාලන ඒකකය මගින් රෝහල් සේවකයින්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුමක් අඩු වියදමකින් නිර්මාණය කරගෙන තිබේ. 22 March 2020
ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජහරණ කරයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. 21 March 2020
අම්පාර මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර කලාපයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහනක් අද (21) අම්පාර මහ රෝහලේදී පැවැත්විණි. 21 March 2020
ඇඳිරි නීතියෙන් සියලු නගර පාලුවට යයි ඊයේ සවස 6.00 සිට ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දිවයින පුරා මාර්ග ජනශූන්‍යව ගොස් තිබූ අයුරු දැකගත හැකිවිය. 21 March 2020
ඇදිරිනීතියෙන් ගම්පහ පාලුවට යයි කොරෝනා වයිරසය පැතිරීම වළකාලීමට රජය මගින් දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් ගම්පහ නගරය දැඩි පාලු ස්වභාවයකට පත්ව ඇති ආකාරය අද (21) දහවල් නිරීක්ෂණය විය. 21 March 2020
කොටුව දුම්රිය ස්ථානය - වරාය පරිශ්‍රය යළි විෂබීජහරණය කරයි නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් අද (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කෙරිණි. 20 March 2020
ඇඳිරි නීතියෙන් කොළඹ පාළුවට යයි අද (20) සවස 6.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අවට ජනශුන්‍ය වී තිබිණි. 20 March 2020
පුත්තලම අධිකරණය - බන්ධනාගාරය විෂබීජ හරණය කරයි පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පිරිසක් අද (20) පුත්තලම අධිකරණය හා පුත්තලම බන්ධනාගාරය විෂබීජ හරණය කළහ. 20 March 2020
වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීහු ආචාර දක්වති චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍ය සේවකයන් පිරිසකට පොලිස් නිලධාරීන් ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ප්‍රංශ පුවත් සේවය අද (18) ප්‍රසිද්ධියට පත් කළේය. 18 March 2020
එදිනෙදා රාජකාරියට මුහුණු ආවරණ පැළඳ යන මිනිසුන් කොරෝනා වයිරසයේ ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් මුඛ ආවරණ පැළඳ තම එදිනෙදා කටයුතු වල නිරතවන අයුරු දක්නට ලැබේ. 18 March 2020
නාවික හමුදාව ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පොළ-බස් රථ විෂබීජ හරණය කරයි ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොළ විෂබීජ හරණ කළේය. 18 March 2020
අයිඩීඑච් අවට ත්‍රිරෝද රථ විෂබීජහරණයට අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යාතනය අවට පෞද්ගලික ත්‍රීරෝද රථ විෂබීජහරණය කිරීම අයි.ඩී.එච් මංසන්ධියේ දී අද (18) පෙරවරුවේ සිදුකෙරිණි. 18 March 2020
කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම පහළට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පුරා මාස හතරක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් පවතින බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසති. 17 March 2020
කටුනායක ගුවන්තොටුපළ විෂබීජ හරණය කරයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත ඇතුළු සියලුම අංශ විෂබීජ හරණය කිරීම අද (16) සිදුකෙරිණි. 17 March 2020
කොරෝනා අවදානම මැද ගාලු කොටුවේ සැරිසරන විදේශිකයෝ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සිමා කර තිබුණ ද ගාල්ල කොටුවේ සංචාරකයන් විශාල වශයෙන් සිටිනු දක්නට ලැබේ. 16 March 2020
කොරෝනා ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක් මුඛ ආවරණ බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහජන යුතුකම් කේන්ද්‍රය මඟින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (16) පැවැත්විණි. 16 March 2020
කොළඹ ලංගම-පෞද්ගලික බස් නැවතුම්පොළ ජීවානුහරණය කරයි කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ එක් පියවරක් ලෙස අද (16) කොළඹ පෞද්ගලික බස්නැවතුම්පොළ, කොළඹ ලංගම බස්නැවතුම්පොළ හා බස් රථ ජීවානුහරණය කරනු ලැබීය. 16 March 2020
ප්‍රධාන නගර පාලුවට යයි කොරෝනා වයිරස අවදානමත් සමඟ රජයේ සහ පෞද්ගලික අංශයේ අද (16) දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරිමත් සමඟ වතුකරයේ ප්‍රධාන නගර සියල්ලක්ම පාලු ස්වභාවයක් දැක ගැනීමට හැකිව තිබේ. 16 March 2020
කීඩෑ උවදුරකින් හානි වූ අක්කර ගණනක ගොයම් ගිනි තියති හඳුනා නොගත් රෝගයකින් සහ කීඩෑ උවදුරකින් හානියට පත්ව තිබෙන අක්කර ගණනාවක වී වගාව ගිනි තබා විනාශ කර දැමිමට අද (15) මහවැලි බී කලාපයේ දිඹුලාගල පැලෑටියාව ගොවීහු කටයුතු කළහ. 15 March 2020
කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරියි ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදාහරින ලදී. 14 March 2020
කොළඹ මහනගර සභාව විෂබීජහරණය අරඹයි කොරෝනා රෝගයෙන් පෙළුණු රෝගීන් ජීවත් වූයේ යැයි සැකකෙරෙන නිවාස කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (14 වැනිදා) පස්වරුවේ විෂබීජ හරණයට ලක්කරන ලදී. 14 March 2020
පැරා ග්ලයිඩින් සංදර්ශනයක් මාතලේදී ශ්‍රී ලංකාවට ආවේණික නොවන නමුත් මෙරට කඳුකරයේ සාර්ථකව කළ හැකි පැරා ග්ලයිඩින් සංදර්ශනයක් අද (13) මාතලේ කිරිමැටිය ප්‍රදේශයේ සහ මහනුවර කැලෑ බොක්ක ප්‍රදේශයේදී පැවැත්විණි. 14 March 2020
සමගි ජනබලවේගය ‘දුරකථනය‘ ජනගත කරයි සමගි ජනබලවේගය ‘ලකුණ‘ ලෙස දුරකථනය ජන ගත කිරීමේ උත්සවය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි. 13 March 2020
‘‘අපේ සටන කාටුන් ඇසින්‘‘ කෘතිය එළිදකී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සංස්කරණය කරන ලද ’අපේ සටන කාටුන් ඇසින්’ කෘතිය අද (12) කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී එළිදැක්විණි. 13 March 2020
කල්පිටිය මුහුදේ ඩොල්පින් රැඟුම් පුත්තලම - කල්පිටිය අර්ධදීපයේ මුහුදු තීරයේ මේ දිනවල ඩොල්පින් මසුන්ගේ රැගුම් දැක බලා ගැනීමට හැකි බව සංචාරක මග පෙන්වන්නෝ පවසති. 12 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026