නිවැරටිය රෝහලේ බෙහෙත් ගන්න පෝළිම මහ පාරටත් ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා අති විශාල පිරිසක් අද (30) පැමින සිටි අතර රෝගීන් ප්‍රධාන මාර්ගයේද පෝලිම් සැදී සිටියහ. 30 March 2020
ඌව සරසවිය ශ්‍රී ලංකාවේ සකුරා මල් වැඩීම පිළිබඳ කළ පර්යේෂණය මල්පල ගැන්වෙයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය මෙරට සහ කදුකර ප්‍රදේශවල සකුරා මල් ගස් වැඩීමේ සාර්ථකත්වය පිළිබද සිදුකරන ලද පර්යේෂණය සාර්ථක වී ඇතැයි එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 30 March 2020
නිවෙස් ඇත්තෝ සහ නිවෙස් නැත්තෝ මුළු ලොවම එක මිටට ගෙන පරසක්වල ගැසූ කොරෝනා වයිරසයේ බලපෑමෙන් මිදීම සඳහා සමස්ත ලෝකයටම ඇත්තේ එකම විකල්පයක් පමණි. ඒ තම තමන්ගේ නිවෙස් වලට වී, සෙසු ලෝකයාගෙන් වෙන්වී, තමන්ව අගුළු ලා ගෙන සිටීමයි. එහෙත් තමන්ටම කියා නිවෙසක් නැති කී දෙනෙක් අප අවට ලෝකයේ සිටිත්ද ? 29 March 2020
නොකලට වල ඉහගනිති කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පනවා ඇති ඇඳිරි නීතිය නොතකා මවුස්සාකැලේ ජලාශයේ අධි ආරක්ෂිත කලාපය තුළ පිරිසක් ධීවර කටයුතු වල නියැලි සිටින ආකාරය අප කැමරාවේ සටහන් විය. 29 March 2020
ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාදා නිමකළ අංග සම්පූර්ණ ගොඩනැඟිලි ද්විත්වය අද(28) එයාර් කමාන්ඩර් උදුල විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙන ලදී. 28 March 2020
මහර බන්ධනාගාරයේ රැඳවියෝ මුඛ ආවරණ මසති කොරෝනා වයිසරය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමට මහර බන්ධනාගාරයේ රැඳවියෝ මේ දිනවල කටයුතු කරමින් සිටිති. 28 March 2020
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ පළමු කණ්ඩායම පිටව යයි කොරෝනා අවදානම හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි පිරිස් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමෙන් පසුව සිය නිරෝධායන කයුතු අවසන් කළ පළමු කණ්ඩායම අද (28) වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙතට පිටත්ව ගියහ. 28 March 2020
ඇඳිරි නීතියක තරම රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දීමත් සමඟ අද (27) සවස් කාලයේදී ආරක්ෂක අංශ විසින් කැලණි පාලම අසල පොලිස් මාර්ග බාධක දමමින් සියලු ම වාහාන පරීක්ෂාවට ලක් කෙරිණි. 27 March 2020
නාවික හමුදාවෙන් විෂබිජහරණ කුටියක් කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරිම සදහා විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කරඇති බැව් නාවික හමුදාව පවසයි 27 March 2020
ඇඳිරි නීතිය තිබියදීත් වෙළෙදාම ජයටම ඇදිරිනීතිය පැවැති අද දිනයේදී අතවශ්‍ය ආහාර ගැනීම සඳහා විවෘත වූ කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳපොළ පිටකොටුව කොටුව 4 වැනි හරස් විදීය, කාර්යබහුල වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි. 26 March 2020
“ගොවි බිම් වල එළවළු අස්වැන්න නොරෝච්චෝල ආර්ථිකයට‘‘ කල්පිටිය අර්ධද්විපයේ ගොවි බිම් වල එළවළු අස්වැන්න අද ( 26 ) නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයට ලැබේමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරිය පවසයි. 26 March 2020
කොමඩු ඉරුවක රැඳුනු මනුෂ්‍යත්වයේ සිසිලස ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමඟ පන්නල හා මාකඳුර නගරවලට භාණ්ඩ මිලදීගැනීමට සහ බැංකු ඉදිරිපිට ටෙලර් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සඳහා අව්වේ සිටි ජනතාවට මාකඳුර , ආසිරිගම තරුණකැල කොමඩු කපා සංග්‍රහ කළ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි. 26 March 2020
සිවිල් ආරක්ෂක බළකාය සහන මිලට සලාක මල්ලක් නිවසට ගෙනෙයි ඇදිරිනීතිය පනවා ඇති කාලය තුළදී නිවෙස් වලට ගොස් සහනදායී මිලට වියළි සලාක මලූ බෙදා හැරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් සිදු කෙරේ. 26 March 2020
ගිනි අවි පසෙකට- විෂ බීජ නාශක බෝතල් අවි කොපුවට පොලිස් නිලධාරින් සාමාන්‍යයෙන් රාජකාරි අවස්ථාවේදී ඉණෙහි රඳවාගන්නා ගිනි අවිය පසෙකලා, රටේ පවතින කොරෝනා අවදානම් තත්වය සලකා බලා, ඒ වෙනුවට ගිනි අවි කොපුව තුළ විෂබීජ නාෂක බෝතලය තබා ගෙන සිටින අයුරු දැකිය හැකි විය. 26 March 2020
අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිම්වල ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ දිගු පෝලිම්වල හිදිනු දැකිය හැකි විය. 26 March 2020
බෝගම්බර රැඳවියෝ මුහුණු ආවරණ මසති කෝවිඩ් 19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක කොරෝනා රෝග තත්වයට මුහුණ දිමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවිම සදහා පල්ලේකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිමි නේවාසික රැදවියන් ඉදිරිපත් වි ඇත. 26 March 2020
කොරෝනාවෙන් බේරන්න ඖෂධ ගැල්වූ ඇඳුමක් පරීක්ෂණ මට්ටමේ කොරෝනා වයිරසය ආසාදනය නොවී බේරීම සිටීම සඳහා ,ඉතාමත්ම පැරණි දේශීය ආයුර්වේද ඖෂධ යොදාගනිමින් සකස් කළ නව ඇදුමක් නිර්මාණය කිරීමට අම්බලන්ගොඩ ප්‍රදේශයේ දේශීය ආයුර්වේද වෛද්‍ය හිමිනමක් සමත්ව සිටිති. 26 March 2020
ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය වියළි ආහාර මලු සකසති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාසවල සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය මේ දිනවල නිවාස වෙතට ගොස් වියළි ආහාර අලෙවිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක් කරමින් සිටිති. 25 March 2020
සංචාරකයෝ කෑම සොයා චූන් පාන් වෙත යති ඇතිවී තිබෙන කොරෝනා වයිරස් බිය සමගම සිය රටවලට යාමට නොහැකිව හික්කඩුව සංචාරක පුරවරයේ කොටුවී සිටින සංචාරකයින්ට තමන්ගේ ආහාර සපයා ගැනීම දැඩි දුෂ්කර කාර්යක්ව තිබේ . 25 March 2020
ඇඳිරි නීතිය දැමීමෙන් පසු කොළඹ තත්ත්වය ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ කොළඹ ඇතුළු තදාසන්න නගර වල ජනතාව සිය අත්‍යවශ්‍ය කටයුතු කරන අයුරු සහ පොලිස් නිලධාරීන් වාහාන පරීක්ෂා කරන අයුරු ඡායාරූපයේ දැක්වේ. 25 March 2020
රෝහල් කාර්ය මණ්ඩලයට සුපිරි වෙළඳසැල් විවෘත කෙරේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසට අතවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අද (25) සුපිරි වෙළෙඳසැල් විවෘතව තිබෙනු දැකිය හැකි විය. 25 March 2020
ඖෂධ හල් විවෘතයි ඇදිරිනීතිය පවතින අවස්ථාවේදී රජයේ නිසි අවසරයක් ඇතිව දිවයින පුරා ඖෂධ ශාලා විවෘත කිරීමට පියවර ගෙන තිබිණි 25 March 2020
නිරෝධායන වූ පිරිස් නිවෙස් කරා යති පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිස් එම කටයුතු අවසන් වීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යන අයුරු. 24 March 2020
ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා ගුවන් ගිලන් රථ බවට පෙරළයි කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් කරමින්, ගුවන් හමුදාව විසින් එම් අයි-17 දරන හෙලිකොප්ටරය ගුවන් ගිලන් රථයක් බවට පත්කර නවීකරණය කර නිමවීමේ කටයුතු ඉකුත් දා සිදුකරන ලදී. 24 March 2020
කල්පිටිය විෂ බීජ හරණයට ලක් විජය උදව් වෙයි කල්පිටිය ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයේ සියලු නගර හා ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කිරීම අද (23) කල්පිටිය ප්‍රාදේශීය සහාව විසින් සිදුකෙරිණි. 23 March 2020
පළමු ආසාදිතයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. 23 March 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අනාරක්ෂිතයි ඇඳිරි නීතිය ඉවත්කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණි පිරිස හා එළවළු මිලදී ගැනීමට පැමිණි බොහෝදෙනෙකු ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිනොගැනීම නිසා දැඩි අනාරක්ෂිත බවක් හටගෙන ඇතැයි ජනතාව පවසති. 23 March 2020
අත්‍යවශ්‍ය ආහාර ගන්න මහජනතාව පෝලිම්වල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයන්හි ජනතාව අද උදෑසන සිට අතව්‍යශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට පැමිණ සිටියහ. 23 March 2020
පාළු වූ කොළඹ මේ වනවිටත් බලපැවැත්වෙන ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ නගරය පාළුවට ගොස් තිබූ අයුරු ඡායාරූපයන්හි දැක්වේ 23 March 2020
නුවරඑළියේ වගාකරුවෝ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ගොවිබිම් සකසති ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණද වගා කටයුතු සඳහා එය බාධාවක් නොවන බව නිවේදනය කිරීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරුවන් තම ගොවි බිම්වල කටයුතු සුපුරුදු පරිදි සිදුකරමින් සිටින අයුරු දක්නට ලැබුණි. 23 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026