







(ප්‍රසන්න පත්මසිරි සහ රංජිත් කරුණාවීර)
ගෝලීය වසංගතයක් වු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවායි පතමින් දඹානේ ආදිවාසීහු අද (30) වැදි ගම්මානයේදි කිරි කොරහා නැටීමේ ශාන්ති කර්මය කළහ.
දඹාන ආදිවාසි නායක, වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් මෙය පැවැත්විණි.
ශාන්ති කර්මයෙන් පසු දඹාන ගම්මානයේ පදිංචිව සිටින පවුල් 400 ක් පමණ වූ ආදිවාසීන්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනමන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි කොරහ නටපු එක වෙනම කතාවක්. ඒත් ඒක බලං ඉන්න අය එකට ගුලිවෙල බලන් ඉන්න කොට කෝ අර මීටරේ දුරස්ත බව... ගොබ්බ දේශපාලුවන් ටිකකුයි, ඇම්බැට්ටයින් ටිකකුයි ඔතන ඇති....
අපේ එවුන් ඉන්නේ තාම ගල්යුගයේ කියනඑකට හොදම උදාහරණයක් ඔක...
මේක හරි ගියොත් අපිට ජාත්‍යන්තර වශයෙන් කිරිකොරහ නටන්න පුලුවන්
මේ අය හිතාගෙන ඉන්නේ දෙයියන්ගේ දේවල්වලට වෛරස් සහභාගි වෙන්නේ නෑ කියලා ...
අපි මෙ මිථ්‍යා දෘෂ්ඨිකයින්ට සහ ඊට අනුබල දෙන දේශපාලන අම්බරුවන්ට අනුකම්පා කරමු.
කිරිකොරහ ලංකාවේ නටවලා වහාම ඔය කට්ටිය ඉතාලි යවන්න.
කවුද මේ?
පෙනෙන විදියට දේශපාලන අම්බරුවන්ගේ උවමනාවට නටපු නැටුමක්.
ඔය සුදු ඇඳගෙන ඇවිත් ඉන්නේ ඌරු වරිගේ නායක ඇත්තෝ වෙන්න ඇති. කැමරාකාරයෝ කොහෙන් මංගැච්චුවාද මන්දන්නේ නෑ.
මිනිසුන්ට තමන් කැමති දෙයක් කරාවේ.... මට ප‍්‍රශ්නේ, අපේ චන්දෙන්, අපේ මුදලින් රැකෙන, අර මහත හාදයා, මොකද ඔතන කරන්නේ. වෙන වැඩ නැද්ද?
ලංකාව කියන රටවට කරලා තාප්පයක් බන්දලා "" පිස්සන්කොටුව "" කියන නම දාගත්තනම් හොඳයි කියා හිතුනා. ගොරකයෝ .. ගොරකයෝ.. ගොරකයෝ ..
එකතුවෙලා කල්ලිගැහිලා කාලය ගතකරන්න එපා කියලා කියපු නිසා වෙන්න ඇති මේ අය එකතුවෙලා උඩ පැන පැන නටන්නේ.
ඔය නැටුම් නටන්න පැමිණි අය කොරෝනාව තමන්ගේ ගම්වලටත් ගෙනියන්න ඇති. මෙරට සුලුදෙනෙක් විශ්වාස කරන අන්දමට A වර්ගයේ ලේ ඇති අයට කොරෝනාව පහසුවෙන් බෝවෙනවා කියලයි. මම අසා ඇති ඇත්තේ වන්නියේ ඇත්තන්ට මෙ ලේ වර්ගය තිබෙනවා කියලයි. මෙ ඇත්තෝ ගමවලම සිටියානම් තමා හොඳ. පසුව මෙ කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්න.