ඉසෙඩ්-ඩී ඇළට වැටුණු තනියා තනියම ගොඩඑයි පොළොන්නරුව මාදුරුඔය ඉසඞ්.ඞී ප්‍රධාන ඇලට අද (29) අලූයම අරලගංවිල ඇල්ලේවැව ප්‍රදේශයෙන් වැටුන වන අලියෙකු අරලගංවිල වීරාන ප්‍රදේශයෙන් තනියම ගොඩවි වීරාන රක්ෂිතයට පලා ගොස් ඇති බව වෙහෙරගල වනජිවි නිලධාරීහු පැවසුහ. 29 April 2020
ගුවනට නොයන ශ්‍රී ලන්කන් යානාවලට උපරිම ආරක්ෂාව කෝවිඩ් - 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවරණය කර දමා තිබේ. 28 April 2020
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(27) දකින්නට ලැබිණි. 28 April 2020
දුම්රිය ගමන් කළත් ජනතාව නෑ ඇඳිරි නීතිය අද(28) අළුයම 5.00ට තාවකාලිකව ඉවත් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් මගීන් ඉතා සුළු පිරිසක් පමණක් දුම්රියෙන් ගමන් කළ ආකාරය දක්නට හැකිවිය. 28 April 2020
කොරෝනා අස්සේ කැලිෆෝනියා වැසියෝ විනෝද වෙති ‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් අඩකට අධික පිරිසක් සිය නිවෙස්වලට කොටු වී සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වැසියෝ හන්ටින්ග්ටන් මුහුදු වෙරළට පැමිණි විනෝද වන අයුරු දක්නට ලැබිණි. 27 April 2020
කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි. 26 April 2020
පොදු ස්ථානවල මීටරයක දුර ලකුණු කරයි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල මහජනතාව රැස් වෙන විට මීටරයක පරතරයෙන් සිටීම සඳහා සීමාව සලකුණු කිරීමේ වැඩසටහනක් අද(24) කෝට්ටේ නගර සභාව විසින් ආරම්භ කර ඇත. 24 April 2020
කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. 24 April 2020
ආරක්ෂක අංශ පදිකයින්ගේ උෂ්ණත්වය මනිති රට තුළ පවතින නව කොරෝනා වයිරසය හේතුවෙන් මරදාන ප්‍රදේශයේ මහ මග ගමන් කරන පදිකයන්ගේ සහ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම අද (23) සිදුකෙරිණි. 23 April 2020
හෝර්ටන් තැන්නේ කොටි පාරට බසිති කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව ජනශූන්‍යව පවතින හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන් නිදැල්ලේ මාර්ගවල පවා ඇවිද යන අයුරු මේ දිනවල දැකිය හැක. 23 April 2020
මිනිස් පාදූවිල්ලෙන් නොකිළිටිව පිටවල පතන හැඩවෙයි මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකල ලක් වී තිබේ. 23 April 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හදන්න බෑ වගෙයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටීම හේතුවෙන් නැවතත් දඹුල්ල ආර්ථික මධ්යාස්ථානයට පැමිණෙන බොහෝ දෙනාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකින් පත්ව තිබේ. 23 April 2020
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අලෙවිකරුවන්ගෙන් ජෛව සාම්පල ගනී පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ඊයේ 21 සිට 23,24 තෙක් වසා දැමීමත් සමග අද (22) උදැසන පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ තොග අලෙවිකරුවන්ගේ ජෛව පටල සාම්පල ගැනීමට සෞඛ්‍ය නිලධාරීහු පියවර ගත්හ. 22 April 2020
බණ්ඩාරනායක මාවතෙන් නිරෝධායන මධ්‍යස්ථානයට කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙනයාමට පෙර අවශ්‍ය කටයුතු සූදානම් කළ ආකාරය 21 April 2020
පාස්කු ප්‍රහාරයයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් අදට වසරක් සපිරෙන අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල අගරදගුරු මැදුරේ පිහිටි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි. 21 April 2020
ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි පැටවෙක් බේරා ගනී මාදුරුඔය ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට අද(21) අලූයම අරලගංවිල වීරාන ප්‍රදේශයේදි වැටි සිටි වන අලියෙකු මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන අලූත්වැව රක්ෂිතයට පලවා හැරිමට කටයුතු කළ බව වෙහෙරගල වනජිවි නිලධාරින් පවසති. 21 April 2020
කටුවාපිටිය දේවස්ථානයේ විශේෂ දේවමෙහෙයක් පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයේ අද (21) විශේෂ දේවමෙහෙයක් පැවැත්විණි. 21 April 2020
පාස්කු ප්‍රහාරයේ මිය ගිය අය සිහිකර ගංගාරාමයේ පිංකමක් පසුගිය වසරේ අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරය අනුස්මරණය කරනු සඳහා මැල්කම් රංජිත් කාදිනල්තුමන් කරන ලද ඉල්ලීම වෙනුවෙන් අද (21) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී බෝධිපූජාමය පිංකමක් සහ ඝණ්ඨා නාද පිංකමක් සිදුකර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවූවන්ට පිංපෙත් අනුමෝදනාවක් සිදුවිය. 21 April 2020
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විපක්ෂනායක කාර්යාලයේදී සිහිකෙරේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද (21) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂනායක කාර්යාලයේ දී පහන් දැල්වූහ. 21 April 2020
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සමරති පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද ( 21) දිවයින පුරා විවිධ ස්ථානයන්හීදී සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබිණි. 21 April 2020
බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන්ගේ ජෛව පටල පරීක්ෂා කෙරේ කොළඹ අලුත්කඩේ ආසන්නයෙන් පිහිටි කෙසෙල්වත්ත ප්‍රදේශයේ බණ්ඩාරනායක මාවත ආසන්නයෙන් අද දිනය තුළකොරෝනා රෝගීන් 32 ක් හඳුනාගැනීමෙන් පසුව එම ප්‍රදේශය ආසන්නයේ ජීවත්වන ජනතාවගේ සෙම පටල පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් ආකාරය මෙම ඡායාරූප වලින් දැක්වේ. 20 April 2020
ගාල්ල නගරය ජනාකීර්ණ වුණත් පෝලිම් නෑ ඇඳිරි නීතිය ඉවත්කළ පසු අද (20) ගාල්ල නගරයේ ජනාකීර්ණ බවක් ඉසුළුව ද එහි ඇඳරිනීති ඉවත්කරනු ලැබූ පසුගිය දිනවල දී මෙන් සෙනග රැස්වෙමින් දක්නට ලැබුණේ නැත. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා සුපිරි වෙළෙඳ සැල්වල හෝ ඖෂධ අළෙවි සැල්වල පොලිම් නොතිබිණි. 20 April 2020
ඇඳිරිය ඉවත් කළද නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(20) දකින්නට ලැබිණි. 20 April 2020
දුම්රිය ගමන් වාර ඇරැඹුවද ජනතාවගේ විශාල අඩුවක් ඇඳිරි නීතිය අද අළුයම 5.00ට ඉවත් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් යළිත් දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට හැකිවිය. 20 April 2020
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී.... ලංකාවේ පිහිටි වටිනාම පාරිසරික පද්ධතියක් වන හන්තාන අධි සංවේදී පරිසර කලාපය මසකට ආසන්න කාලයක් මිනිස් ඇස ගැටීමකින් තොරවූ නිසා නැවුම් මුහුණුවරක් ගෙන ඇත. 19 April 2020
වනජීවී නිලධාරීන්ගේ වෑයම වතුරේ යවා කොටියා අවසන් ගමන් යයි මන්දකට හසු වී පලාවිත් ගසක දෙබලක සිර වී දැඩි ලෙස තුවාල ලබා සිටි කඳුකර කොටියෙකු වනජීවි නිලධාරින් විසින් පැය තුනක මෙහෙයුමකින් මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රණිදෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. 19 April 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත වෙයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 15 කට පසුව අද (19) දින පෙරවරු 6.00 සිට නැවත ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගනු ලැබීය. 19 April 2020
මිනිසුන් ඈත් වෙද්දි පරිසරය ප්‍රබෝධයෙන් ඇළලෙයි කොරෝනා වයිරසය පැතිරීයාමේ අවධානම හේතුවෙන් මාසයකට අධික කාලයක් රට පුරා පැවැති ඇදිරි නීතිය හමුවේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් හා ජනතාවගෙන් හුදකලා වු නුවරඑළිය, කන්දේඇල ජලාශය අවට පරිසර පද්ධතිය අන් කවරදාවටවත් වඩා සුන්දර ලෙස මේ දිනවල දැකිය හැකි බව උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති. 18 April 2020
නිරෝධායනය අවසන් කළ මරදානේ පිරිසක් යළි නිවෙස් වලට කොළඹ මරදානේ ඉමානුල් අරූස් මාවතේ සිට කන්දකාඩු නිරෝධාන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු පුද්ගලයින් 232 නකු නිරෝධාන කාලයේ අවසන් කර වෛද්‍ය පරීක්ෂණවලින් පසුව නැවතත් ඔවුන්ගේ නිවාස වෙත අද(17) යොමු කළහ. 17 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026