IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හදන්න බෑ වගෙයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටීම හේතුවෙන් නැවතත් දඹුල්ල ආර්ථික මධ්‍යාස්ථානයට පැමිණෙන බොහෝ දෙනාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකින් පත්ව තිබේ.
 
දඹුල්ල මහ නගර සභාව , සෞඛ්‍ය   අංශ ආර්ථික ම්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් පොලිසිය ආරක්ෂක නිලධාරීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බොහෝ දෙනා ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරුවද එයින් පළක් නොවී ඇතැයි දැකගන්නට  ඇත.
 
දඹුල්ල මහ නගර සභාව සහ වෙළෙඳ සංගමය එක්ව ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන සෑම අයෙකුගේම දුරස්ථ  මානයකින් ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමකින් පසුව ඇතුළත් කර ගැනීම සිදුකරනු ලබයි .
 
එහෙත් බොහෝ දෙනා ඊට එකග නොවී එම ස්ථානවලින් ඇතුළත් වන බව ද දැක ගැනීමට හැකි විය.
 
මුඛ ආවරණ පැළඳීම කින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටන සියලු දෙනා 24 දින සිට ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවන බව වෙළෙඳ සංගමයේ සභාපති චන්න  ඇරැවුල මහතා පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටින පුද්ගලයන් සිටින වෙළඳ සැල් දින දෙකක කාලයක් වසා දැමීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව ව්‍යාපාරිකයින්  දැනුවත් කිරීම වෙළෙඳ සංගමයේ සභාපති වරයා විසින් අද(23 )දින  සිදු කරනු ලැබීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු මිල දී ගැනීම සඳහා පිරිස් පැමිණෙමින් සිටිති .
 
එමෙන්ම එළවළු අලෙවි කිරීම සඳහා ද දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල වලින් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට  විශාල වශයෙන් මේ දිනවල පැමිණෙමින් සිටිති..
 



අදහස් (9)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හදන්න බෑ වගෙයි

රජින්ද Thursday, 23 April 2020 06:42 AM

දඹුල්ල ආර්ථිකේ විතරක් නෙවෙයි මුළු රටේම ජනතාවෙන් 90%ක්ම මෙහෙම තමයි. හදන්නම බැහැ. උන් බහුතරයක් හැදෙන්න ඉන්නේ මුහුණු පොතෙනුයි, කටිනුයි විතරයි... ක්‍රියාවෙන් නොවෙයි. ඒ නිසා මේ වසංගතයෙන් පස්සේ රටේ මිනිස්සුන්ව මකල හදන වැඩපිළිවෙලත් පටන් ගමු.

:       1       487

slThursday, 23 April 2020 09:50 AM

විනය හදන්න නම් හැමෝටම අවුරුද්දක් යුධ හමුදා පුහුණුව අවි නැතිව අනිවාර්ය කලයුතුය. මේ ලෙඩේ වැපිරෙන්නේ මේ වගේ බහුතරය හින්ද

:       42       103

සමන්Thursday, 23 April 2020 12:37 PM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හදන්න බෑ . මතක නැතිද රටේ අගමැති අවුරුදු දවසේ හැමෝටම එළියට බහින්න එපා කියලා තංගල්ලේ කාල්ටන් නිවසේ අවුරුදු සැමරුවා. ඉහළින් වැරදි කරන්න එපා කියමින් ඔවුන්ම වැරදි කරනවා.

:       137       534

ruwanThursday, 23 April 2020 04:34 PM

ඕවා ඔහොම තමයි බං. දැන් ඔය හැමෝම කියනවා දේශීය ආර්ථිකයක් ගැන. වවාගෙන කමු කියලා. මට නම් හොඳටම ෂුවර් ඒක අයෙත් සිරිමාවොගේ කාලයට යෑමක් කියලා. සාමාන්‍ය මිනිස්සු දුක් විඳියි. ඒ අය සැප විඳියි.

:       207       397

ruwanThursday, 23 April 2020 04:37 PM

ඕවා ඔහොම තමයි බං. දැන් ඔය හැමෝම කියනවා දේශීය ආර්ථිකයක් ගැන. වවාගෙන කමු කියලා. මට නම් හොඳටම ෂුවර් ඒක අයෙත් සිරිමාවොගේ කාලයට යෑමක් කියලා. සාමාන්‍ය මිනිස්සු දුක් විඳියි. ඒ අය සැප විඳියි.

:       0       0

akaFriday, 24 April 2020 02:08 AM

සැමරුවා ගිය අවුරුද්දෙ.

:       0       0

ravi Thursday, 23 April 2020 07:14 AM

කියව.. කියව ඉන්න වෙලාවක් නෙමෙයි උදාවෙලා තියෙන්නේ...

:       0       36

chandima Thursday, 23 April 2020 04:04 PM

අතරමැදියන්ට ගානක් හොයාගන්න හදපු ඔය ආර්ථික මධ්‍යස්ථානේ වහල සමූපකාරයෙන්වත් එළවලු ගන්න ක්‍රමයක් හැදුවනම් වැඩේ ඉවරයි. රටපුර සමුපකාර කඩවලට අනුබද්දව එළවලු කඩ වුණත් අරින්න පුළුවනි.

:       0       25

janahitha Friday, 24 April 2020 06:13 AM

අන්න හරි. ඕක වහලම දාන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 912 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site