IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත වෙයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 15 කට පසුව අද (19) දින පෙරවරු 6.00 සිට නැවත ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිට ගොවීහු සිය අස්වැන්න රැගෙන පැමිණ සිටියහ.

දඹුල්ල නගරයේ සෑම මාර්ගයකම එළවළු ලොරි පෝලිං දැකගැනීමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය පස්වන දින  දිනනියමයක් නොමැතිව වසා දැමුනු අතර එහි පැමිණෙන ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව නොසිටීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබීය.

පසුව ගොවීහු දඹුල්ල නගරයේ තැන තැන තම අස්වනු තබාගෙන දින 15 ක පමණ කාලයක් එළවළු අලෙවි කළහ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙළෙඳ සංගමයේ සහ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකින් පසුව  අද සිට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තැබීමට උපදෙස් ලබා දුන්නේය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් අද උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර සවස 6.00 සිට 8.00 දක්වා එහි පිරිසිදු කිරීමට සැලසුම් කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලොරි 5000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති බවත් ගොවීන්ට උපරිම මිලක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසීය.

මුඛ ආවරණ නොමැතිව පැමිණෙන පිරිස් ඉවත් කිරීමටත් ඇතුළත රැඳී සිටීමේදී මුණ ආවරණ ඉවත් කරන පිරිස් මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමටත් පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.

 

 

 

 



අදහස් (0)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 912 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site