IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාවික හමුදාව ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පොළ-බස් රථ විෂබීජ හරණය කරයි

 

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොළ විෂබීජ හරණ කළේය.
 
‘කොවිඩ් 19’ වෛරසය ශ්‍රී ලංකාවේ  පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, වෛරසය ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ  උපදෙස් මත නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear)  හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
 
ත්‍රිකුණාමලය බස්නැවතුම්පොලෙහි සියලුම ස්ථාන, බස් රථ ඇතුලත විසබීජ හරණය කිරීම මෙහිදී සිදු කෙරිණි.

(නාවික හමුදා මාධ්‍ය අංශය) 



අදහස් (0)

නාවික හමුදාව ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පොළ-බස් රථ විෂබීජ හරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site