






(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සියලු ගොවියන්ට, ඇදිරි නීතීය අතරතුරදී ගොවි බිම් කරා ගොස් සිය දෛනික ගොවිපළ රාජකාරී කර ගැනීමට පොලිසියෙන් අවසර ලබා දී ඇතැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.ඒ.වීරසිංහ මහතා පවසයි.
කෙසේවෙතත් සමූහ වශයෙන් ඒකරාශී වී වැඩ කිරීම සහ වෙනත් ප්‍රදේශවලින් කම්කරුවන් ගෙන්වා ගැනීම සපුරා තහනම් බවත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.
රතු ලූණු, මිරිස්, බීට්, වම්බටු වැනි කල්පිටියේ භෝගයන් සඳහා දෛනික ජල සැපයුම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගෙන ඇත.
උදේ 7.00 සිට 8.00 දක්වා ගොවිපළ කරා යෑමටත්, දහවල 12.30 සහ 1.00 අතර කාලය යළි නිවසට පැමිණීමටත්, අනතුරුව පස්වරුවේ 4.00-4.30ත් අතර යළි ගොවි බිම් කරා ගොස්, පස්වරු 6.00ට ආපසු නිවෙස් කරා පැමිණීම වශයෙනි.
මේ සේවා කාලයන් ගොවීන් හා පැවති සාකච්ඡාවකින් අනතුරුව ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගොවිබිම් කරා යෑමට කල්පිටියේ ගොවීන්ට අවසර