







ශ්රී ලංකා නාවික හමුදාව විසින් අද (21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
මාධ්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත පැමිණෙන බැවින් එම පැමිණෙන්නන්ගේ ආරක්‍ෂාව උදෙසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජ හරණය කර දෙන මෙන් එම ආයතනය මගින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සියලුම ස්ථානයන් ආවරණය වන පරිදි විෂබීජ හරණ කටයුතු සිදු කළේය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජහරණ කරයි
chandima Saturday, 21 March 2020 06:09 PM
අපට දැන් මැරෙනකල් සින්දු අහන්න පුළුවනි. බයේ උන්නේ ඕකත් වහයි කියලා.