







ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
මාධ්‍යවේදීන් සහ වෙනත් පුද්ගලයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත පැමිණෙන බැවින් එම පැමිණෙන්නන්ගේ ආරක්‍ෂාව උදෙසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය විෂබීජ හරණය කර දෙන මෙන් එම ආයතනය මගින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සියලුම ස්ථානයන් ආවරණය වන පරිදි විෂබීජ හරණ කටයුතු සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට දැන් මැරෙනකල් සින්දු අහන්න පුළුවනි. බයේ උන්නේ ඕකත් වහයි කියලා.