හැටන් නගරයේ කුසගින්නේ සැරිසරන සුනඛයින්ට ආහාර සහ පානිය ජලය ලබා දිමේ වැඩසටහනක් හැටන් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබේ.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමත් සමග හැටන් නගරයේ ආපන ශාලා සහ මාළු අලෙවි සැල් වසා දැමිම හේතුවෙන් එම වෙලදසැල් වලින් ඉවතලන ආහාර ගැනිමෙන් ජිවත් වු අයාලේ යන සුනඛයින් ගත වු පැය කිහිය තුල කුසගින්නේ සිටිහ.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා සිදුකරන්නේ අති මහත්වූ පුණ්‍ය කර්මයක්. මේ පිනම ඇති ඔබලාට සුගතගාමි වීමට.
වටිනා දෙයක්... මෙම වෙලේ මිනිස්සු ටවුමෙ නැති නිසා මෙවැනි සතුන්ටත් කෑමබීම නැහැ. ලොකු පිනක්...
කෙනෙකුට කතා කර අහාර ඉල්වා ගත නොහැකි තිරිසන් සතුන්ට අහාර වේලක් ලබා දීම මහා පුණ්‍ය කර්මයක්.
නගරවල සහ විවිධ ආයතනවල ඉන්න බල්ලන් පව්. අපේ කැම්පස් එකෙත් ඉන්නවා
අද විතරක් නොවෙයි ඇදිරි නීතිය තියෙන හැමදිනම තුන්වෙල කන්න දෙන්න ඒ අය රටෙ පුරවැසියෝ
ඇත්තටම පින් ඇති වැඩක් ... මෙ අය වලිගය වනලා හරි ස්තුති කරාවි
එම සතුනුත් අපේ රටේ ඉපදෙන්න යම් හේතුවක් තියෙනවා . ඔවුන් මේ රටේ සත්තු . ඒ නිසා ඔවුන් ගැනත් අනිවාර්යෙන්ම හොයල බලන්න ඕන .... පොලිස් මහත්වරු සහ හදවතක් ඇති ජනතාව කරන මේ වැඩේ නම් ඉතාම අනර්ගයි .
ගොඩක් පින්. පොලිසියෙ මෙවන් පින්වත් මහත්තුරු ඉන්නව කියල දකිනකොට ගොඩක් සතුටුයි.
මම හිතනවා යහපත් වැඩක්. නමුත් කව්ද බලන්නේ එදා වෙල හොයාගෙන කාපු අය ගැන.. බලන්ට කන්න දුන්න එකට මම විරුද්ද නැහැ ... අහිංසක මිනිස්සු ගැනත් බලන්න .. බුදු සරණයි ... පින්
ලොකු පින් වැඩක් අපේ පොලිසියට මගේ ප්‍රණාමය ,
වසර මිලියන ගණනකට පෙර .. මේත් අපේම අය. අපේ නෑයින් ගස් වලින් බැහැලා .. ටිකෙන් ටික කොන්ද කෙලින්කරගන්න උත්සාහ කරන අවධියත් පසුකරලා .. මහා වනයෙන් එළිමහනට ආවාලු. එයිනුත් කාලයකට පස්සේ ඒ වානර මිනිසා , එකියන්නේ අපේ ආදිම නෑයා..!!! එයා වැස්සෙන් අව්වෙන් බේරෙන්න, අඹු දරුවන් ආරක්ෂා කරගන්න ගල් ගුහා තෝරා ගත්තා. ඒ අතරේ තවත් දෙයක් සිදුවුනා ..අපේ නෑයන්ගේ ඉව ඔස්සේ වනයෙන් ටිකක් එලි පෙහෙලියට ආව වෘකයින් තමයි මේ අපි කතාකරන සුනකයින් නොහොත් මිනිසාගේ ලඟම මිතුරාගේ නෑයින්වෙන්නේ.ඉතින් එදා ඉඳලාම එගොල්ලෝයි අපියි ඉතාම ලඟින් දුක සැප බෙදාගෙන,එකිනෙකා ආරක්ෂා කරගෙන ජිවත්වුනා. ඒවගේම " පරිණාමය" දිගින් දිගටම සිදුවුනා .අදත් සිදුවෙනවා.
අන්තර්ජාලය මගින් අපිට දකින්න පුළුවන් රටවල අතහැර දැමූ සුරතල් සතුන් වෙනුවෙන් අනාථාගාර හදලා තිබෙනවා. සත්ව කරුණාවත්, මානව දයාවත්, සමසමව සලකා බැලිය යුතුයි.
මෙවැනි සෞඛ්‍ය අතින් පරිස්සම් වෙන්න ඕන වෙලාවක මේ බොදු දහම අගයන ජනයට සහ පොලිසියේ මහතුන්ට මගේ ස්තුතිය... ඔබලා සහ පව්ල්වල සැවොටම මගේ මහත් ප්‍රශංසාව ... බුදුන්ගේ සරණින් රෝගයෙන් පරිස්සම් වෙලා ඉන්න ....